Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
26
"සුරය තෙල්වලින් පිරේවි. සුරයයි කුප්පියයි අරගනින්. අණට කීකරුවෙලා වැඩ කරපන්" - මිනිස් වර්ගයාට සෙත සැලසූ ගුරුකම් කන්දේ හාමුදුරුවන්ගේ ආත්මය තවමත් සැරිසරනවාද? - Photos

- "සුරය තෙල්වලින් පිරේවි. සුරයයි කුප්පියයි අරගනින්. අණට කීකරුවෙලා වැඩ කරපන්" - මිනිස් වර්ගයාට සෙත සැලසූ ගුරුකම් කන්දේ හාමුදුරුවන්ගේ ආත්මය තවමත් සැරිසරනවාද? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,845 Views
ගුරුකම් පරපුරක් නොහදන අයෙකුට මෙම ගුරුකම ලබාදිය යුතුයි.......

දැන් මම යක්ෂ සෙන්පතියෙක්. එක් යක්ෂ කොට්ඨාසයක් පාලනය කරන්නේ.......

ඔබ අසා තිබේද අපවත්වූ භික්ෂූ ආත්මයක නැවත ඉපදීමක් ගැන. ඔබට විශ්වාස කළ හැකිද එසේ වඩින භික්ෂු ආත්මය ගුරුකම් ආත්මයක් බව. ඔබට හැකියාවක් තිබේද ඔබ විශ්වාස නොකරනවායැයි කියන මෙම කතාව නොකියවා සිටීමට.

කතාව දිවයන්නේ දිස්ත්‍රික්ක දෙකක් අතර. එක් දිස්ත්‍රික්කයක් අම්පාර. හෙළ ඉතිහාසයට මායිම්වූ දුෂ්කර ගමක්. ගරා වැටුණු ඉපැරණි පන්සලක්. අනෙක් දිස්ත්‍රික්කය රත්නපුර. රක්වාන රක්ෂිතය ආසන්න ගමක්. භූමිය මතුපිට සහ භූමිය ඇතුළත ගුප්ත හැඟුම් දනවන රහස් රැසක් සඟවාගත් ගුරුකම් කන්දක්.

කතාවේ නායකයා වෙන්නේ බිහිරි හාමුදුරුවෝ. බිහිරි හාමුදුරුවෝ කියන්නේ සිල්වත් යතිවරයන් වහන්සේ නමක්. ඒ වගේම ඇඟ පුරා ගුරුකම තිබුණු භික්ෂූන් වහන්සේ නමක්. ඒ කාලේ බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළේ වැඩි වශයෙන් මේ ගුරුකම් කන්දේ. අම්පාරේ ගියේ කෙම්මුර දිනවලදි විතරයි. ඒ ගුරුකම් වැඩවලට. ඒ දවස්වලට බිහිරි හාමුදුරුවන්ගේ පන්සල පිරෙනවා අතුරු සිදුරු නැතුව. ගමේ අයගෙන් වගේම ගමෙන් පිට අයගෙන්. උන්වහන්සේගේ ගුරුකම් හරි බලවත්. කළොත් කළාම තමයි.

අද බිහිරි හාමුදුරුවන් නැහැ. ඒ වුණත් උන්වහන්සේගේ මතකය තවමත් ගමේ තියෙනවා. මේ වෙනකොට උන්වහන්සේ අපවත්වෙලා. පන්සලත් නැභැ. ගරාවැටුණු නටබුන් විතරයි දකින්න පුලුවන්. ඒක එහෙම වෙන්නෙ එක්තරා හේතුවක් මත. ඒ මෙම හේතුව. බිහිරි හාමුදුරුවන්ට මේ ගුරුකම උරුම වෙන්නේ නියමයන් තුනක් මත. ඒ මෙම නියමයන්.
මෙම ගුරුකම සම්බන්ධව ගෝල භික්ෂු පරපුරක් නොහැදිය යුතුයි.

ගුරුකම මෙම ආත්මයේ තම ලේ නෑයන් කිසිවෙකුටත් නොදීම සහ ඔවුන්ගෙන් ගුරුකම් පරපුරක් නොහැදිය යුතුයි.

