Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
26
"නවය වසරේදී විතර මම ෂෙරමිගෙන් ආදරය ගැන අහන්න හැදුවා" - සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සිය බිරිඳ ගැන කියූ දේ - Photos

- "නවය වසරේදී විතර මම ෂෙරමිගෙන් ආදරය ගැන අහන්න හැදුවා" - සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සිය බිරිඳ ගැන කියූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
යුද හමුදාපති තුමා මට යුද හමුදාවට බැඳෙන්න කියලා ආරාධනා කළා......

අපි දෙන්නම ඛෙත්තාරාම ක්‍රීඩාපිටියට ගිහින් එතැන ඉන්න සතුන්ට කෑමදෙනවා......

ලාංකීය ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරඟ 6 ක් එක්දින තරඟ 161 ක් හා 20 20 තරඟ 75 ක් ඉක්මවමින් ක්‍රිකට් තරු අතර සුපිරි තරුවක් වන තිසර පෙරේරා ගේ දිවියෙහි නවතම තොරතුරු ඔහුට ප්‍රිය කරන ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් නොවන දෙනෝදාහක් වෙනුවෙන් සති අන්ත පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසින්

ක්‍රිකට් දිවියෙහි ජයග්‍රාහී තැන් සේම පසුබෑම් තිසර භාරගන්නේ කොයි ආකාරයටද?

මම සැලෙන පුද්ගලයෙක් නෙවෙයි. මම සෑහෙන්න ශක්තිමත් කියලා මම හිතනවා. ඒක තමයි මගේ හොඳකම. ඕනෑම කෙනෙක්ට ජීවිතයේ හොඳ කාල තියෙනවා. ඒ වගේම පසුබෑම් ඇතිවෙන කාලත් එනවා. ඒක වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දේශපාලනඥයෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුටත් පොදුයි. ෆේල් වෙන අවස්ථා ඕනෑම කෙනෙකුට තියෙනවා. ඒක ජය අරගෙන නැගී සිටින කෙනා තමයි ඉදිරියට එන්නේ.

තිසර ඔබේ ක්‍රීඩා දිවියේ අලුත්ම තොරතුරු මොනවාද?

පහුගිය දවස්වල මම ටී ටෙන් හා අයි. පී. එල්. තරගාවලියට සහභාගිවීම සඳහා විදේශ ගතව සිටියා. නැවතත් මම ලංකාවට පැමිණ සිටිනවා. මේ දිනවල මම ලංකාවේ ජාතික කණ්ඩායමේ නැති වුණත් අනිකුත් ක්‍රිකට් තරගවල ක්‍රීඩා කරමින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මගේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා.

තිසර පෙරේරා යුධ හමුදාවට බැඳෙන්න බලපෑ කාරණය කුමක්ද?

ඒකට විශේෂම හේතුව තමයි යුද හමුදාපති තුමා මට යුද හමුදාවට බැඳෙන්න කියලා ආරාධනාවක් කිරීමයි. මේ රටේ කවුරුත් දන්නවා එතුමා අපේ රට වෙනුවෙන් මොනතරම් දෙයක් කළ අයෙක්ද? කියලා. එවැනි පුද්ගලයෙක් කළ ආරාධනාවක් මට කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නැහැ. එතුමා මට කළ ආරාධනාව මට කළ ගෞරවයක් ලෙසයි මා සලකන්නේ.

විවිධ අවස්ථාවල මට යුද හමුදාපති තුමා හමුවෙලා තියෙනවා. මෑත කාලයේ එක්තරා සාදයකදී අප හමුවුණ අවස්ථාවකට එතුමා මට පවසා සිටියා ඔයා ක්‍රිකට් වලින් රටේ නායකත්වය දරලා තියෙන කෙනෙක්නේ ඔයාගෙ අත්දැකීම් අපේ යුද හමුදාවට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා.

යුද හමුදාවට ඔබ එක්වන්නේ කුමන නිළයකින්ද?

මම දැන් යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ මේජර් නිළයකයි ඉන්නේ.

තිසර ක්‍රිකට් දිවියේ ඉහළට යෑමේ රහස ජීවිතයේ පළමු තැන ක්‍රීඩාවට ලබාදීමද?

මම ක්‍රීඩාව සහ පවුල් ජීවිතයේ කටයුතු සමබරව කරගෙන යනවා. අපිට ක්‍රීඩාපිටියට ගිහින් ක්‍රීඩා කරන්නත් හොඳ මානසිකත්වයක් අවශ්‍යයි. එතැනදී පවුල ඇතුළේ තමයි අපේ සහනය සැනසීම සතුට ලබාදීලා මනස සැහැල්ලූවෙන් තබන්නේ. ඒ නිසා මම මගේ පවුලට ලොකු අවධානයක් ලබාදෙනවා. ක්‍රීඩකයෙක් විදිහටත් මගේ දිවියට බොහෝ දේ ලබාදුන් ක්‍රිකට් ක්‍රිඩාවත් මට වැදගත්. ක්‍රීඩාවද පවුලද කියලා ඇසූවිට ඒ දෙකෙන් පළවෙනි තැන කොතැනද දෙවෙනි තැන කොතනද කියලා බෙදන්න බැහැ. මේ දෙකම මගේ ජිවිතයට වටිනවා.

