Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
9 හැවිරිදි දැරියව වසරක්‌ තිස්‌සේ දූෂණය කළ සුළු පියාට වැඩ වැරදුන හැටි

- 9 හැවිරිදි දැරියව වසරක්‌ තිස්‌සේ දූෂණය කළ සුළු පියාට වැඩ වැරදුන හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,936 Views
නඩුව අවසන් වන විට දැරිය විවාහවෙලා......

සුළු පියාට වසර 45ක සිර දඬුවමක්......

අවුරුදු 9 ක්‌ වයසැති කුඩා දැරියක්‌ වසරක්‌ තිස්‌සේ දූෂණය කළ පුද්ගලයකු වසර 45 ක සිරදඬුවමකට, රුපියල් 75,000 ක දඩයකට සහ හය ලක්‍ෂයක වන්දි ගෙවීමකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 23 දා නියෝග කළේය.

විත්තිකරු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා විය. දැරිය තුන් හැවිරිදි වියේ පසුවෙද්දී ඇගේ පියා ඇයත් මවත් අතහැර ගොස්‌ තිබූ අතර ඒ අතරතුර මව මෙම විත්තිකරු සමග ජීවත්වී ඇත. දැරිය තාත්තා යෑයි පවසා ඇත්තේ මෙම විත්තිකරුටය.

වර්ෂ 2000 ක්‌ වූ ඔක්‌තෝබර් මස 01 වැනි දිනත් 2001 ඔක්‌තෝබර් මස 01 වැනි දිනත් අතර කාලයේදී වරින් වර වයස 9 ක දැරියක්‌ දූෂණය කළේ යෑයි යනුවෙන් විත්තිකරු රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 3 ක්‌ ලැබ සිටියේය. 2018 වසරේ විත්තිකරුට අධි චෝදනා භාරදී තිබිණි.

අධි චෝදනා භාරදුන් දිනයේ සිටම ඔහු මේ දක්‌වාම අධිකරණය මගහැර සිටියේය. දිගින් දිගටම වරෙන්තු නිකුත් කිරීම මත විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. වින්දිත 9 හැවිරිදි දැරිය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙන අවස්‌ථාවේ ඇය 27 හැවිරිදි විවාහක කතක්‌ව සිටි අතර සිද්ධිය වී වසර 20 ක්‌ ගතවී තිබිණි.

තරුණිය මුල් දිනයේ අධිකරණය හමුවේ සාක්‍ෂි දීමෙන් පසු වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීම සඳහා නඩුව පසු දිනට කල් තබන ලදී. එදින නඩුව කැඳවූ අවස්‌ථාවේ විත්තිකරු තම නීතිඥයා මගින් ඉදිරිපත් වී තම චෝදනා තුනටම වැරදිකරු බව පවසා වරද පිළිගැනීමට අධිකරණයේ අවසරය අයෑද සිටියේය. ඒ අනුව විනිසුරු විත්තිකරු වැරදිකරු කර දඬුවම් නියම කළේය.

1, 2, 3 වැනි චෝදනාවලට බරපතළ වැඩ ඇතිව වසර 15 ක්‌ බැගින් වසර 45 ක සිරදඬුවමක්‌ නියම කෙරිණි. ඊට අමතරව රුපියල් 25,000 බැගින් 75,000 ක දඩයකි. දඩය නොගෙවන්නේ නම් වසර 1 බැගින් සාමාන්‍ය සිර දඬුවමකි. ඊටත් අමතරව රුපියල් ලක්‍ෂ 2 බැගින් හය ලක්‍ෂයක වන්දියක්‌ විත්තිකරු වින්දිත තරුණියට ගෙවිය යුතුය.

එම වන්දිය නොගෙවන්නේ නම් බරපතළ වැඩ ඇතිව වසර 1 බැගින් වූ සිරදඬුවමකට විත්තිකරු යටත්වේ. විත්තිකරුට නියම කළ 45 අවුරුදු සිරදඬුවම එකවර ගෙවීයා යුතුවේ. දඩ නොගෙවීම මත ඔහුට නියම වූ සිරදඬුවම් වෙන්වෙන්ව ගෙවීයා යුතුවේ. රජයේ අධි නීතිඥ ඉරෝමා නානායක්‌කාර මහත්මිය නඩුවේ පැමිණිල්ල මෙහෙය වූවාය.

"දිවයින"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  222 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,052 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,060 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,056 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top