ගුරුකම් පරපුරක් නොහදන අයෙකුට මෙම ගුරුකම ලබාදිය යුතුයි.

හාමුදුරුවන්ට කිව්වේ බිහිරි හාමුදුරුවෝ කියන නම. හාමුදුරුවෝ උප්පත්තියෙන් බිහිරි නැහැ. බිහිරි වුණේ පස්සෙ කාලෙක. ඒකට හේතු වුණෙත් ගුරුකමක්. අපේ ආතලා මුත්තලා කියන විදිහට උන්වහන්සේ බෝර නොදා කළුගල් පුපුරවන්න දක්ෂයා. ඒ ගුරුකම් බලයෙන්. මුලින්ම කරන්නෙ පුපුරවන කළු ගල මැද මෙලෙක් කිරීම. ඊළඟට කුහරයක් හැදීම. බෙහෙත් පුරවන්නෙ ඉන් පසුව. අන්තිමට කරන්නෙ බෙහෙත් පුරවපු කුහරය ඇතුළට නූලක් දාලා අනිත් කෙළවර අතින් අල්ලගෙන ජප කිරීම.

මේ ගුරුකමේදී සිදුවෙන්නේ කළුගල ඉරි තලල වෙන්වෙන එක. එන්නෙ නැහැ සද්දයක් බෝර දානකොට වගේ. විසිවෙන්නෙ නැහැ ගල් හැමතැනම. වෙන්නෙ එක දෙයයි. ඒ ගල් කුහරයට දමපු බෙහෙත් වටේටම විසිරීම. ඒ විසිවෙන්නෙත් රත්වුණු බෙහෙත්. ඒ හින්දා හාමුදුරුවෝ මේ ගුරුකම කරනකොට ස්නානය කරනවා විශේෂ බෙහෙත් වතුරකින්. එදා හාමුදුරුවො බෙහෙත් වතුරෙන් ස්නානය නොකිරීමේ වරද වුණේ බිහිරි බවට පත්වීම. ඒ විසිවුණු බෙහෙත්වල සැර දුමාරය කන්වලට ඇතුල්වීමෙන්. එදා ඉඳන් හාමුදුරුවෝ ජනප්‍රිය වුණේ බිහිරි හාමුදුරුවෝ කියන නමින්.

බිහිරි හාමුදුරුවෝ අයිති වෙන්නේ වසර පන්සීය ඉක්මවූ පරම්පරාවකට. ඒ ගුරුකම් පරම්පරාවක්. ඒ වගේම තමයි බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය අයත් වෙන්නේ ගුරුකම් ශාස්ත්‍ර තුනකට. ඒ හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම, රාවණ ගුරුකම කියන ගුරුකම් ත්‍රිත්වයට. ගුප්ත විද්‍යාවෙ මේ ගැන තිබෙන නියමයයි මේ.

යම් පරම්පරාවක් හෝ පරම්පරාවක යම් කිසිවකු සතුව මෙම ගුරුකම් තුන පවතියිද, එම පරම්පරාව හෝ එහි කිසිවෙකු මෙම ගුරුකම් හදාරා තිබේද, ඔවුන් සතුව පොළව මතුපිට, පොළව ඇතුළත සියලු සම්පත්හි හිමිකම ගුරුකම් බලයන් මතින් සතුව පවතියි.

බිහිරි හාමුදුරුවන් සතුව තිබුණා සුවිශේෂී ශක්තීන් දෙකක්. ඉන් එකක් මන්ත්‍ර බලය. අනෙක් එක ද්‍රව්‍ය බලය. මන්ත්‍ර බලය දෙන්නේ වචන. ද්‍රව්‍ය බලය දෙන්නේ වස්තු. මේ බිහිරි හාමුදුරුවන්ට ඒ බලයන් දෙකම ලබාදුන් වස්තු සමූහය.

