Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට පූජිත් ජයසුන්දර කියූ දේ - Video

- පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට පූජිත් ජයසුන්දර කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,330 Views
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද පැමිණියා.
අද පෙරවරු 10 ට පමණ බන්ධනාගාර බස් රථයකින් කොමිෂන් සභාව වෙත රැගෙන ආ ඔහුගෙන් කොමිසම පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මාවනැල්ල බුුදුපිළිම කැඩීමේ සිද්ධිය වූ අවස්ථාවේ සැකකරුවෙකු අල්ලා ගැනීමට කටයුතු කළ තරුණයින් දෙදෙනාගෙන් ජනාධිපති කොමිසම අද ප්‍රථමයෙන් සාක්ෂි විමසුවා.

එහිදී කොමිසම චානක ජයරත්න නමැත්තාගෙන් සාක්ෂි විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ බුදුපිළිම කැඞීමේ සිද්ධිය වූ 2018 වසරේ දෙසැම්බර් 25 වනදා පලා යමින් සිටි එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට තමන් සහ මිතුරා සමත් වූ බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බුදුපිළිම කැඞීම සිදුකළ බවත්, එක් අයෙකු තමාටද පහරදී පළාගිය බවත් ඔහු සඳහන් කළා.

එහිදී යතුරුපැදියේ අංකය සටහන් කර ගැනීමට සහ ඡායාරූප ගැනීමටද තමන් සහ මිතුරා සමත් වූ බව පැවසූ චානක ජයරත්න වැඩිදුරටත් කියා සිටියේ අදාළ තොරතුරු සියල්ල එදිනම පොලිසියට ලබාදුන් බවයි.

එසේ තිබියදීත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම එම පළාගිය සැකකරුවා අල්ලා ගැනීමට පොලිසිය අසමත් වූ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා.

අනතුරුව සාක්ෂි ලබාදුන් සෙනරත් බණ්ඩාර නැමැත්තාගෙන් ජනාධිපති කොමිසම විමසා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක්ද යන්නයි.

ඔහු පැවසුවේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියත්, සිද්ධියට මැදිහත් වී පළාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ යම් දේශපාලන බලපෑමක් මත යැයි තමා විශ්වාස කරන බවයි.

අනතුරුවයි අද පස්වරුවේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ.

එහිදී ඔහුගෙන් මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම විමසා තිබෙනවා.

ඒ, ඊට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් අසාද් සාලි, ඔහුට ලබාදුන් දුරකතන ඇමතුම පිළිබඳවයි.

එහිදී අසාද් සාලි විසින් තමාට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත්, ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උපකාර කරන්නේ යැයි අසාද් සාලි විසින් ප්‍රකාශ කළ බවත් අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා සඳහන් කළා.

මෙහිදී අසාද් සාලිටද හරස් ප්‍රශ්න ඇසීමට කොමිසම අවස්ථාව ලබාදී තිබූ අතර, අදාළ ප්‍රශ්න පමණක් විමසන ලෙස කොමිසම එහිදී අවවාද කරනු ලැබුවා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  206 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,038 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,029 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top