Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
24
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය ගැන CIDය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ජනපති කොමිසමේදී අනාවරණ වෙයි - Video

- මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය ගැන CIDය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ජනපති කොමිසමේදී අනාවරණ වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

69 Views
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද අනාවරණ වුණා.
 
ඒ එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ අවසන් වරට ප්‍රශ්න කළේ, කෑගල්ල ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතාගෙන්.
 
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා අනාවරණ කළේල මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තිබුණ ද සැකකරුවන් නම්කර නොසිටි බවයි.
 
බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් 2018 දෙසැම්බර් මස 26 වැනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ බවද සහකාර පොලිස් අධිකාරීවරයා ජනාධිපති කොමිසම හමුවේ හෙලිකළා.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ පොලිස්පතිවරයා 2018-12-29 වැනි දින තමාට දුරකථනයෙන් අමතා එවක බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කතා කරන ලෙසත්ල ඔහු සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් ලබා දෙනු ඇති බවත් සඳහන් කළ බවයි.
 
පොලිස්පතිවරයා පැවසූ අන්දමට තමා අසාද් සාලි මහතාට දුරකථනයෙන් අමතා පොලිස්පතිවරයාගේ පණිවුඩය දැනුම්දුන් බව සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවා.
 
එහිදී තම්සීන් නමැති මව්ලවිවරයෙක් හරහා සැකකරුවන් දෙදෙනෙකු ගෙනැවිත් භාරදීමට කටයුතු කරන බවට අසාද් සාලි මහතා පැවසූ බව සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතා සඳහන් කළා.
 
අසාද් සාලි මහතා සඳහන් කළ ආකාරයට මව්ලවිවරයා හරහා සැකකරුවන් භාරදුන්නේදැයි කෙමිසම ප්‍රශ්න කළා.
 
සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ සැකකරුවන් භාර නොදුන් බවයි.
 
එදිනම තමන් අසාද් සාලි මහතාට යලිත් දුරකථන ඇමතුමක් ලබාදී සැකකරුවන් භාර නොදුන් බව දැන් වූ බවත්, එහිදී අසාද් සාලි මහතා එම ඇමතුමට තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගත් බවට, සැක සිතූ බැවින් තමා එම ඇමතුම විසන්ධි කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
 
කොමිසම අද යලි රැස්වූ අවස්ථාවේදීද සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණා.
 
එහිදී අනාවරණ වුණේල මාවනැල්, බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල සහ මාවනැල්ල පොලිස් ස්ථාන සමත්ව තිබූ බවයි.
 
අනතුරුව එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට භාර දුන් නමුත් විමර්ශන සඳහා පැමිණ සිටියේ නිලධාරීන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් බව සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.
 
විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවට තමා දැනුවත්ව නොසිටි බවද සහකාර පොලිස් අධිකාරීවරයා අනාවරණ කළා.
 
තවද සහකාර පොලිස් අධිකාරීවරයා කොමිසම හමුවේ අනාවරණ කළේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනාට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම කිසිඳු සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ බවයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පමණක් බවත් ඉන් සැකකරුවන් දෙදෙනෙකු ද පාස්කු ප්‍රහාරයට පෙර නිදහස් කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top