තිසරගේ දිවියේ සමීපතම චරිතය හමුවුණේ කොහොමද?

අපි දෙන්නම රෝමානු කතෝලික ආගමේ. අපි දෙන්නම ගියේ කොටුගොඩ ගමේ දහම් පාසැලට. දහම් පාසැලේ තුන වසරේදී පටන් අපි එකම පනිත්යේ හිටියේ මම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට ගියේ. ෂෙරමි මිලාගිරියෙ ශාන්ත පාවුළු බාලිකාවට ගියේ. පාසැල් යන අතරතුරදීත් අපි හමුවෙනවා. නවය වසරේදී විතර මම ෂෙරමිගෙන් ආදරය ගැන අහන්න හැදුවා. ඒ කාල අපි පුංචියිනේ. ඒ නිසා ඒ හැඟුම දරාගෙන ඉඳලා සාමාන්‍ය පෙළ පන්තියේදී අපි ආදර සම්බන්ධයක් පටන් ගත්තා.

මේ ආදරය එක වහලක් යටට කැඳවන දවසක් ඉක්මනින්ම උදාවුණා නේද?

අපි විවාහ වුණේ වයස අවුරුදු 19 දී. ඒකට හේතුව මට එංගලන්තේ ප්‍රාන්ත කණ්ඩායමක ක්‍රීඩා කරන්න ඇරයුමක් හම්බවුණා. මට මාස හයකට විතර එහේ ගිහින් ක්‍රීඩා කරන්න සිද්ධවෙන පසුබිමක් ඇතිවුණා. ඒ වෙලාවේ මාස හයක් අපි දෙන්නට දුරස් වෙලා ඉන්න එක අපහසු කාරණයක් වුණා. ඒ නිසා අපි දෙමව්පියන්ගේ කැමැත්ත අරන් විවාහ වෙලා එංගලන්තයට යන්න සැලසුම් කරලා අපි විවාහ වුණා. ඒ වෙනකොට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මම දක්වල තිබුණ දක්ෂතාවයන් අනුව මා ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා. ඒ හේතුව නිසා එංගලන්තයේ යන ගමන නැවතුණා.

ෂෙරමිගෙන් ඔබට ලැබෙන සහාය කොතරම්ද?

ෂෙරමි සාර්ථක ගෘහණියක් ක්‍රිඩකයෙක් විදිහට මම පිළිපැදිය යුතු ආහාර පිළිවෙත් තියෙනව රාත්‍රියට බත් හෝ පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම පාලනය කරලයි තියෙන්නෙ ෂෙරමි මට ගැළපෙන විදිහට කෑම බීම ටික හදලා දෙනව එයා හදන කෑම හරිම රසයි එයා අතින් හදන කෑම තමයි මම කන්න කැමති.

ෂෙරමි කිසියම් රැකියාවක නිරත වෙන කෙනෙක්ද?

ෂෙරමි පෙරේරා. එයා දැනට පිටරටවලින් සාරි ගෙනත් අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එයා ඒ ව්‍යාපාරය කරන්නේ විනෝදාංශයක් විදිහට. නිතරම මම විදේශ සංචාර වලට යද්දි එයා මාත් එක්ක යනවා.

තිසරගෙ විවේක කාලය ගෙවෙන්නෙ කොහොමද?

මම විවේකයෙන් ඉන්න වෙලාවට මම කරන්නේ මගේ බලූ සුරතලූන් එක්ක කාලය ගත කරන එකයි. මට සුරතල් බල්ලෝ පහක් ඉන්නවා. මගේ බිරිඳත් සුරතල් සතුන්ට ආදරෙයි. අපි නිවාඩු දවස්වලට බිරිඳ මට කෑම හදල දෙනවා. මම හරි අපි දෙන්නම හරි ඛෙත්තාරාම ක්‍රීඩාපිටියට ගිහින් එතැන ඉන්න සතුන්ට කෑමදෙනවා.

තිසරට රංගන ක්ෂේත්‍රයෙන් ඇරයුමක් ලැබුණොත් භාරගන්නවාද?

අනේ නැහැ. එහෙම කලාවට සම්බන්ධ වෙන්න ආසාවකුත් නැහැ.

"දිවයින"
ධම්මිකා සුරංජි පතිරණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top