Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
"මගේ අම්මව විනාශ කළ ඔවුන්, මගේ බිරිඳවත් විනාශ කරමින් ඉන්නවා.." - රජ පවුලෙන් නික්මුණු හැරී කුමරුගෙන් සැර කතාවක් - Photos

- "මගේ අම්මව විනාශ කළ ඔවුන්, මගේ බිරිඳවත් විනාශ කරමින් ඉන්නවා.." - රජ පවුලෙන් නික්මුණු හැරී කුමරුගෙන් සැර කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,135 Views
"අපිට රැජනගේ දීමනාව කොහෙත්ම ඕන නැහැ.."
"මොනවා හරි රස්සාවක් කරමින් ඔවුන් ජීවත් විය යුතුයි.."
පුංචි කාලේ අම්මා නැතුව දහ දුක් විඳපු හැරී ගත්ත තීරණේ හරි..
 
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුගේ බාල පුතු, එළිසබෙත් මහ රැජනගේ හයවැනි මුනුපුරා හා Sussex ආදිපාදවරයා වන හැරී කුමරු හා ඔහුගේ බිරිය මේගන් මාකල් රාජකීය පවුලේ නිල කටයුතුවලින් ඈත් වී සිටීමට කරන ලද තීරණය බ්‍රිතාන්‍යයේ මහත් ආන්දෝලනයක් බවට පත් වී ඇත.
 
පසුගිය ජන. 08දා බදාදා හැරී කුමරු හා මේගන් විසින් ගහෙන් ගෙඩියක් එන්නාක් මෙන් නිකුත් කළ ප්‍රකාශනය මෙසේය.

“මාස ගණනක් තිස්සේ සිදු කරන ලද අභ්‍යන්තර සාකච්ඡා හා වත්මන් තත්ත්වය හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ නව වසරේදී අපි රාජකීය පවුල තුළ සිටම නව මාවතක් ඔස්සේ ගමන් කිරීමට තීරණය කළෙමු. රාජකීය පවුලේ ජේ‍යෂ්ඨ සාමාජිකයන්ගේ වළල්ලෙන් පියවරක් දෙකක් පසුපසට ගෙන, මහ රැජනට අපි අපේ පූර්ණ සහයෝගය දෙන අතරේ අපේම නිදහස් ආර්ථික වැඩපිළිවෙළක යෙදීමට අපි අදහස් කරන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ ඔබ මහජනතාව විසින් අපට ලබාදෙන ලද සහයෝගය හා ධෛර්යය මේ වෙනස කිරීමට බලවත් පිටිවහලක් වූ බවද මතක් කරමි. ඉදිරියේදී අපේ ජීවිතය මහා බි්‍රතාන්‍ය හා උතුරු ඇමෙරිකාව (කැනඩාව) තුළ දෝලනය කර ගනිමින් මහ රැජන හා පොදු රාජ්‍ය මණ්ඩලයට අපි ඉදිරියටත් සේවය කරන්නෙමු. මේ අප ගත් අලුත් තීරණය රාජකීය පවුලට ඉපදුණු අපේ පුතා රාජකීය සම්ප්‍රදායන්වලට ගෞරව වන අන්දමට ඇති දැඩි කරන අතරේ අපේ පුංචි පවුලට අවශ්‍ය නිදහස හා ඊළඟ අදියරයේද අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වන පුණ්‍ය කටයුතුවලට (Charity) ඉඩ ලැබෙන්නක් වන බවට අපි විශ්වාස කරමු.”
 
හැරී හා මේගන් මේ හදිසි ප්‍රකාශනය නිකුත් කිරීමට කලින් මහ රැජන හෝ විලියම් කුමාරයාට නොදැන්වීම ගැන රාජකීය පවුල බලවත් ලෙස කනස්සල්ලට පත් වී සිටින බව බ්‍රිතාන්‍යයේ ජනමාධ්‍ය පසුදින ප්‍රකාශ කළේය.
 
මේ ගැන ඔවුන් කොතරම් අප්‍රසාදයට පත්ව තියෙනවාදැයි කියනවා නම් හැරී-මේගන්ගේ දීර්ඝ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් බකිම්හැම් මාලිගාව නිකුත් කළේ ඉතා කෙටි නිවේදනයකි.
 