1 මන්ත්‍ර යෂ්ටිය
2 දිෂ්ටි පාත්‍රය
3 ආරූඪ වට්ටිය
4 ගුරුකම් පෙට්ටගම
5 වසර දහසක් පැරණි පුස්කොළ පුස්තක
6 ජප තැටිය

මේ හැම ගුරුකම් වස්තුවකටම කවලා තියෙනවා බලයන්. ඒ පාරම්පරික ගුරුකම් බල තුන. ඒ ගුරුකම් බල තුන දන්නා කෙනෙක් අතට මේ වස්තුන් ලැබීම කියන්නේ එම අයට පොළව මතුපිටටත්, පොළව ඇතුළටත් ඕනෑම ගුරුකමක් කළ හැකියි කියන එක. ඒ වගේම ගුරුකම් වලින් කිසිවකු මරණයට පත්කිරීම තහනම්. ඉන් මෙහා ගුරුකම් සියල්ලට අවසර හිමියි. මේ නිසාම බිහිරි හාමුදුරුවන් ගුරුකම් කළේ යම් සීමාවන්, ප්‍රතිපත්තීන් වලට යටත්ව. ඒ කොටස් හතරකට යටත්ව. ඒ මෙම කොටස්.

1 නිදන් වස්තු ආරක්ෂා කිරීම
2 පුරාවස්තු රැකීම
3 රට, ජාතිය සුරැකීම
4 මිනිස් වර්ගයාට යහපත සැලසීම

බිහිරි හාමුදුරුවන් අපවත් වුණේ අදින් අවුරුදු හැටකට පෙර. ඒ අපවත්වීම ස්වභාවිකවම සිදුවූවක්. උන්වහන්සේගේ අපවත්වීමට අදාළව තියෙන්නේ විශේෂ කතාවක්. එම කතාවේ ප්‍රධාන කාරණය වෙන්නේ අපවත් වනවිට බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය කොටස් දෙකකින් යුක්ත වීම. ඒ මෙම ආකාරයට.

1 සිල්වත් භික්ෂු ආත්මය
2 බලවත් ගුරුකම් ආත්මය

මෙතනදි මේ දෙය පැහැදිලිව කිව යුතුයි. ඒ එකම මනුෂ්‍ය ශරීරයකට ආත්ම දෙකක් නොපිහිටන බව. එසේ නම් ආත්ම දෙකක පිහිටනවා යැයි කීමේ වෙනත් අර්ථයක් තිබිය යුතුයි. එම තර්කය සත්‍යයක්. එය ගුරුකම් නියමයන් වල දක්වා තිබෙනුයේ මෙලෙසින්.

යම් කිසිවකු හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම, රාවණ ගුරුකම යන ගුරුකම්හි නිරත වන්නේනම්, එකී අයගේ ශරීරය තුළ පවත්නා ආත්මයට එම ගුරුකම් තුනට අදාළවන ආත්මයන් ආරූඪ වෙයි. එවන් අයෙකුගේ ශරීරයෙන් ජීවය රැඳුණු ආත්මයන් නික්ම යනවිට, එම ජීවී ආත්මය නව උපතක් කරා යන විට, එම ආත්මය සමඟ බැඳුණු ගුරුකම් ආත්ම තුන, පෙර පැවති බලය හා සමාන බලයක් තිබෙන ආත්මයක් ඇති ශරීරයකට ඇතුළු වෙයි. එවිට පෙර ආත්මය ලබා තිබූ බලයන් ක්‍රියාත්මක වීම සිදුවෙයි.

බිහිරි හාමුදුරුවන් අපවත් වනවිට හාමුදුරුවන්ගේ මිනිස් ආත්මය වෙනත් ආත්ම භවයක උත්පත්තිය ලබන විට උන්වහන්සේගේ ගුරුකම් ආත්ම තුන වෙනත් ශරීරයකට ආරූඪ වෙන්නේ එම ආකාරයට. මෙම ආරූඪය විශේෂයක් සහිතයි. ඒ ආරූඪය අවශ්‍ය මොහොතට ශරීරයට ගෙන්වාගත හැකිවීම සහ, අවශ්‍ය මොහොතක ශරීරයෙන් පිටත් කිරීමට තිබෙන හැකියාව. බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය ශරීරයට ආරූඪ වීමට කළයුතුයි යම් පිළියමක් මෙම ආකාරයකට.

