කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වී ඇති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිර වී සිටින සිය වැසියන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජපානය ඇතුළු රටවල් කළ ඉල්ලීම්වලට චීන බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ලක් රජය ද වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා ගුවන් යානයක් ගොඩබෑමට අවසර ඉල්ලා තිබෙනවා.
වූහාන් ඇතුළු හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ල මේ වන විට වසා දමා ඇති අතර, ඉන් පිටවීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැහැ.
මිලියන 11ක ජනගහනයකින් යුත් වූහාන් නගරයේ විදේශිකයන් විශාල පිරිසක් සිටින බව සඳහන්.
එය සාපේක්ෂව අඩු වී ඇත්තේ ලූනා නව වසරේ නිවාඩුවට පෙර ඔවුන් ඉන් පිටවීම හේතුවෙන්. වූහාන් නගරයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකාව ගුවන් යානයක් යැවූ අතර එය නික්මීම කල් දැමීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ.