Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
"රෝහල්ගත කරලා ඒ සිප්පි කටු ගලවද්දී මම රෝහල දෙවනත් වෙන්න කෑ ගැහුවා.." - නිරංජනී සම්මුගරජා - Photos

- "රෝහල්ගත කරලා ඒ සිප්පි කටු ගලවද්දී මම රෝහල දෙවනත් වෙන්න කෑ ගැහුවා.." - නිරංජනී සම්මුගරජා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,651 Views
"එක චරිතයක මට නිරුවතින් නාන්න පවා කතා කළා.."
"මට පුළුවන් කියලා මම කිව්වා, ඒත් මම පීනන්න දැනගෙන හිටියේ නැහැ.."
"අම්මා කෙනෙක් විදිහට චිත්තවේග, හැඟීම් එක්ක ගැටෙන්න වුණා.."
 
මම ඒ 'සුනාමියට හසුවෙන්න ඕනේ කියලා දෛවයේ තිබිලා තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලම සෝමරත්න සර්ගේ චිත්‍රපට බලල හැදුණු ළමයි. සරෝජා චිත්‍රපටයේ ඉඳලම එතුමාගේ චිත්‍රපට සිංහල, දමිළ භේදයකින් තොරව අපි බලලා තියෙනවා.

සරෝජා චිත්‍රපටය කරන කාලේ චිත්‍රපටයේ තිර පරීක්ෂණවලට යන්න අපි දන්නේ නෑ. මම නුවර නිසා ඒ දේවල් කොහෙද වෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ.

නිත්‍යවානි රඟපාපු චිත්‍රපට වුණත් ඒ කාලේ දකිද්දී මට හිතිලා තියෙනවා අපිට මේ වගේ චිත්‍රපට ලැබෙන්නේ නෑනේ කියලා. කාලයකට පස්සේ සිනමාවට ආවම සෝමරත්න දිසානායක සර්ව මට මුණගැහෙනවා. සෝමරත්න සර්ගේ චිත්‍රපටවල රඟපාන්න සිංහල, නළුවෝ, නිළියෝ ගොඩක් ඉන්නවනේ. මම සෝමරත්න සර්ගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක්ම රඟපාන්න ඕනේ කියලා හිතුවේ නම් නැහැ.
 
එතකොට ඔබේ හීන හැබෑ කරන්න සෝමරත්න දිසානායකගෙන් ආරාධනා ලැබුණේ කොහොමද?
2017 වසරේ 'ගිරිවැසිපුර' චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙන අතරෙදි විවේක වෙලාවක මට සෝමරත්න සර්ගෙන් දුරකථන ඇමතුමක් ආවා. මම සෙට් එකේ කෑ ගැහුවා සෝමරත්න සර් කතා කරනවා කියලා. සර් මට කිව්වා ‘ඔන්න නිරංජි ඔයා බලාගෙන හිටපු අවස්ථාව දෙන්නයි කතා කළේ’ කියලා. එහෙම කියද්දි මට ඉතිං දෙයියෝ දැක්කා වගේ. ඒත් මම හිතුවේ නැහැ සර් මට කතා කරන්නේ ප්‍රධාන චරිතයකට කියලා. ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේම අමතක කරන්න බැරිවුණ සොබාදහමේ ව්‍යසනයකදී ලංකාවේ සිදුවුණ ඇත්ත සිදුවීමකින් චිත්‍රපටයක් ලියලා තියෙනවා. ඒකේ ප්‍රධාන චරිතය මම කියලා සර් එදා මට කිව්වා. මම මාර සතුටු වුණා. නමුත් ඒක කිව්වට පස්සේ සර්ගෙන් මට දුරකථන ඇමතුම් ආවේ නැහැ. චිත්‍රපටවල අන්තිම මොහොතෙත් නළු නිළියෝ වෙනස් වෙන අවස්ථා තියෙනවනේ. මම හිතුවා සර් මට කතා නොකළේ ඒ චරිතයට වෙන කවුරු හරි අරගෙනද දන්නේ නෑ කියලා.
 