ඒ දිනපතා සූනියන් දෙවියන්ට පහනක් තැබීම. ඒ චාරිත්‍රය ලබා දෙන්නේ යම් බලයක්. ඒ බලය මතින් යම් ගුරුකමක යම් තෝරා බේරා ගැනීමක් කළයුතු අවස්ථාවක කළ යුතු ප්‍රතිකර්ම, වත් පිළිවෙත්, සූනියන් දේවතාවා සිහිනෙන් පැවසීම සිරිතක්. එසේ කරන්නේ සූනියන් දේවතාවා වැඩීමෙන්. සූනියන් දේවතාවා වඩින්නේ මැදියම් රැය පසුවී හෝරාවකට පසුවයි. ඒ ඇවිත් සිහිනෙන්ම යම් තැනකට යනවා කැඳවාගෙන. ඒ යන තැන අඳුරුයි. ගුප්තයි. එතනදි කියනවා මෙහෙම දෙයක්.

දිගටම පහන තියපන්. බලවත් කෙනෙක් එයි. ඒ ගුරුකම් හාමුදුරු ආත්මයක්. එන්නෙ ගිහි ආත්මයෙන්.

එහෙම කියලා අතුරුදන් වෙනවා එකපාරටම. ඒ එක්කම මතුවෙනවා රූපයක්. එයා ඉන්නෙ සුදු ඇඳගෙන. සුදු ජටාවක් හිස බැඳගෙන. තියෙනවා අතේ යෂ්ටියක්. රත්‍රන් පාට. එනවා ළඟටම. දික්කරනවා යෂ්ටිය ඒක අල්ලන්න ඕනැ. එතකොටම එකපාරටම ගැස්සෙනවා. එතකොටම ඇහැරෙනවා. ඇඟට දැනෙනවා පුදුම අමාරුවක්. ඔලුව බර යි මත්වෙලා වගේ.

දැනෙන්නෙ මෝහනය වීමක් වගේ. ඒ එක්කම ඇඟට එනවා යම් දෙයක්. ඒ ඇඟට බර ගතියක්. ඇඟ හිරවෙනවා. හිතට දැනෙනවා ඒ ආත්මයක් බව. ඒ දිෂ්ටියක්. ආරූඪයක්. ආරූඪය කියනවා මෙහෙම. ‘දැනගනින්. මම බිහිරි හාමුදුරුවෝ. ආවේ සූනියන් දේවතාවගේ අණින්. උදේම පලයන් පන්සලට. මේසෙ උඩ ගල් කුප්පියක් ඇති. ඒක අරගනින්. ලාච්චුවෙන් හිස් සුරයක් ගනින්. ගල් කුප්පිය ළඟ තියලා මන්ත්‍රයෙන් ජප කරපන්. සුරය තෙල්වලින් පිරේවි. සුරයයි කුප්පියයි අරගනින්. අණට කීකරුවෙලා වැඩ කරපන්. දැන් මම යක්ෂ සෙන්පතියෙක්. එක් යක්ෂ කොට්ඨාසයක් පාලනය කරන්නේ.’

බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළ අම්පාරේ ගමත්, උන්වහන්සේගේ ගුරුකම් ආත්මය ආරූඪ වෙන රක්වාන රක්ෂිතයේ ගුරුකම් කන්ද කියන්නෙ ආරක්ෂා කළයුතු ප්‍රදේශ දෙකක්. ඒ එය යම් වටිනාකමකින් යුතුවීම. භූමිය මත මෙන්ම භූමිය ඇතුළත රක්ෂා කළ යුතු බොහෝ වස්තුන් වලින් එම ප්‍රදේශයන් පොහොසත්.

වනගත මේ ගම් දෙකේ වැසියන්ගේ විශ්වාසය බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මයේ බැල්ම මේ වස්තුන් රකිනවා යනුවෙන්. ගම් අතර තියෙන මෙම කතාව ඒකට හොඳම උදාහරණයක්. මේ පින්තූරවල තියෙන්නේ බිහිරි හාමුදුරුවන් නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කළ වස්තු කිහිපයක පින්තූර.

