Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, ජනපති කොමිසම හමුවේ රහස් රැසක් හෙළි කරයි - Video

- හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, ජනපති කොමිසම හමුවේ රහස් රැසක් හෙළි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,428 Views
ඇතැම් වෙලාවට දේශපාලනඥයින් පොලීසියට බලපෑම් කරනවා....
සියලූ ප්‍රභූවරුන්ට ලැබුණූ නිසා දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නෑ..
"හිටපු ජනාධිපතිවරයා ඇතැම් දේ අපටත් වසන් කළා.."

ඇතැම් අවස්ථාවලදී දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ අද පිළිගත්තා.
 
හිටපු ආණ්ඩුකාරවරයා ජනාධිපති කොමිසම ඉදිරියේ අද සාක්ෂි ලබාදුන්නේ දෙවන දිනටයි.

ප්‍රශ්න විමසීම ආරම්භ කිරීමට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා අසාද් සාලි මහතාට අවවාද කරමින් කියා සිටියේ මීට පෙර ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේ රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මියට නොගැලපෙන වචනයෙන් ආමන්ත්‍රණය කළ ආකාරයට නොහැසිරෙන ලෙසයි.
 
එමෙන්ම රජයේ අධිනීතිඥවරියගෙන් පෙරලා ප්‍රශ්න කිරීමෙන් තෙරව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලෙස ද සභාපති විනිසුරුවරයා හිටපු ආණ්ඩුකාරවරයාට අවවාද කළා.
 
ඉන් අනතුරුව රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මිය අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කළේ, මීට පෙර කොමිසමට පැමිණි අවස්ථාවේ ලබාදුන් දුරකතන සංවාදයක් ඇතුලත් හඬපටය සම්බන්ධවයි.
 
එහි තිබුණේ අසාද් සාලි මහතා විසින් සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් නමැත්තාට මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව සිදුකළ දුරකතන සංවාදයක්.
 
අදාළ දුරකතන ඇමතුම ලබාගත්තේ තමාගේ දුරකතනයෙන්දැයි රජයේ අධිනීතිඥවරිය විමසුවා.
 
අසාද් සාලි මහතා පැවසුවේ තමන්ගේ දුරකතනයේ පටිගත කිරීමේ පහසුකම් නොමැති නිසා එම ඇමතුම ලබාගත්තේ ප්‍රවත්ති සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි වෙනත් පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයකින් බවයි.
 
රජයේ අධිනීතිඥවරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ අසාද් සාලි මහතා දිගින් දිගටම සඳහන් කළේ, දුරකථනයේ හිමිකරු කවුරුන්දැයි මතකයේ නොමැති අතර ඇතැම් විට ඔහු හඳුනන අයෙකු විය හැකි බවයි.
 
එම දුරකතන ඇමතුම ලබාගත්තේ එම්.ඒ.එච්. ෂහාබ්දීන් නමැති පුද්ගලයෙකුගෙන් බවට හෙලිව ඇති බැවින් ඔහු හඳුනන්නේදැයි කොමිසම අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කළා.
 
ඔහු පැවසුවේ එවැනි පුද්ගලයෙකු හඳුනන බවයි.
 
දුරකතන සංවාදය තැටිගත කළේල මාධ්‍ය සාකච්ඡාවට පෙරදැයි අධිනීතිඥවරිය ඇසූ ප්‍රශ්නයට ඔව් යනුවෙන් අසාද් සාලි මහතා පිළිතුරු දුන්නද යළිත් අධිනීතිඥවරිය එම ප්‍රශ්නයම ඇසූ අවස්ථාවේ ඔහු පැවසුවේ නැත යන්නයි.
 
මෙහිදී අසාද් සාලි මහතා ජනාධිපති කොමිසමට ලබා දුන් හඬපටය ප්‍රසිද්ධියේ ඇසීමට අවස්ථාව දුන්නා.
 
එහි තිබුණේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් පොලිසියට භාර දෙන බවට අසාද් සාලි මහතා මීට පෙර සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාට පැවසූ බවට තොරතුරු වාර්තා වූ සිදුවීමට අදාළ වෙනත් හඩ පටයක්.
 
එහිදී අසාද් සාලි මහතා සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසන්නේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් පොලිසියට භාරදෙන බවට තමන් පැවසුවේ නැහැ නේද යන්නයි.
 
එමෙන්ම ඒ පිළිබඳ සොයාබලන්නම් යනුවෙන් පමණක් තමන් සඳහන් කළ බවද අසාද් සාලි මහතා සහකාර පොලිස් අධිකාරීවරයාට පවසනවා.
 
එහිදී සහකාර පොලිස් අධිකාරීවරයාගේ පිලිතුර පැහැදිළිව ශ්‍රවණය වූයේ නැහැ.
 