“ආදිපාදතුමා හා එම ආර්යාව වෙනස් මඟක ගමන් කිරීමට ඇති තීරණය ගැන දැනට කෙරෙන්නේ මූලික සාකච්ඡා පමණි. මෙය ඉතාම සංකීර්ණ කටයුත්තක් නිසා ඒවා විසදා ගැනීමට කලක් ගතවනු ඇත.”
 
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හයවැන්නා වන 35 හැවිරිදි කුමරු අයිරිෂ්-ඕලන්ද පියකු හා ඇමෙරිකා-අප්‍රිකා සම්භවයක් ඇති මවකගේ දියණිය වූ 38 හැවිරිදි රේචල් මේගන් මාකල් සමඟ විවාහ වූයේ 2018 මැයි මාසයේ දීය. කලින් විවාහයෙන් දික්කසාද වී ටෙලි නිළයක් වශයෙන් රැකියාවේ යෙදී සිටිද්දී මේගන් මාකල් මුල්වරට හැරී කුමාරයා හමුවූයේ කැනඩාවේදීය.
 
මහ රැජනගේ වින්සර් මාලිගාවේදී හැරී හා මේගන් මාකල් අතිනත ගත් මංගල්‍යය ලොව පුරා රූපවාහිනි ප්‍රේක්ෂකයෝ ලක්ෂ 180ක් ඉතා ආසාවෙන් නැරඹූහ. මහ රැජන විසින් නව යුවළට වාසය කිරීම සඳහා වින්සර් මාලිගාව අසල වූ Frogmore Cottage නම් මහා මන්දිරය පරිත්‍යාග කෙරුණේ ජනතා බදු මුදලින් පවුම් මිලියන 2.5ක (පවුමක් රුපියල් 220ට ගණන් හැදුවොත් එය ලංකා මුදලින් රු. ලක්ෂ 5200ක පමණ වෙයි) අලුත්වැඩියාවකින් පසුවය.
 
ආසියා හා අප්‍රිකා සම්භවයක් ඇති නිළියක් බ්‍රිතාන්‍යයේ රජ පවුලට එකතුවීම ගැන මේ රටේ ජාතිවාදී සුද්දන් හිත යටින් ඉතා අකැමැති වුවදබ්‍රිතාන්‍යයේ පුරවැසියෝ ලක්ෂ ගණනින් හැරී හා මේගන් මාකල්ට බෙහෙවින් ආදරය කළෝය. ඔවුන් දෙදෙනාගේ ජනාදරය හිණිපෙත්තටම නැග්ගේ පසුගිය මැයි 19දා ඔවුන්ගේ කුලුඳුල් දරුවා ආචි මවුන් බැටන්-වින්සර් (ARCHIE MOUNTBATTEN WINDSOR) පුතා බිහි වූ පසුය.
 
නමුත් මෙයට වසර තිහකට තිස්පහකට පෙර ඩයනා කළාක් මෙන් මේගන් මාකල්ට ද බ්‍රිතාන්‍යයේ පැපරාසියෝ දිගින් දිගට කරදර කළෝය. මේගල් මාකල් ආඩම්බරකාරියක් යැයි රාජකීය වැඩකටයුතු ඇය කරන්නේ වුවමනාවකින් නොවේ යැයි ද නිළියකට රජ පවුලේ ජීවිතය හරියන්නේ නැතැයි කියමින් බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පත්‍රය ඇයට නොනවත්වාම හිරිහැර කළේය.
 
