මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 1200කට වැඩි පිරිසකට රෝගය ආසාදනය වී තිබෙනවා.
මෙම වෛරසය බෝ වීම වැළැක්වීම සඳහා චීනයේ වූහාන් නගරයද පිටතින් ඇතුළු වීම සහ නගර වාසීන්ට නගරයෙන් බැහැර වීමත් තහනම් කර තිබෙනවා.
මෙම වෛරසය බෝ වීම අවම කරගැනීම සඳහා චීන ජාතිකයින්ට මුඛ ආවරණ පැලැඳ සිටීම අනිවාර්ය කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
කෙසේ වෙතත් මුඛ ආවරණ පැලැඳ සිටියද වෛරසය ඇස්වලින් බෝ වීමේ ඉඩක් ඇති බව එරට වෛදවරයෙකු වන වැන්ග් ගුවැන්ෆා ප්‍රකාශ කර තිබෙනවා.
වෛද්‍යය වැන්ග් ගුවැන්ෆා මහතා 2003 දී චීනය අල්ලා ගත් SARS වෛරසයට එරෙහි සටනේ ප්‍රමුඛ චරිතයක්දවනවා.
කොරෝනා වෛරසය දෑස් හරහාද බෝ වුවහොත් තත්ත්වය වඩාත් භයානක විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකරනවා.
වෛද්‍ය වැන්ග් ගුවැන්ෆා