අතට ලැබිච්ච අවස්ථාව ගිලිහුණා කියලා හිත හදාගෙනද හිටියේ?
චරිතයක් වෙනුවෙන් මම දුරකථන ඇමතුම් දීලා වධ දෙන්නේ නෑ. ඒක ලොකුකමකට කරන දෙයක් නෙමෙයි. මාව සර්ට ඕනේ නම් සර් මට කතා කරයිනේ කියලා මම හිතුවා. මම සර්ට කතා කරලා ඒ ගැන අහන එක හරි නෑනේ කියලා මම හිතුවා. ඒ චිත්‍රපටය මට ලැබෙන එකක් නෑ. මගේ හීනේ ඉවරයි කියලා හිතාගෙන මම හිටියා. ඔය අතරේ 2018 පෙබරවාරි, මාර්තු අතර කාලේ සර්ගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. සර්ගේ පවුලේ කෙනෙක් නැති වුණ නිසා තමයි චිත්‍රපටය කරන එක කල් ගිහින් තිබුණේ. වැඩේ පටන් ගන්න යන්නේ සර්ව හම්බෙන්න ඔෆිස් එකට එන්න කියලා මට කිව්වම මම පැනගෙන ගියා. සර්ගේ නළු නිළි තේරීම් ලිස්ට් එකේ පළවෙනියටම තෝරගෙන තිබුණ ආට්ස්ට් මම. මට ඒ තැන ලැබුණු එක හරිම සතුටුයි. පිටපත ගැන කියලා, චරිතය ගැන කියද්දි මට ඊටත් වඩා සතුටක් දැනුණා. ඊට පස්සේ සර් මගෙන් අහපු දෙයට නම් බොරුවක් කියන්න වුණා.
 
මොකක්ද ඒ?
සර් මගෙන් ඇහුවා පීනන්න පුළුවන්ද කියලා. සත්තයි මට පීනන්න බැහැ. පීනන්න බැහැ කිව්වොත් චරිතය මට නැති වෙයිද කියලා හිතුවා. මම කිව්වා මට හොඳට පීනන්න පුළුවන් කියලා. මට පීනන්න පුළුවන් කියලා තමයි වැඩ කටයුතු පටන් ගත්තේ. අන්තිම වෙනකල් සර් දැනගෙන හිටියේ නැහැ මට පීනන්න බැහැ කියලා.
 
ඔබට පීනන්න බෑ කියලා අධ්‍යක්ෂවරයාට හසු වුණා නේද?
මට පීනන්න බෑ කියන හොරය මාට්ටු වුණා. චිත්‍රපටයට ගිවිසුම් අස්සන් කරලා සර්, මාව, බිමල් අයියව, දර්ශන් අයියව , හිමාලි අක්කව නාන තටාකයකට ගෙනිච්චා. අපිට වතුර යට රඟපාන්න අත්දැකීම් නෑනේ. සෝමරත්න සර් සහ රේණුකා අක්කා සැලසුම් කළා අපිව නාන තටාකයකට දාලා වතුරත් එක්ක ගැටෙද්දී කොහොමද හැඟීම් ප්‍රකාශනයන්, රංගනයන් තියෙන්නේ කියලා පුහුණු කරන්න. එදා තමයි මට පීනන්න බෑ කියන හොරේ අහුවුණේ. සර් මගෙන් ඇහුවා 'නිරංජි' ඔයාට පීනන්න බෑ නේද කියලා. මම කිව්වා 'ඔව් සර්, ඒත් මම වතුරට බය නෑ' කියලා. සර්ට හිනා. ඊට පස්සේ මාව පුහුණු කළා.
 