බ්‍රිතාන්‍යයේ රැජනට පාසල්, රෝහල් හා නොයෙකුත් ආයතන විවෘත කිරීමේ උත්සව හා අනෙකුත් වැදගත් රාජ්‍ය කටයුතු හා විදේශ රටවල රාජ්‍ය උත්සවවලට සහභාගිවීමට වසරකට ලැබෙන ආරාධනා ගණන 8000ක් පමණය. එයින් වැදගත්ම උත්සව 1200ක් පමණ ආරාධනා රැජන විසින් භාර ගනු ලැබේ. මේ හැමදේකටම මහ රැජනට සහභාගිවීමට බැරි නිසා ඇයගේ දූ පුතුන් හා මුනුපුරු මිනිපිරියන් ඒ කටයුතු බෙදාගෙන ඉටු කරති. (2013 කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී රැජන නියෝජනය කළේ චාල්ස් කුමාරයාය. එසේම ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් උළෙලට රැජන වෙනුවෙන් විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වූයේ ඇයගේ බාල පුත් Edward කුමාරයාය.)
 
දැනට වයස 98ක් වන මහ රැජනගේ ස්වාමිපුරුෂයා එඩින්බරෝ ආදිපාදවරයා මහජන උත්සව කටයුතුවලින් 2017 වසරේදී විශ්‍රාම ගැනීම නිසා ඔහු එතෙක් සහභාගි වූ නිල උත්සවවලට මාරුවෙන් මාරුවට යෑමට සිදුවූයේ විලියම් - කේට් යුවළ හා හැරී - මේගන් යුවළටය.
 
තමන් යන යන හැම තැනම පැපරාසියන් කැමරා අටවාගෙන තමන්ට කරදර කරන නිසා මේගන් මේ Royal Duties රාජකීය යුතුකම් ඉටුකළේ ඉතා අකැමැත්තෙනි. එනිසා නිවාඩුවක් ලැබුණු හැම විටම හැරී කුමරු සමඟ කැනඩාවට පලායෑම ඇය පුරුද්දක් කරගෙන තිබිණි. අවුරුදු 07ක් කැනඩාවේ නිළියක් ලෙස රැකියාව කළ ඇය බ්‍රිතාන්‍යයේ වැසි තමන්ට නුහුරු රටකට වඩා කැනඩාව ප්‍රිය කළාය.
 
සාමාන්‍යයෙන් රාජකීය පවුලේ සෑමදෙනාම නත්තල් නිවාඩුව මහ රැජන සමඟ ගතකිරීම අවුරුදු 60ක් තිස්සේ පැවැති සම්ප්‍රදායකි. නමුත් පසුගිය 2019 වසරේදී මෙම සම්ප්‍රදායට පයින් ගැසූ හැරී හා මේගන් තම පුතා සමඟ නත්තල් නිවාඩුව ගත කළේත් කැනඩාවේය. මෙය මේගන් මාකල්ගේ වුවමනාවට කළ දෙයක් යැයි සිතූ රජ පවුලේ ජේ‍යෂ්ඨ සාමාජිකයන්ද ඇය සමඟ අමනාප වූවායි බ්‍රිතාන්‍යයේ ඉභද පත්‍රය වාර්තා කළේය.
 
පැපරාසීන්ගෙන් සිදුවන කරදර ඉවසන්නට බැරි වූ හැරී කුමාරයා පසුගිය වසරේදී විශේෂ ප්‍රකාශයක් කරමින්
 
“මගේ අම්මාව විනාශ කළ පත්තරකාරයන් ඉතාමත් නින්දිත විදියට මගේ බිරියත් විනාශ කරන්නට හදනවා” යැයි කියා සිටියේය.
 
මේගන් මාකල් විසින් තමන් සමඟ දැන් කිසි සම්බන්ධයක් නැති පියාට යැවූ පෞද්ගලික ලිපියක් පළ කිරීමට විරුද්ධව මෙම රාජකීය යුවළ Mail on Sunday පුවත්පතට විරුද්ධව නඩුවක්ද පැවැරීය.
 
ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයේ ජනමාධ්‍ය හැරී හා මේගන් කෙරෙහි වෛර බැඳගත් අතර ඔවුන්ට එරෙහිව නොයෙකුත් බොරු ප්‍රචාර වැඩි වැඩියෙන් පළ කරන්නටද වූහ.
 
