Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
"නීල්ට ශාන්ති ළඟට එන්න දෙන්නෙ නෑ. මට ශාන්තිව ඕනි.." - ගිය ආත්මේ කෝන්තරයක් පිරිමහින්න, රූමත් ශාන්තිගේ ඇඟට රිංඟු මොහොමඩ් කළ අපරාධය

- "නීල්ට ශාන්ති ළඟට එන්න දෙන්නෙ නෑ. මට ශාන්තිව ඕනි.." - ගිය ආත්මේ කෝන්තරයක් පිරිමහින්න, රූමත් ශාන්තිගේ ඇඟට රිංඟු මොහොමඩ් කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,494 Views
"ශාන්තිගේ ශරීරයට පහර දෙනවාට මම කැමති නැහැ."
"පොඩි කොලුවගේ ඇඟට ගිහින් ශාන්ති ළඟට වෙලා ඉන්නවා.."
මිනිස්සුන්ටයි අමනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බැහැ..
 
රාජගිරියේ ශාන්ති 40 හැවිරිදි සුරූපී ගෘහණියක්. ඇගේ සැමියා වූ නීල් ව්‍යාපාරිකයෙක්. එකම පුතා සඳරුවන් 10 හැවිරිදියි. සඳරුවන් මනස වැඩීම අඩු දරුවෙකු වූ අතර 10 හැවිරිදි වුවත් අවුරුදු තුන හතරක ගති පැවතුම් පෙන්නුම් කරන දරුවෙක් වුණා.
 
නිවසේ රාත්‍රීයට කෙනෙකු එහා මෙහා ගමන් කරන අඩි සද්ද ඇහෙන්නට වීමත් සමඟ දුර්ගන්ධයක්ද පැතිර යන ස්වභාවයක් මොවුන්ගේ නිවසේ ඇතිවුණා.

මේ නිසා නොමේරූ දරුවන් සඳහා ඇති විශේෂ අධ්‍යාපන ආයතනයේ ඉගැනුම ලැබූ සඳරුවන්, දැන් පාසල් යෑමද නතර කර තිබෙනවා. ඔහු පිළිම වහන්සේලා දුටු තැන බියට පත් වනවා. රාත්‍රීයට අම්මා තුරුළට වී නිදාගන්නා සඳරුවන් තාත්තාට අම්මා සිටින කාමරයට එන්නට ඉඩ නොදී පහර දෙන්නටත් පටන් ගත්තා. ශාන්තිද නිතර අවුල් මනසකින් කටයුතු කරන්නට වුණා.
 
නිවසේත් නිවැසියන්ගෙත් අසාමාන්‍ය තත්ත්වවලට පිළියම් කළත් කිසියම් සහනයක් නොවුණු තැන ඔවුන් පසුගියදා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණියා. මෙතැනදීත් ශාන්ති ඉතා කලබලයට පත් වූ අතර සඳරුවන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇති පිළිවෙලට බිය වී කෑ ගසන්නට වුණා. ගවේෂකවරයා වේවැල පෙන්වා තරවටු කොට සඳරුවන්ගේ කෑ ගැසීම නතර කළා.
 
මේ මවගෙත් පුතාගෙත් හැසිරීම්වලට අනුව ඔවුන්ට අමනුෂ්‍ය බලපෑමක් ඇති බව නිරීක්ෂණය කළ ගවේෂකවරයා ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට නියම කළේ වත් පිළිවෙත් කිහිපයක්ද කරමිනුයි.
 
බෝධි පූජා අවසන් කළ ඔවුන් නැවත ගවේෂකවරයා හමුවට පැමිණියා. එදින ශාන්තිගේ ශරිරය තුළින් භූතාත්මයක් මතු වූ අතර ගවේෂකරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වුණා.
 
"කවුද මේ..?"
 
"මම මොහොමඩ් නසීර්.." භූතාත්මය පිළිතුරු දුන්නා.
 
"කවුද මොහොමඩ් නසීර් කියන්නේ..?"
 
"මේ ශාන්තිගේ කලින් බෝයි ෆෙන්ඩ්.."
 
"ඒ කොහොමද?"
 