ඔබට චරිත නිරූපණයෙදී අභියෝගයක් වුණ තැන් තිබෙනවාද?
මම මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ අම්මා කෙනකුගේ චරිතයක්. මේ චිත්‍රපටයේ අභියෝග තිබ්බා. මම ඇත්තම අම්මා කෙනෙක් නෙමෙයිනේ. නමුත් මේ චිත්‍රපටයේ මට අම්මා කෙනෙක් විදිහට චිත්තවේග, හැඟීම් එක්ක ගැටෙන්න වුණා. භෞතික වශයෙන් කරන දේවල් අපිට කොහොම හරි කරගන්න පුළුවන්. හැඟීම්වලට මුල් තැන දෙද්දී අපි ඒ වගේ දැනෙන්න, ඒ වගේ ජීවත් වෙන්න මහන්සි වෙනවා. ඒ හැඟීම දනවන්න මගේ මනසට, ආත්මයට පීඩනයක් දෙන්න වෙනවනේ. මම අම්මා කෙනෙක් වෙන්න ඕනේ, ළමයව නැති වෙන්න ඕන, ඒ සිදුවුණ දේවල් එක්ක පීඩනයෙන් ඉන්න ඕනේ. නැතිවුණ දරුවා ගැන හිත හිතා ඉන්න ඕනේ. හැඟීම් එක්ක ගැටෙන එක තමයි තිබ්බ ලොකුම අභියෝගය. නමුත් සෝමරත්න සර්ගේ අධ්‍යක්ෂණය, මෙහෙයවීම අනුව චරිතය එක්ක අපි ගැටෙන්න ඕනේ, එයට මුහුවෙන්න ඕනේ. කොහොමද කියලා දුන්න පුහුණුව, අදහස් එක්ක වගේම විශ්ව අයියගේ කැමරාකරණය, රේණුකා අක්කා අපිව බලාගත්ත විදිහ වේශ නිරූපණ එක්ක, ඇඳුම් පැලඳුම් එක්ක කියන සියලු දේ එක්ක තමයි චිත්‍රපටයේ කල්‍යාණි කියන මම නිරූපණය කරන චරිතය ගොඩනැඟුණේ.
 
ඔබට නිතරම ඕන වුණා යුද පසුබිමකින් මිදුණු චරිතවලට එකතු වෙන්න. ඔබේ ඒ බලාපොරොත්තුවත් මෙයින් ඉෂ්ට වෙනවා නේද?
අනිවාර්යයෙන්ම. දමිළ කලාකරුවන් මේ වගේ චරිතවලටත් පාවිච්චි කරන්න පුළුවන් කියන උදාහරණයක් මේ චිත්‍රපටයෙන් දීලා තියෙනවා. අපිට යුද්දේ විතරක්ම නෙමෙයිනේ දුක. යුද්ධවල විතරක්ම නෙමෙයිනේ අපිට චරිත කරන්න පුළුවන්. සෝමරත්න දිසානායකයන් දීපු මේ උදාහරණයෙන් පස්සේ මාව වුණත් දර්ශන්ව වුණත් මේ වගේ චරිතවලට භාවිත කරන්න පුළුවන් කියන අදහස එළියට එනවනේ. සෝමරත්න සර් ඒ අභියෝගය ගත්ත එක ගැන දමිළ කලාකාරිනියක් විදිහට ස්තුතිය පළ කරනවා.
 
දර්ශන් සහ ඔබ නිතර නිර්මාණවල මුණ ගැහෙනවා. ඔහු වගේම අනෙක් පිරිසත් ඔබට ලොකු සහායක් වෙන්න ඇති?
දර්ශන් අයියා මගේ පළවෙනි චිත්‍රපටයේ ඉඳන්ම මුණගැහුණා. ඔහු මගේ වාසනාවන්තම වීරයා. අපි දෙන්නා කතා බහ කරලා තමයි රඟපාන්න යන්නේ. අපි අතර මාර සහෝදරකමක්, යාළුකමක්, බැඳීමක් තියෙනවා. මට තනියම මේ චිත්‍රපටයේ කල්‍යාණි වෙන්න බෑ. බිමල් අයියා, හිමාලි අක්කා, දර්ශන් අයියා වගේම රඟපාපු පුංචි බබාලගේ ඉඳන් හැමෝම මට උපරිම සහාය දුන්නා. එයාලා නැතිව මේ ගේම ගහන්නම බෑ.
 