මේ තෙල් බෝතලයක්. හදලා තියෙන්නේ ගල්වලින්. වටේට කොටලා තියෙන්නේ අක්ෂර මාලාවක්. මෙය බල සහිතයි. සම්පූර්ණවම තනි ගල ඇතුළත හිස්. මේක හදපු තාක්ෂණය දැන් අහිමියි. මේක හෙළයේ ඉපැරණි තාක්ෂණයක්. ඒ තාක්ෂණය වෙන්නේ ගලක් හැදීම. ඒකට අවශ්‍ය වෙන්නෙත් ගලක්. මේ ගලට මිශ්‍ර කරනවා බෙහෙත් වර්ග කිහිපයක්. ඒ ස්වභාවික ශාඛ වර්ග වගේම පොළවේ ඛනිජ වර්ග කිහිපයක මිශ්‍රණයක්. මිශ්‍රණයට මිශ්‍ර කරන්නෙ නැහැ වතුර. කොටන ශාඛ වර්ගවල ඉස්ම විතරයි ගන්නේ.

ඒ මිශ්‍රණය නියමිත නැකැත් කාල හෝරා වලදි එකතු කරනවා ගලට. එතනදි ගල මෙලෙක් වෙනවා. ඊට පස්සේ මැටි අනනවා වගේ මෙලෙක් වුණු ගල අනන්න පුලුවන්. අවශ්‍ය හැඩතලය අරගෙන ගල ආයෙත් හදනවා පිහිටි ගල විදියටම. පිහිටි ගල හදන්න ඉස්සෙල්ලා කරන්නෙ නිදන් කළ යුතු වස්තු හදපු ගල මැදට දැමීම. මේ වගේ ගල් බෝතල් භාවිතා කරන්නේ ක්‍රම දෙකක් වෙනුවෙන්. එකක් වෙන්නේ හින්දපු බලගතු තෙල් වර්ග නිදන් කිරීමට. අනෙක වෙන්නේ වටිනා මැණික් ගල් වර්ග නිදන් කිරීමට.

මේ ගල් බෝතලයේ තියෙනෙවා යම් විශේෂත්වයක්. ඒ මේ ගල් බෝතලය විවෘත කිරීමට ගුරුකම් ශාස්ත්‍රයම යොදා ගැනීමට සිදුවීම. එහෙම වෙන්නේ ගල් බෝතලය සීල් තබා තිබීමෙන්. එසේ නොකර යම් කැඩීමක් බිඳීමක් මාර්ගයෙන් විවෘත කිරීමට කරන උත්සාහයන් වලදි සිදුවෙන්නේ ගල් බෝතලය ඇතුළත ඇති දෙයට හානිවීම. බල රහිත වීම. මේ ගුරුකම් වල නියමය. තැන්පත් කිරීම. මේ ඒ ක්‍රමයට හදපු එකක්. ගුරුකමේදි මෙය හඳුන්වන්නේ ගල් බෝතල කියන නමින්. මේක තමයි ගුරුකම් අගුල.

මේ වටේට තියන වාටිය සවිවෙන්නේ පිහිටි ගල ඇතුළට තියෙන හිඩසකට. පිහිටි ගලේ ඒ හිඩස හදලා තියෙන්නෙත් ගල දියකිරීමෙන්. ඒ හිඩසට පීරිසියේ නෙරපු කොටස බැස්සුවහම වටේට තියෙන වාටිය හේත්තු වෙන්නේ පිහිටි ගලට. ඊට පස්සේ සවිකරපු ගල වටේට ගාන්නේ විශේෂ ශාක බෙහෙතක්. එතනදි දකින්න පුලුවන් වෙන්නේ තනිකරම පිහිටි ගල.

රක්වාන රක්ෂිතය මායිමෙන් පිට තිබෙන මෙම ගුරුකම් කන්ද අතිශය අත්භූත තැනක්. ගුරුකමට අදාළ ගුප්ත බලවේගයන්ගේ නිජබිමක්. තෝතැන්නක්. හැම තැනකම, හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ නොපෙනෙන බලවේගයන්. මේ කන්දට යාමට තිබෙනවා ආරක්ෂක දොරටුවක්. එතනින් කන්දට ගියොත් විතරයි කරදරයක් නොමැතිව කඳු මුදුනට යා හැක්කේ. නොඑසේනම් මංමුලාවීම්, මග වැරදීම් ගුප්ත බලයන්ගේ හිරිහැරවලට ලක්වීම්වලින් ගැලවීගත නොහැකියි.