රජ පවුගේ නිල රාජකීය කටයුතුවලින් ඉල්ලා අස්වී වසරේ භාගයක් කැනඩාවේ ගත කිරීමට හැරී-මේගන් මාකල් ගත් මෙම අලුත්ම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පත්තරකාරයන්ගේ අසාධාරණ හිරිහැර බවට සැකයක් නැතැයි කැන්ටබරි ආච්බිෂොප් හිමිපාණෝ ප්‍රකාශ කරති.
 
නමුත් රජ පවුලෙන් “අබිනික්මන්” කිරීමට හැරී හා මේගන් ගත් තීරණයට බ්‍රිතාන්‍යයේ ජනමාධ්‍ය දිගින් දිගටම දෙහි කපමින් සිටිති.
 
හැරී හා මේගන් මාකල් රාජකීය වැඩකටයුතුවලින් ඈත් වී වෙනත් රටක වාසය කරන්නට යෑම බ්‍රිතාන්‍යයට කරන මහා ලොකු ද්‍රෝහිකමක් යැයි චෝදනා කරන පත්‍රය, රැජන විසින් තම මුනුපුරාට වාර්ෂිකව ලබා දෙන පවුම් මිලියන 12 දීමනාව වහාම නැවැත්විය යුතු බව කියයි.
 
“හැරීට මහජන වැඩ කරන්න බැරි නම් එයා ඉන්න Frogmore මන්දිරය අලුත් කරන්න මහජනයා වියදම් කළ පවුම් මිලියන 02 1/2 ඔවුන්ගෙන් වහා අය කරගත යුතුය.” යි. Daily Mirror පත්‍රය කෑගසයි.
 
එසේම හැරී හා මේගන්ගේ මේ හදිසි තීරණය එංගලන්තයේ ඇතැම් ජාතිවාදී මහලු සුද්දන්ගේ බලවත් කෝපයට කරුණක් වී ඇත. ඔවුන් එළිපිටම කියන්නේ දික්කසාද වූ කලු ගැහැනියක බැන්ද එකේ පව් ගෙවන්නට හැරී කුමාරයාට දැන් සිදුව ඇති බවයි.
 
චාල්ස් කුමාරයාට ඇති අසීමිත ඉඩකඩම් හා දේපළවලින් වාර්ෂිකව ලැබෙන පවුම් මිලියන 12ක මුදලින් හැරී හා මේගන්ට පවුම් මිලියන 2.3ක් ලැබේ. 
 
"තමන් ආර්ථිකව නිදහස්ව ජීවත්වනවා යැයි හැරී-මේගන් මාකල් කියනවා නම් මේ මුදල් ඔක්කොම ප්‍රතික්ෂේප කර මොනවා හරි රස්සාවක් දෙකක් කරමින් ඔවුන් දෙදෙනා ජීවත් විය යුතුයැයි..." Daily Express පත්‍රය තරහෙන් කියයි.
 
ජන. 08 බදාදා හැරී හා මේගන් යුවළගේ රජ පවුලෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ පසු බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පත්තරකාරයන් තමන්ට විරුද්ධව යුද ප්‍රකාශ කරන බව දන්නා නිසාම මේගන් මාකල් කුමරිය එදින රාත්‍රියේම හොර රහසේ කැනඩාව බලා ගුවන්ගත වූවාය.
 
එනිසාම මේ හැම විවේචනයකටම පිළිතුරු සපයන්නත් තමන්ගේ තීරණය සාධාරණීය කිරීමත් තනියම උත්සාහ කිරීමට හැරී කුමාරයාට සිදුවිය.
 
මේ ප්‍රකාශය ගැන බකිම්හැම් මාලිගාවේ නිලධාරීන් හා හැරී කුමාරයාගේ පෞද්ගලික කාර්යාල නිලධාරීන් අතර වට ගණනක සාකච්ඡා පැවැත්වීමෙන් පසු ජන. 13දා රාත්‍රියේ එළිසබෙත් මහ රැජන, පිලිප් කුමරු තම පුතු චාල්ස් කුමරු හා මුනුපුරන් දෙදෙනා විලියම් හා හැරී කුමරුන් සමඟ දීර්ඝ රහස් සාකච්ඡාවක් පැවැත්වූහ. තමන් එපා කිවුවත් හැරී කුමරු මේගන් මාකල්ගේ අණට කීකරුව කැනඩාවේ නියත වශයෙන්ම පදිංචියට යන බව තේරුම්ගත් එළිසබෙත් මහ රැජන ඔවුන්ගේ ඉල්ලීමට අකැමැත්තෙන් හෝ ඉඩ දීමට තීරණය කළාය. පවුලේ පිරිමි හතරදෙනා සමඟ කළ රහසිගත සාකච්ඡාවෙන් පසු මහ රැජන තමන්ගේ නමින්ම ජනමාධ්‍යට නිකුත් කළ ප්‍රකාශනයේ මෙසේ සඳහන් වෙයි.
 