මේ චිත්‍රපටය එක්ක ඔබේ ජීවිතයට මතක සමූදායක් එකතු වෙන්න ඇති නේද?
මේ චිත්‍රපටයෙදී තමයි මට අනතුරු වැඩිපුරම වුණේ. රන්මිණිතැන්නේ රූගත කිරීම් කරද්දි බැල්ලියක් මගේ කකුල හැපුවා. හම්බන්තොට රෝහලට එක්ක ගිහින් ඉන්ජෙක්ෂන් නවයක් ගැහුවා. ඒ වෙලත් පහුවදා පාන්දර 5ට ඊළඟ රූගත කිරීම්වලට මම ලෑස්ති වුණා. උණ හැදිලා කකුල බිම තියාගන්න බැරි වුණත් මම රූගත කිරීම් මඟහැරියේ නැහැ. ඊට පස්සේ රටපුරා රූගත කිරීම් තියෙන තැන්වලට යද්දි ලංකාව වටේ තියෙන තැන්වලින් ඉන්ජෙක්ෂන් ගහගෙන මම වැඩ කළා. රන්මිණිතැන්නේ රූගත කිරීම් කරද්දි මම නැවතිලා හිටපු කාමරයේ මීයෝ, ගස් ගෙම්බෝ, කැරපොත්තො, මදුරුවෝ පිරිලා. හැමදාම මට කලින් රේණුකා අක්කයි, චාමර අයියයි මගේ කාමරයට ගිහින් ඒ සත්තු එළවනවා. මගේ කාමරේට විතරයි ඒ ප්‍රශ්නය තිබ්බේ. හැබැයි බල්ලා මගේ කකුල හැපුවට පස්සේ දවසේ ඉඳන් මගේ කාමරේ අර සත්තු නැති වුණා. මම හිතන්නේ මට වෙන්න තිබ්බ ලොකු කරදරයක් නැති වුණා වගේ. ඒ වගේම අපිට මුහුද ඇතුළේ ඉඳන් කෑ ගහගෙන වෙරළට දුවගෙන එන දර්ශනයක් කරන්න තිබ්බා. ඒ දුවගෙන එද්දී මගේ කකුලේ සිප්පි කටු ඇනිලා ලේ බේරෙනවා. ඒත් ලොකේෂන් එකේ කෙනෙක් හිනාවෙලා තිබ්බ නිසා ඒ දර්ශනය අපිට ආයෙත් ගන්න වුණා. සෝමරත්න සර් මට ඒක කරන්න කිව්වේ නෑ. ඒත් මම කිව්වා කමක් නෑ ආයෙත් ඒ දර්ශනය කරමු කියලා. ආයෙත් ඒ විදියටම සිප්පු කටු ඇනිලා මගේ යටි පතුල්වලින් ලේ එන්න ගත්තා. රෝහල්ගත කරලා ඒ සිප්පි කටු ගලවද්දී මම රෝහල දෙවනත් වෙන්න කෑ ගැහුවා. ප්ලාස්ටර් දාගෙන ආයෙත් පහුවදා රූගත කිරීම් කළා. සුනාමි සීන් එක ගන්න දවස් පහකට කලින් මගේ ඔළුව පැළුණා. ඒක පෞද්ගලික අනතුරක්. අපිට රූගත කිරීම්වලදී මඩ වතුරේ එහෙම බහින්න වෙනවනේ. ඉතිං තුවාලයට විෂ බීජ යයිද කියලත් මට හිතුණා. මම සෝමරත්න සර්ට කිව්වා ‘සර් මං මැරෙයි කියලා බයයි. මාව මේකට ඕනෙමද කියලා'. එදා තමයි සර් මට හොඳටම බැන්න දවස. ඊට පස්සේ ඕන දෙයක් වුණාවේ කියලා රූගත කිරීම් කළා. මේ වෙලාවේ රේණු අක්කා ගැන කියන්නම ඕනේ. ඇය දර්ශන තලයට වෛද්‍යවරු පවා ගෙනත් තිබුණේ. විෂබීජ නාශකවලින් අපිව උපරිම පිරිසුදු කළා. ඇය අපිව උපරිම රැකබලා ගත්තා. ඉතිං මේ චිත්‍රපටය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
 