"ශාන්තියි මමයි කොළඹ සාප්පුවක රස්සාව කළා. ශාන්ති ලස්සනයි. මගේ හිත ශාන්ති ගැන බැඳුණා. තදින්ම බැඳුණා. අපි දෙන්නා යාළු වුණා. ඒත් අපේ ගෙවල් දෙකට මේ බව ආරංචි වෙලා දෙපැත්තෙමන්ම විරුද්ධ වුණා. අපේ ගෙදර අය ශාන්තිට මුස්ලිම් ආගම වැළඳ ගන්න කීවා. ඒ දෙකටම දෙපැත්තෙම අය විරුද්ධ වුණා. මේ නිසා ශාන්තිට රස්සාවෙන් අස්වෙලා ගෙදර නතර වෙන්න සිද්ධ වුණා. මමත් රස්සාවෙන් අස්වෙලා කොරියාවේ රස්සාවකට ගියා. ශාන්තිත් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කළත් ඒකටත් ශාන්තිට ගෙදරින් තහංචි පැනවුණා. මම හිතේ අමාරුවට මත්පැන් බොන්න පුරුදු වුණා. හැමදාම රෑට නිදාගත්තේ බීලා. අපිට සිකුරාදා නිවාඩු. පල්ලි යන්න ඕනෑ. මම පල්ලි නොගිහින් යාළුවෝ එක්ක හොරෙන් බිව්වා. බීලා අහුවුණොත් රස්සාවෙන් අස් කරන නිසා නිවාඩු දාට හොරෙන් බිව්වා. මේ හැමදෙයක්ම කළේ ශාන්ති මතක් වුණාම දරාගන්න බැරි වුණු දුකට. දවසක් රෑ බීලා ඇවිදින කොට වාහනයක හැපිලා මම මැරුණා.." ප්‍රේතයා ගවේෂකයා ඉදිරියේ කියාගෙන ගියා.
 
"මැරිලා ඔබට මොනවද වුණේ..?"
 
"මම වෙරි මතින් හිටියත් ශාන්ති ගැන අදහස්වලින් හිත පිරිලා තිබුණේ. ඒ නිසා මැරෙනකොට මම ශාන්ති ළඟ හිටියා..."
 
"ඇයි ඔබේ මවුපියෝ.. ඔබේ ගෙදර? ඔබ එහේ ගියේ නැද්ද?"
 
"ඒ කිසි දෙයක් මට මතක නැහැ. මට මතක ශාන්ති විතරයි. මට ශාන්තිව ඕනෑ. මම පොඩි කොලුවගේ ඇඟට ගිහින් ශාන්ති ළඟට වෙලා ඉන්නවා. නීල්ට ශාන්ති ළඟට එන්න දෙන්නෙ නෑ. මම ශාන්ති දාලා යන්නේ නෑ.."
 
"එහෙම කියලා හරියන්නෙ නෑ. දැන් මේ පවුල ප්‍රේතයෙක් නිසා අවුල් වෙලා. දුකට පත්වෙලා..."
 
"තමුසේ කාටද ප්‍රේතයා කිව්වේ?"
 
"උඹට... උඹ ගැහැණු ප්‍රේතයෙක්.."
 
"මාත් එක්ක හැප්පෙන්න එන්න එපා.." භූතයා ගවේෂකවරයාට තර්ජනාත්මකව සඳහන් කළා.
 
ඒ සැණින් ගවේෂකවරයා භූතාත්මය වෙත වේවැල එල්ල කළා.
 
"ගහන්න එපා. ගහන්න එපා. ශාන්තිගේ ශරීරයට පහර දෙනවාට මම කැමති නැහැ."
 
"එහෙනම් මේ අය අතහැරලා පිටවෙලා පලයන්.."
 
"බැහැ මම යන්නෙ නැහැ. යන්නෙම නැහැ.." කියන විටම ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවාලන්නට පටන් ගත්තා.
 
"පුච්චන්න එපා. දැවිල්ලයි.. දැවිල්ලයි.. පුච්චන්න එපා.." එසේ කියමින් ප්‍රේතයා හඬන්නට වුණා.
 
"දැන් ශාන්ති මොහොමඩ් නසීර් ගැන හිතන් නෑ. එයා මේ නීල්ට ආදරෙයි. නීල් ශාන්තිට ආදරෙයි. ශාන්ති තමන්ගේ බුදු දහම අත හරින්නේ නැහැ. ශාන්ති බුදු දහමට අනුව ජීවත් වෙන කෙනෙක්. නමුත් දැන් නසීර් නෙවෙයි. මළ ගිය ප්‍රේතයෙක්. මිනිස්සුන්ටයි අමනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බැහැ. වහාම ඉවත් වෙලා යන්න ඕනෑ. නැත්තම් පුච්චලා පන්නලා දාන්නයි වෙන්නේ.." ශාන්තිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා දිනපතා නිවසේ ඉටුකළ යුතු වත් පිළිවෙත් කීහිපයක් ඔවුන්ට නියම කළා.
 
දානයෙන් පසු නැවත පැමිණි දිනයේදී භූතාත්මය දිෂ්ඨි ගැන්වූ ගවේෂකවරයා ප්‍රේතයා සමඟ යළි කතා කළා.
 
"කොහොමද ශාන්තිගේ දානයෙන් පින් අනුමෝදන් වුණාද?" ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසුවා.
 
"මොන පින්ද මම ඕවා දන්නේ නෑ. මට තව කරදර කළොත් ශාන්තිව මරාගෙන අරගෙන යනවා.." භුතයා එසේ කී විට ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් ප්‍රේතයා දවාලන්නට වුණා. ඉතාමත් දුර්වල වන තුරු ප්‍රේතයා දවාලූ ගවේෂකවරයා ශාන්තිගේ ශරීරයෙන් ප්‍රේතයා ඉවත් කොට පන්නා දැම්මා.
 
මතුගම මහින්ද විජේතිලක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  427 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  890 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  144 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,307 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,494 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top