මේ ආරක්ෂක දොරටුවේ තියෙනවා සිතියමක්. ඒ තමයි මාර්ග සිතියම. මේ සිතියම තියෙන්නේ පැතලි ගලක. ඒ ලොකු කොටුවක කොටපු පොඩි පොඩි කොටු රැසක්. මේ සිතියම කියවන රහසම, රහසක්. මට ඒ රහස ලැබෙන්නේ බිහිරි හාමුදුරුවන්ගෙන්. හාමුදුරුවො ඒ රහස මට දෙන්නෙ නියමයන් හතරක් මත. ඒක ජීවිතය පුදා ආරක්ෂා කරන පොරොන්දු හතරක්. මේ ඒ පොරොන්දු හතරයි.

1ගුරුකම් පරපුරක් නොහැදිය යුතුයි.
2 ගුරුකම වැළලිය යුතුයි.
3 ගුරුකම කිසිවෙකුටත් නොදිය යුතුයි.
4 පිහිට පතා එන්නන්ට පිහිටවිය යුතුයි.

ඇත්තම කිව්වොත් මේ කන්ද ගුප්ත ගම්මානයක්. ඇස්වලට නොපෙනුනත් මෙහි දැකිය හැකියි ගුප්ත බලවේගයන්ගේ පාලනයක්. ඔවුන් හැමවිටම ක්‍රියාකාරී වෙමිනුයි සිටිනුයේ. ඒ වගේම හැම මොහොතකම ගුරුකම්වලට සම්බන්ධවයි සිටිනුයේ. ඒ ගුරුකම් බලය ලබාදීමෙන්. මේ හැම දෙයක්ම පිටුපස සිටින්නේ අපවත්වුණු බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය.

ගුප්ත කන්දේ වැඩ වාසය කරනුයේ යහපත් ගති ලක්ෂණ වලින් පිරුණු ශක්තිවන්ත ගුප්ත බලවේගයන්. ඔවුන් සිටිනුයේ උපකාර කිරීමට පමණයි. ගුප්ත කන්ද අස්වාභාවික හෝ බියගෙන දෙන කන්දක් නොවේ. මළගිය ආත්ම, පහත් ගති ඇතියවුන්, හානිකර විපත් ගෙනදෙන්නවුන්, මිනිස් ඇසුරට නුසුදුසුවූවන් මෙහි දැකගත නොහැකියි. එම භූමිය මිනිස් ජීවිත පිළිබඳ සැඟවුණු ගුප්ත කරුණු හෙළිකරන ස්ථානයක්. කන්දේ තිබෙණුයේ භීතිය හෝ මවිතය දනවන විස්මිත තොරතුරු හෝ සිදුවීම් නොවේ. ජීවිතයේ පැවැත්මට උපකාරී වන යහපත් බලවේගයන්ගේ එකමුතුවයි. මේ ඉන්ද්‍රජාල ගුරුකමේ මූලික න්‍යාය. ඒකෙ තේරුම මේ විදියයි.

ගුරුකම් බලය කවනු ලැබූ යම් තැනක් වේද, එහි ගුරුකම් බලය බිඳිය හැක්කේ පෙර කවනු ලැබූ ගුරුකම් බලයෙන්ම පමණයි මෙහි කියැවෙන අනෙක් විශේෂම දෙය වනුයේ ලොව පවත්නා සියලු ගුරුකම් එක් විශේෂ ගුරුකමකට යටත්ව පවතින බවයි. එම ගුරුකමට සියලු ගුරුකම්හි බලයන් බිඳිය හැකි බවයි. ඒ වූකලී හෙළ ගුරුකම, ඉන්ද්‍රජාල ගුරුකම්, රාවණ ගුරුකම යන ගුරුකම් තුන එකතුවූ ගුරුකම පමණක්මයි.

