Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
සියල්ලන් කම්පා කරමින්, චීනයේ ප්‍රාන්තයක් ලෝකයෙන්ම වෙන් කර තැබූ කොරෝනා වෛරසය ගැන ඔබ නොදත් කතාව මෙන්න - Photos

- සියල්ලන් කම්පා කරමින්, චීනයේ ප්‍රාන්තයක් ලෝකයෙන්ම වෙන් කර තැබූ කොරෝනා වෛරසය ගැන ඔබ නොදත් කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,231 Views
මාරාන්තික වෛරසය නිසා පුද්ගලයින් 25 දෙනෙකුට ජීවිත අහිමියි..
හුබෙයි ප්‍රාන්තයට ඇතුළු වීමත්, පිටවීමත් තහනම් කරයි..
කොරෝනා වෛරසය මිනිසුන් අතර ව්‍යාපත් වුණේ කොහොමද?

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයට ඇතුලූවීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.
 
චීනය නව අවුරුදු සැමරුමට සූදානම් වෙමින් සිටින අතර, බීජිං සහ හොංකොං හි පැවැත්වෙන ප්‍රධාන උත්සව කිහිපයක්ද මේ හේතුවෙන් අවලංගු කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම මාරාන්තික වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ හුබෙයි ප්‍රාන්තයේ වන අතර, මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 830 කට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
මෙම තත්වය පාලනය කිරීම සදහා චීන බලධාරීන් තීරණය කලේ කොරෝනා වෛරසය ආරම්භය මෙන්ම කේන්ද්‍රය ද සටහන් වී ඇති චීනයේ වුහන් නගරයට

වෙනත් නගරවලින් ජනතාව ඇතුළු වීමත් වුහන් නගරයේ ජනතාවට නගරයෙන් පිටත් වීම තහනම් කිරීමයි.
 
මෙම තත්වය මත නගරයේ මිලියන 11 ජනතාවක් නගරය තුලට සිමා කිරීමට අදහස් කර තිබෙනවා.
 
සෞඛ්‍ය බලධාරීන් ජනතවගෙන් ඉල්ලා ඇත්තේ නිතරම තම දැත් වතුරෙන් පිරිසිදු කර ගන්නා ලෙසත්, එසේම තමන් නිවසින් පිටතට යන විට තමන්ගේ මුහුණ හා නාසය ආවරණය කිරීමේ මුහුණු ආවරණ භාවිතා කරන ලෙසයි.
 
කොරෝනා වෛරසය සාමාන්‍ය ලෙස සත්වයින් අතර බහුලව පවතින අතර සමහරවිට සතුන්ගෙන් මිනිසාට ව්‍යාප්ත විය හැකියි.
 
2003 සාර්ස් ද මෙසේ සත්වයින්ගෙන් මිනිසාට ව්‍යාප්ත වූ අතර මෙවරත් චීනයේ වුහන් මත්ස්‍ය වෙළදපොල ආශ්‍රිතව මෙම කොරෝනා වෛරසය මිනිසාට පැතිරීම ඇරඹි ඇති අතර එම මත්ස්‍ය වෙළද පොළ තුල නීති විරෝධිව සජීවී තත්ත්වයෙන් (පණ පිටින්) සත්වයන් අලෙවි කිරීමේ වෙළදසල් ද පිහිටුවා තිබීම කොරෝනා වෛරසය පැතිරීමට හේතු වී ඇති බවත් සැක කරනවා.
 
එසේම තවත් වාර්තා පවසන්නේ චීනය තුල බහුලව ආහාරයට ගන්නා නයි වර්ගයක් මගින් මෙම ව්‍යාප්තිය මිනිසාට සිදු වී ඇති බවයි.
 
එහෙත් කුමන සත්වයාගෙන් පැතිරීම ඇරඹුණද යන්න තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.
 
මෙහි රෝගී ලක්ෂණ වනුයේ අධික උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය හා පසුව නිව්මෝනියා තත්ත්වය දක්වා ව්‍යාප්ත වීමයි.
 
මේ වනවිට චීනයෙන් මෙම කොරෝනා වෛරසය ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, තායිවානය, ඔස්ට්‍රේලියාව (පරීක්ෂණ මට්ටමේ එහෙත් බොහෝ විට) ත් ආක්‍රමණය කර ඇති අතර එසේම ඇමරිකාවේ වොෂින්ටන් නගරයෙන්ද රෝගියෙකු සොයා ගත් අතර, මෙක්සිකෝ, මැකාවු, ව්‍යාප්ත වීම ඇරඹි ඇති අතර උතුරු කොරියාව චීනයෙන් පැමිණෙන සියලුම සංචාරකයින් තම රටට ඇතුළුවීම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.‍
 
චීන බලධාරීන් මුහුණ දෙන දැඩි ප්‍රශ්නයක් වනුයේ චීන සම්ප්‍රදායට අනුව, නව අවුරුදු උදාව වන ලුනා උත්සවය සැමරීමට විදේශගතව සිටින විශාල චීන ජනතාවක් ජනවාරි මස දී වාර්ෂිකව චීනයට පැමිණෙන අතර, මෙවරත් ජනවාරි 25 දින සිට සතියක කාලයක් එසේ පැමිණීමට නියමිතව තිබෙනවා.
 
පවතින තත්වය මත එම උත්සවය පැවැත්වීමත් ගැටලුකාරී වෙමින් තිබෙනවා.
 
ජෝසප් ඩයස් (Joseph Dias)

Image result for coronavirus china people sadImage result for coronavirus china people sadImage result for coronavirus china people sadImage result for coronavirus china people sadImage result for coronavirus china people sadImage result for coronavirus china people sadImage result for coronavirus china people sad
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  6,786 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,476 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,118 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,739 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,732 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,034 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,054 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top