මේ වෙනකොට චිත්‍රපටය නරඹපු අය ඔබට දුන්න ප්‍රතිචාර ගැන ඔබට මොකද හිතෙන්නේ?
ගොඩක් අය මට ප්‍රතිචාර දක්වන්නේ ඇස්වල කඳුළු පුරෝගෙන. මම චිත්‍රපටයට, චරිතයට සාධාරණයක් කළා කියන ප්‍රතිචාරය ඔවුන්ගෙන් ලැබෙන්නේ ඒ විදිහට. හැමෝම මට කිව්වේ ලබන අවුරුද්දේ සම්මාන උළෙලවල සම්මාන ටික උස්සන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන් මාව අගයද්දී මම සෝමරත්න සර්ව බදාගෙන ඇඬුවා. 'හැමෝම මට හොඳ කියනවා" කියලා. ගෝඩන් අයියගේ ප්‍රතිචාරයත් මට හොඳටම හිතට වැදුණා. ඔහු පොඩි කෞතුකාගාරයක් වගේ. කලා ලොවට සම්බන්ධ බොහෝ දේවල් ඔහු ළඟ එකතුවක් තියෙනවා. ඔහු චිත්‍රපටය බලලා ඇස් රතු කරගෙන මගේ අත්දෙක අල්ලගෙන ඇඬුවා.
 
‘රඟපාන්න ඕනේ කියලා, මෙහෙමත් රඟපාන්න එපා' කියලා එයා කිව්වා. ' උඹේ රඟපෑම අගය කරන්න ලෝකයේ වටිනාම දෙයක් දෙන්න ඕනේ. ඒත් මං ළඟ ඒ තරම් වටිනා දෙයක් නෑ’ කියලා ඔහු කිව්වා. එදා මටත් ඇඬුුණා. මට ඒ ආදරයම ඇති. ඒ ප්‍රතිචාරම ඇති.
 
සුනාමි රංගනය වෙනුවෙන් නිරංජනිත් සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන ඇති නේද?
ලංකාවේ සම්මාන ගැන නම් විශ්වාසයක් තියාගෙන ඉන්න අමාරුයිනේ. චිත්‍රපටය බලලා කඳුළුවලින් දුන්න ඒ ප්‍රතිචාරය වචනවලින් දුන්න ප්‍රතිචාරය මට සම්මානවලටත් වඩා වටිනවා.
 
සමහර රංගන ශිල්පිනියන් සුරූපී, පෙම්වතියගෙ චරිත කරන්න කැමැතියි. හැබැයි නිරංජනී පුංචි තිරයෙදි, සිනමාවෙදි වුණත් වෙනස් චරිතවලින් දකිනවා. ඒ වෙනස නිරංජනීව හොයාගෙන එනවා වගේ?
ලස්සන පෙම්වතියගේ චරිතය කරන්න ගොඩක් අය ඉන්නවා. මම මහලොකු ලස්සන නිළියක් නෙමෙයි. හැබැයි මම කරන චරිත ලස්සන චරිත කරන අයට අභියෝගයක්. මම මෙච්චර කල් කළ චරිතවලට නිර්මාණය සහ අධ්‍යක්ෂවරුන් විසින් මාව තෝරාගත්තේ. මාවම නිර්මාණයකට ඕනේ කියන සිතුවිල්ල අධ්‍යක්ෂවරයෙක්ට එන එකම මට ආශීර්වාදයක්. නිර්මාණයකට මාව අවශ්‍ය නම් මාවම එයට ඉල්ලනවා. නිර්මාණය හරිම කෙනාව නිර්මාණය ළඟට ගෙන්න ගන්නවා කියලා මම විශ්වාස කරනවා.
 
