මාරාන්තික නව කොරෝනා වෛරසය පවතින චීනයේ - වූහාන් නගරයෙන් ඉවත් වීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
එහි වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් කියා සිටියේ වූහාන් නගරයේ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනෙකු පමණ රැදී සිටින බවයි.
මේ දක්වා ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් මාරාන්තික කොරෝනා වෛරසය වැළැඳුණු බවට වාර්තා වී නොමැති බව ද ඔහු කියා සිටියා.
..