Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
කොරෝනා ආසාදිතයන් සොයන්න චීනය පුරා මෙහෙයුම් - වූහාන් නගරයේ සිරවූ ශ්‍රී ලාංකිකයින් පිටතට ගැනීමට තානාපති කාර්යාලය කටයුතු අරඹයි - Video

- කොරෝනා ආසාදිතයන් සොයන්න චීනය පුරා මෙහෙයුම් - වූහාන් නගරයේ සිරවූ ශ්‍රී ලාංකිකයින් පිටතට ගැනීමට තානාපති කාර්යාලය කටයුතු අරඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,921 Views
මාරාන්තික නව කොරෝනා වෛරසය පවතින චීනයේ - වූහාන් නගරයෙන් ඉවත් වීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

එහි වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් කියා සිටියේ වූහාන් නගරයේ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනෙකු පමණ රැදී සිටින බවයි.

එමෙන්ම, මේ දක්වා ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් මාරාන්තික කොරෝනා වෛරසය වැළැඳුණු බවට වාර්තා වී නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අදාළ වෛරසයෙන් වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් දැනුවත් කර ඇති බවයි බීජිං හි වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේ.

මාරාන්තික නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් හඳුනා ගෙන වහා, හුදකලා කොට පරීක්ෂා කිරීම සඳහා චීන රජය රට පුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එරට දුම්රිය, ගුවන් යානා සහ බස් රථවල පරීක්ෂාවන් සිදුකෙරෙන අතර, සැක කටයුතු ආසාදිතයන් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන ලෙසටයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම දැනුම් දී ඇත්තේ.

එලෙස වෛරසය හේතුවෙන් නියුමෝනියා ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් හමුවූ අදාළ දුම්රිය, ගුවන් යානා හෝ බස් රථ වල විෂබීජ විනාශ කිරීමටද පියවර ගැනෙනවා.

මේ අතර, චීනයේ තවත් නගර 5 ක කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ප්‍රවාහන සීමාවන් පනවා තිබෙනවා.

මේ අනුව, හුබෙයි ප්‍රාන්තයේ නගර 18 ක සංචාර සීමාවන් පනවා ඇති අතර, ඒවායේ පොදු ප්‍රවාහන සේවාවලට මහාමාර්ගවලට ඇතුළු වීමට හැකි වන්නේ නැහැ.
මෙම තත්ත්වය මිලියන 56 ඉක්මවූ ජනතාවට බලපාන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, චීනයට අයත් හොංකොං දිවයිනේ ද, නව කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නව වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් නගරය වෙත විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් ඇතුළු 450 දෙනෙකුගෙන් යුත් චීන හමුදා වෛද්‍ය කණ්ඩායමක් අද යවනු ලැබුවා.

එමෙන්ම, ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහාන් නගරයේ ඇඳන් 1300 කින් යුත් රෝහල් දෙකක් සති දෙකකට අඩු කාලයක් තුලදී ඉදිකිරීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

චීනයේ නව ලූනා වසර සමරන අවස්ථාවේ මෙම වෛරස් ආසාදනය ඇතිවීම හේතුවෙන් බොහෝ දෙනා එම උත්සව කටයුතු අවලංගු කර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් මේ වනවිට චීනයේ පුද්ගලයන් 41 දෙනෙකු මියගොස් ඇති අතර, ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1300 කට අධිකයි.

මේ අතර, නව කොරෝනා වෛරසය ඇස් හරහා බෝ වීමට හැකියාව පවතින බවට චීන වෛද්‍ය විශේෂඥ වෑන් ගුවන්ෆා අදහස් පළ කර තිබෙනවා.

2003 වසරේ චීනයේ ඇති වූ සාස් වෛරස් රෝගයට ප්‍රතිකාර කළ ඔහුට ද එම වෛරසය ආසාදනය වුණා.

ආරක්ෂිත ඇස් ආවරණ නොපැළදීම හේතුවෙන් තමාට එම වෛරසය ආසාදනය වූ බව පවසන ඔහු කියා සිටියේ නව කොරෝනා වෛරසය ද එලෙස ඇස් හරහා සම්ප්‍රේෂණය විය හැකි බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  223 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,055 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,060 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,514 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,060 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,867 Downloads



Top 10 Commenters

Latest Comments

Top