“මගේ මුනුපුරාගේ හා ඔහුගේ පවුලේ අනාගතය ගැන අපි අද ඉතා දීර්ඝ හා ඵලදායි සාකච්ඡාවක යෙදුණා. එයාලා රාජකීය පවුලේ සම්පූර්ණ සාමාජිකයන් ලෙස ඉදිරියටත් මහජන වැඩකටයුතුවල යෙදෙනවා දැකීම මගේ බලාපොරොත්තුව නමුත් මගේ පවුලේ කොටසක් වශයෙන් රැඳී සිටිමින් දැනට වඩා නිදහස් ජීවිතයක් ගත කිරීමට ඔවුනට ඇති අවශ්‍යතාව මට තේරුම්ගත හැකිය. එනිසා රජ පවුලෙන් ඈත්ව වසරෙන් භාගයක් කැනඩාවේ නිදහස් ජීවිතයක් ගත කිරීමට හැරී හා මේගන් ගත් තීරණයට මා හා මගේ පවුල සම්පූර්ණ සහයෝගය දෙනවා. මේ වෙනස ඇති කිරීම සඳහා තවත් බැරෑරුම් ප්‍රශ්න ගණනාවක් විසදා ගත යුතුව තිබෙනවා. එනිසා තව දින කිහිපයකින් මේ ගැන අවසන් නිගමනයට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා”
 
කපන්න බැරි අත සිඹිනවා වැනි මේ ප්‍රකාශයෙන් රැජන තම මුනුපුරාගේ ඉල්ලීමට ඉඩ දී ඇත.
 
හැරී හා මේගන් කොයි රටේ හිටියත් රජ පවුලේ සාමාජිකයන් වශයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍යය රජය පොලිසියට වසරකට පවුම් 600,000ක් වියදම් කරනවා. එසේම ඔවුන්ගේ විදේශ හා ස්වදේශ ගමන් බිමන් සඳහා වසරකට පවුම් 130,000ක්ද රජය වියදම් කරනවා.
 
නමුත් එයාලට Royal Duties රාජකීයයන් ඉටු කළයුතු මහජන වැඩකටයුතුවලින් තමන්ගේ කොටස කරන්න බැරි නම් අපි මෙච්චර සල්ලි කන්දරාවක් එයාලා වෙනුවෙන් වියදම් කරන්නේ අහවල් මඟුලකට දැයි බ්‍රිතාන්‍යයේ පුවත්පත් තරහෙන් ප්‍රශ්න කරයි.
 
"ඒ විතරක් නෙවේ එයාලට රැජන විසින් වාසය කරන්න නිකම් දීලා තියෙන Frogmore Cottage මහා මන්දිරයටත් එයාලගෙන් විශාල කුලියක් අය කරගන්න ඕන..."
 
නමුත් රාජකීය පවුලෙන් ඉල්ලා අස්වී යන හැරී - මේගන් යුවළ කරන්නට අදහස් කරන්නෙත් එයමය. “අපිට රැජනගේ දීමනාව කොහෙත්ම ඕන නැහැ”යි ඔවුන් තම Web අඩවියේ දැනටමත් ලියා ඇත.
 
