Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
අසාද් සාලිටත් කටහඬ පරීක්ෂාවක්

- අසාද් සාලිටත් කටහඬ පරීක්ෂාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,146 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද දිනයේදීත් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබෙනවා.

මාවනැල්ල - හිඟුල ග්‍රාම නිලධාරීනිය, රන්දිවල ග්‍රාම නිලධාරිනිය සහ වරකාපනේ ග්‍රාම නිලධාරිනිය මෙලෙස කැඳවා ඇති බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, ඊයේ දිනයේදීත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ඇතැම් අවස්ථාවලදී දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාරවරයා එම කොමිසම හමුවේ පිළිගනු ලැබුවා.

ප්‍රශ්න විමසීම ආරම්භ කිරීමට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා අසාද් සාලිට අවවාද කරමින් කියා සිටියේ මීට පෙර ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේ රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත්ට නොගැලපෙන වචනයෙන් ආමන්ත්‍රණය කළ ආකාරයට නොහැසිරෙන ලෙසයි.

එමෙන්ම රජයේ අධිනීතිඥවරියගෙන් පෙරලා ප්‍රශ්න කිරීමෙන් තොරව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලෙසද සභාපති විනිසුරුවරයා හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අවවාද කළා.

මෙහිදී රජයේ අධිනීතිඥවරිය මීට පෙර කොමිසමට පැමිණ ලබාදුන් දුරකතන සංවාදයක ඇතුළත් හඬ පටයක් පිළිබඳව අසාද් සාලිගෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු දිගින් දිගටම සඳහන් කළේ ඊට අදාළ දුරකතනය කාගේ දැයි තමන්ට මතකයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, එම ඇමතුම ලබාගෙන ඇත්තේ එම්.ඒ.එච්. සහබ්දීන් නැමැත්තෙකුගෙන් බවට සඳහන් කළ කොමිසම ඔහු හඳුන්නන්නේ කෙසේ දැයි අසාද් සාලිගෙන් ප්‍රශ්න කළා.

මෙහිදී නැගුණු ප්‍රශ්නවලට ඔහු පරස්පර අදහස් සහ පිළිතුරු ලබාදීම දක්නට ලැබුණා. එසේම, අදාළ දුරකතන සංවාදයේ විශ්ලේෂණ වාර්තා අනුව කාලය තත්පර 474 ක් ලෙස සටහන් වූවත්, අසාද් සාලි කොමිසමට ලබාදුන් සංවාදයේ ඇත්තේ තත්පර 444 ක් පමණක් බවත්, මෙහිදී හෙලිවීම විශේෂත්වයක්.

ඒ අනුව එම සංවාද පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගෙන් දෙසතියක් තුළ වාර්තාවක් කැඳවීමට ජනාධිපති කොමිසම අවසර ලබාදුන්නා. එසේම අසාද් සාලිගේ කටහඬ පරීක්ෂණයක් සිදුකරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

රජයේ අධිනීතිඥවරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් ඔහු පිළිගත්තා.

අනතුරුව ඔහු විනාඩි 30 ක පමණ කාලයක් රහස්‍ය ප්‍රකාශයක්ද ලබාදුන් බවයි එහි සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙහිදී පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බවට වාර්තා වූ දැනුම්දීමේ ලිපිය පිළිබඳව ප්‍රශ්න කළ අතර, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඒ පිළිබඳව සඳහන් කළ විට හා...හා....යැයි පවසා දුරකතනය විසන්ධි කළ බවද අසාද් සාලි කියා සිටියා.

ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් නොකළේ දැයි ඔහුගෙන් කොමිසම විමසූ අතර, සියළු ප්‍රභූවරුන්ට එය ලැබී තිබූ නිසා එසේ නොකළ බව ප්‍රකාශ කළ ඔහු, හිටපු ජනාධිපතිවරයා ඇතැම් දේ අපටත් වසන් කළා යනුවෙන් සඳහන් කළා.

මේ අතර මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 28 දෙනා ලබන මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  176 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  691 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,082 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,383 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  295 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,823 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,960 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,792 Downloads



Top 10 Commenters

Latest Comments

Top