මේ ගුප්ත බලවේගයන්ට හැමවිටම තියෙන්නේ රහස් ජීවිත. ඒ රහස් ජීවිත අවදි කළ හැක්කේ ගුරුකම් ශාස්ත්‍රය මනාව දත්, එය සමග ගනුදෙනු කළ හැකියවුන්ට පමණයි. ඔවුනුත් හැමවිටම තම තමන්ගේ ශක්තීන් වැඩි දියුණු කරමිනුයි සිටිනුයේ. එහි අදහස තම බලය වඩාත් වඩවා ගැනීමයි. මොවුනුත් ගුරුකම් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි.

ගුප්ත ලෝකයේ හැමවිටම පවතිනුයේ නිශ්ශබ්දතාවයක්. නිශ්චලතාවයක්. අඳුරු පරිසරයක්. කලබලකාරිත්වයෙන් තොරයි. ලොව බිහිවුණුදා සිට පවතින ගුප්ත ලෝකයට අදාළ නියමයන් සහ ප්‍රතිපත්තීන්වලට අනුව ජීවත්වීම අනිවාර්ය කරුණක්. මිනිස් ලොව මෙන් ඔවුන්ද නීති රීති සමූහයකට යටත්. එම නීති රීති සමූහය ඔවුන්ට හිමිකර දෙනුයේ තමන්ගේ ස්වාමියාගේ අණ පිළිපැදීමේ උතුම් ගුණාංගය. එය එසේ නොවුණු කල සත්‍යය හිමි නොවෙයි. ප්‍රතිපල නොලැබෙයි.

මෙම තත්ත්වය මත ගුප්ත ලෝකයට ශක්තිය ගෙන දෙන ස්වයං ශක්ති මන්ත්‍රයක් ගුප්ත බලවේගයන්ට හඳුන්වාදී තිබේ. එය ගුප්ත බලවේගයන් හැමවිට පුරුදු පුහුණු විය යුතුයි.
මේ එම මන්ත්‍රයයි.

1 සකල බලය මමයි.
2 සකල වීර්යය මමයි.
3 සකල අණ මටයි.
4 ස්වාමියාගේ යම් අණක් වේද, එම අණ ඉටු කිරීමේ සියලු ශක්තිය මා සතුයි.

මේ ගුප්ත ලෝකයේ දළ හැඳින්වීමයි.

මේ ලෝකයේ තියෙනවා සක්වළ ගොඩක්. එම සක්වළවල් සියල්ල එකතු වෙන්නේ එක් සක්වලකට. ඒ මහා සක්වළට. මේ ගුරුකම් අයත් ගුප්ත විද්‍යාවේ නියමයක්. එහි අදහස ගුප්ත විද්‍යාව සක්වළ හතකට ලෝකය බෙදා තියෙනවා කියන එක. මෙම සක්වළ හතේම බලයන් එකකට එකක් සම්බන්ධවීම ස්වභාවිකයි. ගුප්ත විද්‍යාවේ බලවත් තන්ත්‍ර අදාළ බලයන් පිහිටුවීමේදී මේ සක්වල හතේම ගුරුකම් වල බල එකක් වීම නියමයක්.

බිහිරි හාමුදුරුවො මේ සියල්ල ආරක්ෂාකර කැපකර තියෙන්නේ තමන්ගෙම නමට. උරුම හිමිකමට. ඒකෙ අදහස තමන් වහන්සේගෙන් පිටට මේ වස්තූන් නොයා යුතු බව. යමෙක් ගුරුකම් නියමයන්ට යටත්ව හෝ යටත් නොවී බිහිරි හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව යම් අත්පත් කරගැනීමකට උත්සාහ දැරුවොත් සිදුවනුයේ විස්මිත දෙයක්. ඒ ඇසිල්ලකින් එම නිදන් අතුරුදන්වීම. මේ තමයි බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය.

