චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන නව කොරෝනා වෛරසය මේ වන විට යුරෝපයට ද ව්‍යාප්ත වී තිබෙනවා.
ඒ, ප්‍රංශයෙන් ද ආසාදිතයන් තුන් දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුවයි.
අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් ද ආසාදිතයන් සොයාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1035ක්.
සාස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර, එමගින් මරණයට ද පත්විය හැකියි.