කෙසේ වෙතත් අදාළ හඬපටය සම්බන්ධයෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී අසාද්සාලි මහතා අවස්ථා කිහිපයකදීම ලබාදුන්නේ පරස්පර පිළිතුරුයි.
 
මේ අතර දුරකතන සංවාදයට අදාළව දුරකතන සමාගමෙන් ලබාගත් විශ්ලේෂන වාර්තාවට අනුව දුරකතන සංවාදය තත්පර 474ක් ලෙස සටහන් වුවත් අසාද් සාලි මහතා කොමිසමට ලබාදුන් දුරකතන සංවාදයේ ඇත්තේ තත්පර 444ක් පමණක් බවත් කොමිසම හමුවේ හෙලිවුණා.
 
ඒ අනුව ඉතිරි තත්පර 30ක කොටසට සිදුවුණේ කුමක්දැයි කොමිසම අසාද් සාලි මහතාගෙන් විමසුවා.
 
එහිදී අසාද් සාලි මහතා දිගින් දිගටම පැවසුවේ තමන් එම හඬපටය කිසිඳු සංස්කරණය කිරීමකින් තොරව තැටිගත කළ බවයි.
 
දුරකතන සමාගම විසින් තත්ත්පර 474ක් වූ දුරකතන සංවාදයද කොමිසම වෙත ලබා දී තිබූ අතර අදාළ දුරකතන සංවාද දෙකම රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර දින 14ක් ඇතුලත වාර්තාවක් කැඳවීමට ජනාධිපති කොමිසම අවසර ලබා දුන්නා.
 
ඒ සමඟම අසාද් සාලි මහතාගේ කටහඬ පරීක්ෂණයක් සිදුකරන ලෙස ද කොමිසම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියොගයක් නිකුත් කළා.
 
පොලිස් විමර්ශනයකට දේශපාලනඥයෙකු ලෙස ඔබ මැදිහත් වීම නිවැරදිදැයි රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මිය විමසූ අතර අසාද් සාලි මහතාගේ පිළිතුර වූයේ නැත යන්නයි.
 
යලිත් පැහැදිළි පිළිතුරක් අපේක්ෂාවෙන් රජයේ අධිනීතිඥවරිය විමසුවේ දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරනවාද, එසේ කිරීම නිවැරදිද යන්නයි.
 
දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් අසාද් සාලි මහතා එහිදී පිළිගත්තා.
 
තමන් සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කිරීම හරිදැයි විමසූ විට අසාද් සාලි මහතා පැවසුවේ ඔහුට පමණක් නොව සියලු ආරක්ෂක අංශ වෙත තමා කතාකර ඇති බවයි.
 
අනතුරුව ඔහු විනාඩි 30ක පමණ කාලයක් ජනාධිපති කොමිසම ඉදිරියේ මාධ්‍යයට අනාවරණ නොවූ රහස්‍ය ප්‍රකාශයක්ද ලබා දුන්නා.
 
යළිත් වරක් අසාද් සාලි මහතාගෙන් ප්‍රසිද්ධියේ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බවට වාර්තා වූ දැනුම්දීමේ ලිපිය පිළිබඳවයි.
 
අදාළ ලිපිය තමාට ලැබුණේ කවදාදැයි රජයේ අධිනීතිඥවරිය ප්‍රශන කළා.
 
ඔහු පැවසුවේ එය තම පෞද්ගලික ආරක්ෂකයාට පසුගිය වසරේ අප්‍රේල් මස 15 හෝ 16 යන දිනවලදී ලැබී ඇති අතර අනතුරුව තමන්ට එය ලැබුණු බවයි.
 
තමන් ඒ පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද දැනුම් දුන් බව අසාද් සාලි මහතා සඳහන් කළා.
 
එහිදී පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරය කෙබඳුදැයි කොමිසම විමසූ අතර අසාද් සාලි මහතා පැවසුවේ පොලිස්පතිවරයා හා.. හා.. යැයි පවසා දුරකතනය විසන්ධිකළ බවයි.
 
තමන් ජනාධිපතිවරයා සමඟ ඉතා ළඟින් ආශ්‍රය කරන බවට අවස්ථා කිහිපයකදීම පවසා ඇති බැවින් අදාළ ලිපිය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළේ නැත්දැයි කොමිසම යලි ප්‍රශ්න කළා.
 
ඔහු පැවසුවේ අදාළ ලිපිය සියලු ප්‍රභූවරුන්ට ලැබී තිබූ නිසා එලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවයි.
 
"හිටපු ජනාධිපතිවරයා ඇතැම් දේ අපටත් වසන් කළා” යැයි ද අසාද් සාලි මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  223 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,055 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,060 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,056 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top