Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
"දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා" - කොරෝනා වෛරසය නිසා චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අවදානමක ද? - Photos

- "දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා" - කොරෝනා වෛරසය නිසා චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අවදානමක ද? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,651 Views
අපි ඔක්කොම එකට යන්න බලාගෙන ඉන්නේ......

කාමරය ඇතුළටම වෙලා ඉන්න කියල විශ්වවිද්‍යාලයෙන් උපදෙස් ලබා දීලා......

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ. මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

සෙනෙසුරාදා (ජන: 25) වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන්ය.

එමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ. එක්සත් රාජධානියේ ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරේ.


චීනයේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සහ රැකියාවල ද නිරත වන අතර, මේ අතරින් කීපදෙනෙක් සිය අත්දැකීම් විස්තර කළහ.

වෛරසය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමග වූහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයි පාලි භාෂා කථිකාචාර්යවරයකු වන වූහාන් නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය.

"වූහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා තිබෙනවා," ඔහු පැවසුවේය.

තමන් දන්නා පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් වෛරසය ආසාදනය වූවන් තවමත් වාර්තා වී නොමැති බව පවසන උපුල් ගමගේ ඔවුන් එකිනෙකා විවිධ සන්නිවේදන මාර්ග ඔස්සේ සම්බන්ධ වන බව පැවසීය.

"අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා එකතුවෙලා බීජිංවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා වූහාන්වල සිටින සියලු සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා."

කෙසේනමුත්, වූහාන් නගරය සම්බන්ධයෙන් මේ වන විට පවතින නීති රෙගුලාසි අනුව එයින් පිටවීමට තවමත් ඉඩ නොමැති බව තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දී ඇතැයි උපුල් ගමගේ පැවසීය.

"ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ වැටෙන්න පෙර ශ්‍රී ලංකා රජය ඉක්මන් පියවරක් ගත යුතුයි. තවමත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ," ඔහු තවදුරටත් පැවසීය.

අද දින (ජනවාරි 25) පැවැත්වෙන චීන නව වසර සැමරුම වෙනුවෙන් එරට විශ්වවිද්‍යාල සිසුන් සිය ගම් බිම් බලා ගොස් ඇති නමුත්, විදෙස් සිසුන් බොහෝ පිරිසක් තවමත් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව ටැන්ජින් නගරයේ වෙසෙන සිසුවියක වන නිමේෂා කසුනි පැවසීය.

"ශ්‍රී ලංකාවේ සිසුන් ඔක්කොම 80ක් විතර ටියැන්ජින් ප්‍රදේශයේ ඉන්නවා. මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ 50ක් විතර ඉන්නවා. එයින් බොහෝ දෙනෙක් ගිය දවස් ටිකේ නැවත ශ්‍රී ලංකාවට ගියා මේ වෛරසය පැතිරීමත් සමඟ ඇති වූ බියත් එක්ක," ඇය පැවසුවාය.

"නමුත් තවත් 20 දෙනෙක් විතර ඉතිරි වෙලා ඉන්නවා. අපි ඔක්කොම එකට යන්න බලාගෙන ඉන්නේ."

සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටතට නොයන ලෙසට පාලනාධිකාරිය උපදෙස් දී ඇති අතර, හදිසි අවශ්‍යතාවකට පිටතට යන පුද්ගලයෙකු ඉතා හොඳින් පිරිසිදු වී නැවත ගොඩනැගිල්ලට ඇතුළු විය යුතු යැයි නිමේෂා පැවසුවාය.

"අපිට එළියට යන්න එපා, කාමරය ඇතුළටම වෙලා ඉන්න කියල විශ්වවිද්‍යාලයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්න එපා කියලා තියෙනවා. අපි හොඳින් ඉන්නවා ද කියලා ගුරුවරු නිතර සොයා බලනවා."

ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇතැයි නිමේෂා තවදුරටත් පැවසීය.

මේ අතර වූහාන් හි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු අසංකගේ අදහස එහි පවතින තත්ත්වය "දිනෙන් දින නරක අතට පත් වෙමින් පවතින" බවය.

"මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා චීන රජය නව රෝහලක් ගොඩනගමින් සිටිනවා. එහි වැඩ දින හයක් ඇතුළත නිම කිරීමට නියමිතයි," ඔහු පැවසුවේය.

"ඒ වනතෙක් වෛරසය ආසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමට රජය ක්‍රියා කරන තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

වූහාන් නගරයේ දිවිගෙවන තිහකට අධික ශ්‍රී ලාංකික සිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සිය නවාතැන්වලින් පිටතට යෑමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය.

බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරන බව ඔහු තවදුරටත් පැවසුවේය.

"BBC සිංහල"


මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත



ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇත.



කඩිනමින් ගොඩනැගෙන නව රෝහල



බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  226 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,057 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,061 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  207 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  201 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,523 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,067 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,823 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,867 Downloads



Top 10 Commenters

Latest Comments

Top