ඔබ එන හැම වැඩක්ම භාරගන්න කෙනෙක් නෙමෙයි නේද?
මම නිර්මාණයක් භාරගනිද්දී පිටපත බලනවා. මාව නිර්මාණයකට අරගෙන වැඩක් කරන්න ඕනේ කියන සිතුවිල්ල එන අයට මම ගරු කරනවා. හැබැයි මම එන එන හැමදේම භාරගන්නේ නැහැ. හැමදේටම ඔළුව දාගෙන සල්ලි හම්බකරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මට එක්තරා චිත්‍රපටයකට කතා කළා. ඒ චිත්‍රපටයේ එක දර්ශනයක තියෙනවා මට නිරුවත්ව නාන්න වෙන දර්ශනයක්. මම අධ්‍යක්ෂවරයාට පැහැදිලි කළා, ඒ චරිතය නිරුවත්ව කළොත් එතෙක් ගොඩනඟාගෙන ආපු ඒ චරිතය එතනින් විනාශ වෙයි කියලා. චරිත ලක්ෂණයට හරියන්නේ නැති දෙයක් නම් මම ඒක කොහොමත් කරන්නේ නැහැ.
 
නිරංජනි බොහෝ වෙලාවට කෙළින් කතා කරන කෙනෙක්. කෙළින් කතා කරන්න ගිහින් අහිමි වෙච්ච දේවල් තියෙනවද?
කෙළින් කතා කරන්න ගියාම නොලැබෙන දේවල් ගැන මම හිතන්නේ නැහැ. ඒ දේවල් නොලැබෙන්නේ නොලැබෙන්න තියෙන නිසා. කෙළින් කතා කළත් ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒ දේ ලැබෙනවා. අපි හැමෝම වහල්ලු නෙමෙයි. අපි හැමෝටම ප්‍රකාශනයේ නිදහස තියෙනවා. අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්න බැරි නම් මම කවදාවත් මම වෙන්නේ නෑ. මම මං විධියට ඉඳිද්දි මාව භාරගන්න අයට තමයි කැමැති. සමහරු කෙළින් වෙන දෙයක් කියලා පස්සට ගිහින් තව දෙයක් කියනවා. මම ඒකට කැමැති නැහැ. මම අහන්න තියෙන දේ කෙළින් අහනවා. මම සමහරුන්ගේ ගති ලක්ෂණවලට පෞද්ගලිකව කැමැති නැහැ. හැබැයි මම ඒ පුද්ගලයන්ගේ නිර්මාණ නොකර ඉන්නේ නැහැ. මම පෞද්ගලිකව අකැමැති අයට වුණත් මම අවස්ථා අරගෙන දීලා තියෙනවා. ඒ, ඒ පුද්ගලයා ඊට සුදුසු නිසා. මගේ අදහස් නිසා කෙනෙක් මාව නිර්මාණයකට නොගන්නවා නම් ඒ පාඩුව වෙන්නේ ඒ නිර්මාණයට. මාව නිර්මාණයකට ඕනේ නම් ඒ කෙනා මම ඔළුවෙන් හිටගත්තත් ඒ නිර්මාණයට මාව ගන්නවා.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම

Image may contain: 2 people, people standing, tree and outdoorImage may contain: 1 person, smiling, outdoor and closeupImage may contain: 1 person, standing and textImage may contain: 1 person, standing, sunglasses, sky, outdoor and natureImage may contain: 1 person, smiling, standing, sunglasses, sky, outdoor and nature


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,489 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  614 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,634 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,749 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,509 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,562 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,046 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top