නමුත් පවුලේ ආරක්ෂක හා ගමන් වියදම් රජය මඟින් ඉදිරියටත් ගෙවනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. වසරේ වැඩි කලක් කැනඩාවේ ජීවත් වන්නට වලි කන ඔවුන්ගේ මේ ඉල්ලීම ඉටු කිරීම රටේ බදු ගෙවන්නන්ට කරන විශාල අසාධාරණයක් බව බ්‍රිතාන්‍යය පුවත්පත් ප්‍රකාශ කරයි. ඔවුන් කියන්නේ හැරී හා මේගන් රැවුලත් කැඳත් දෙකම බේරාගන්නට දරන උත්සාහයට කිසිසේත් ඉඩ නොදිය යුතු බවය.
 
සුප්‍රසිද්ධ ටෙලි ඩ්‍රාමා නිළියක් වශයෙන් මේගන් මාකල් බඳින්නට කලින් ඩොලර් මිලියන පහක් උපයාගෙන ඇත. ඩයනා කුමරියගේ අන්තිම කැමැති පත්‍රයට අනුව හැරීට දැනටමත් ඩොලර් මිලියන 25ක් (රු. මිලියන 5500ක් පමණ) වත්කමක් ඇත. එනිසා රජ පවුලෙන් අෑත් වී නිදහස් ජීවිතයක් ගත කිරීමට හැරීට රැකියාවක් කිරීමට අවශ්‍ය නොවන බව ලන්ඩන් ටයිම්ස් පත්‍රය කියයි. නමුත් නැවත වරක් Hollywood චිත්‍රපටවලට සම්බන්ධ වී විශාල මුදලක් උපයා ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
 
වැඩිහිටි සුද්දන් කෙතෙක් විරෝධය පෑවද බි්‍රතාන්‍යයේ සාමාන්‍ය තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මෙම යුවළගේ තීන්දුව හරියයි කියති.
 
“රජ පවුල තුළ ජීවිතේ කූඩුවක් දමලා සැපට කන්න බොන්න තියන සැළලිහිණියගේ ජීවිතේ වගේ. රැජන කියන විධියට හැසිරෙන්න ඕන. කන්න බොන්න ඕන. නියම කරන උත්සවවලට යන්න ඕන. හිතට කිසිම විවේකයක් නිදහසක් නැහැ. පුංචි කාලේ අම්මා නැතුව දහ දුක් විඳපු හැරී තමන්ටයි, මේගන්ටයි මානසික සුවයක් ලබා ගැනීම සඳහා රජ පවුලෙන් ඉවත් වී නිදහස් ජීවිතයක් ගත කරන්නට තීරණය කිරීම ඉතාමත් කාලෝචිතයි. විශිෂ්ටයි. අපි එය 100%ක් අනුමත කරනවා යැයි” ඔවුහු කියති.
 
හැරී හා මේගන්ගේ නව ජීවිතයට සුබ පතමින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) විද්‍යුත් ගිණුමට මේ දක්වා පණිවුඩ 17,000ක් ලැබී තිබේ.
 
1936 දෙසැම්බර් මාසයේ බි්‍රතාන්‍යයේ අටවැනි එඩ්වඩ් රජතුමාට තම ඔටුන් හැරදා ගෙදර යන්නට සිදුවූයේ දික්කසාද ඇමෙරිකන් කාන්තාවක් වූ Wallie Simpson පෙම්වතිය සමඟ විවාහ වීමට පල්ලියෙන් හා බ්‍රිතාන්‍යය ආණ්ඩුවෙන් ඔහුට ඉඩක් නොලැබුණු නිසාය.
 
එයට අවු. 84කට පසු බ්‍රිතාන්‍යය රජ පවුල තවත් දික්කසාද ඇමෙරිකන් කාන්තාවක් නිසා නැවත බලවත් අර්බුදයකට මුහුණපා සිටී. ඉදිරි සති කිහිපය තුළ මහ රැජන මේ බරපතළ පවුල් ගැටලුව කෙසේ විසදා ගනීවිදැයි මුළු බ්‍රිතාන්‍යයම උනන්දුවෙන් බලා සිටිති.
 
මව්බිම පුවත්පත

Image result for meghan and harryImage result for meghan and harryImage result for meghan and harryImage result for meghan and harryImage result for meghan and harryImage result for meghan and harryImage result for meghan and harry
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  213 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,047 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,058 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,045 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top