Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
28
"ඇය සුරක්ෂිතයි. ඇයට සියලු ප්‍රතිකාර ලැබෙනවා.." - මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගී කාන්තාව ගැන වෛද්‍යවරුන් හෙළි කළ දේ -Video

- "ඇය සුරක්ෂිතයි. ඇයට සියලු ප්‍රතිකාර ලැබෙනවා.." - මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගී කාන්තාව ගැන වෛද්‍යවරුන් හෙළි කළ දේ -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,014 Views
වැළඳුණු බවට සැක හෝටල් සේවිකාවකුත් රෝහලට..
ආසාධිත චීන කාන්තාව ගැන අනාවරණය වූ දේ..
ආසාදිත රෝගියා ගිහිල්ලා තියෙනවා හොටෙල් කිහිපයකට..
 
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නිරෝධායනය කර සිටින බවත්, ඇගේ තත්ත්වය බරපතල නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
 
රෝග විනිශ්චයේදී අනාවරණය වී ඇත්තේ ආසාදිත චීන කාන්තාව දින 5 ක් පුරා මෙරට විවිධ නගරවල සංචාරය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු නව කොරෝනා වෛරසය ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.
 
සංචාරයක් සඳහා පසුගිය 19 වනදා ඇය මෙරටට පැමිණ ඇත්තේ තවත් කණ්ඩායමක් සමගින්.
 
ඇය සිය සංචාරයේදී මීගමුව, සීගිරිය, මහනුවර, නුවරඑළිය සහ දකුණු මුහුදු ප්‍රදේශවල සංචාරය කර තිබෙනවා.
 
සිය සංචාරයේ අවසන් දින කිහිපය තුල ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාල චීන කාන්තාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුලත් වී ඇත්තේ පසුගිය 25 වනදායි.
 
ඇය සමග පැමිණි සෙසු සංචාරකයින් මේ වන විට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
 
වෛද්‍ය පර්යේෂණ ආයතන සිදු කළ මූලික පරීක්ෂණ වලදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර වෛරසයේ ජානමය ස්වරූපය අධ්‍යයනය කිරීම සඳහා සාම්පල විදේශ රටකට යොමු කෙරෙනු ඇති.
 
මාධ්‍යවේදියා - මම කැමතියි දැනගන්න IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය සම්බන්ධයෙන්.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ - දැන් ඇය බරපතල තත්ත්වයේ නැහැ.
මාධ්‍යවේදියා - ඒ කියනේනේ ඇගේ තත්ත්වය සුබදායීද?
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ - මට රෝග සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න බැහැ. නමුත් ඇය සුරක්ෂිතයි. ඇයට සියලු ප්‍රතිකාර ලැබෙනවා. දෙවන ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙලත් ආරම්භ කළා. ඇය සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ පසුවනවා.
මාධ්‍යවේදියා - ආසාදිත රෝගියා දැන් ගිහිල්ලා තියෙනවා හොටෙල් කිහිපයකට. එතකොට ඒවා පරික්ෂාවට ලක් කරනවද?
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ - ඒ ඉඳපු දැන් දන්නවා. එතකොට ඒ සෙඛ්‍ය කාර්ය මණ්ඩල ඒ ආයතන වලට ගිහිල්ලා අවශ්‍ය උපදෙස් සහ ගතයුතු පියවර සම්බන්ධයෙන් කටයුතු කරනවා දැන්.
 
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන සංචාරක හෝටල් සේවකයෙක් අද පස්වරුවේ බලපිටිය මූලික රෝහලට ඇතුලත්ව ඇති අතර එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත මාරුකර යැවුණා.
 
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන තවත් රෝගීන් කිහිප දෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  7,226 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,491 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,124 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,747 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,752 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,051 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,063 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,575 Downloads



Top 10 Commenters

Latest Comments

Top