මේ විදියට නිදන් කිරීමේදීත් ගුරුකම් නියමයක් දැකිය හැකියි. එම නියමය වෙන්නේ මෙම ආකාරයට නිදන් කළ හැක්කේ පොළව ඇතුළතින් ගත් නිදන් වස්තු පමණයි. පොළව මතුපිට හෝ ස්වහාවික වස්තූන්වලට බාහිරින් යම් කිසිවක් එකතු කළ වස්තු මෙලෙස නිදන් කිරීමට අවසර නොලැබෙයි.

මෙතනදි කිවයුතු විශේෂම දෙය වනුයේ මෙම නිදන් වස්තු අති විශේෂ පක්ෂයකට කැපකර තිබීමයි ඒ සම්බුදු සසුනේ භික්ෂු පරපුර උදෙසායි. මෙම රවුම් හැඩයේ නිදන් වස්තු මතුපිට බැලීමෙන් එය තහවුරු කරගත හැකියි.

මෙහි මතුපිට උඩම කොටසේ කොටල තියෙන්නේ නෙළුම් මලක්. එහි අදහස පූජනීයයි යන්න. නෙළුම් මල පුදන්නෙ බුදු හාමුදුරුවන්ට. එයින් කියවෙන්නේ මෙහි තිබෙන්නේ බුදුහාමුදුරුවන්ට පූජා කළා යන්නයි. ඒ අනුව මෙහි තිබෙනුයේ වටිනා තෙල් වර්ගයක්. ගුරුකමේ පැහැදිලි කිරීම මත මෙම තෙල් පූජා කර තිබෙනුයේ ත්‍රිවිධ රත්නයේ ආනුභාවය සහ පිහිට, බලය කැවීමට. මෙවන් දෙයක් බුදුහාමුදුරුවන්ට පූජා කිරීමේදී අනුගමනය කරන්නේ වෙනම ක්‍රමයක්. ඒ ආපසු ගැනීමේ අවසරය මත කරන පූජාවක් ලෙස.

මෙම තෙල් බෝතලය විශේෂතා සහිතයි. ඒ මෙම තෙල් කිසිදින නොසිඳීම. ඒ වගේම එහි අනෙක් ශක්තිය කිසි දින තෙල් ඉවර නොවීම. ගුරුකම් නියමයන්ට යටත්ව අවසරය ලැබ යම් කිසිවකු තෙල් ගනු ලැබුවද කුප්පිය තුළට එම අඩු තෙල් ඉබේම පිරීම සිදුවෙයි. එසේ වනුයේ මෙම ගල් බෝතලය සාදා ඇති ගලින් තෙල් ඉනීම. එයට හේතුව වනුයේ මෙම ගල් තෙල් උරාගෙන රඳවා තබා ගැනීම මත.

බිහිරි හාමුදුරුවන් ගුරුකම් බලයෙන් කළ විස්මිත වැඩ බොහොමයි. ඒ අතරින් විශේෂිත දෙය වනුයේ යක්කුන්ගෙන් වැඩ අරගෙන හැදුව වැව. මේ වැවේ තියෙන විශේෂත්වය වනුයේ වැවට වතුර උනන උල්පතක් නොමැතිවීම. වතුර පාරක් එන ගමන් මාර්ගයක් නොමැතිවීම. අනෙක් විශේෂම දේ තමයි නියඟයකටවත් වතුර නොසිඳීම. එක පාරක් වතුර එන ආකාරය සොයා බැලීමට වැව හිස්කරන්න ගත්තා උත්සාහයක්. එතනදි වුණේ මහ පුදුම දෙයක්. ඒ වතුර ඉසින යන්ත්‍ර සියල්ල ක්‍රියා විරහිත වීම.

ඊට පස්සේ ඒ ගැන හොයද්දි දැනගන්න ලැබුණෙ මේ දේ බිහිරි හාමුදුරුවන් කරපු දෙයක් කියලයි. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. ගමේ මිනිස්සු දැන් විශ්වාස කරන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ආත්මය ඉපදිලා ඉන්නවා කියලයි. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ඕනම වෙලාවක සැරිසරමින් සිටිය හැකියි. ඒ වෙලාවට ඉන්නේ ඒ ගුරුකම් හාමුදුරුවෝමයි. ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකමමයි.

"ලංකාදීප"
අරුණඩේල් විජේරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  420 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  886 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,300 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,480 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top