Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
ස්විස් තානාපතිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් CID හිටපු අධ්‍යක්ෂක ශානිගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි - Video

- ස්විස් තානාපතිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් CID හිටපු අධ්‍යක්ෂක ශානිගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,857 Views
හඬ පට සම්බන්ධව ඔබතුමාට අදහසක් තියේද..?
මොනවාහරි කියන් පුළුවන්ද..? - මාධ්‍ය විමසයි..
දුරකථන සංවාදයන් හි ජාලාත්මක සම්බන්ධයක්?
 
වැඩ තහනම් කෙරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
 
ඒ කිසියම් පිරිසක් විසින් පැහැර ගැනුණේ යැයි පැවසුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ අනාවරණය වූ සැකකටයුතු දුරකථන සංවාද කිහිපයකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ එස්.එස්.පී. ශානි අබේසේකරට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 21 වනදායි.
 
අධිකරණ නියෝගයට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරු 9.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවට පැමිණියා.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ශානි අබේසේකරට අධිකරණ නියෝග කළේ ගානියා බැනිස්ටර් පැහැර ගැනීම සිදුවූ බව කියන කාල වකවානුවේදී පැවැත්වූ සැකකටයුතු දුරකථන සංවාද සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 21 වනදා අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.
 
එම කරුණු දැක්වීමේදී අනාවරණය කෙරුණේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී ධරීෂා බැස්ටියන් සැකකාර ගානියා බැනිස්ටර්ට වැඩි වාර ප්‍රමාණයක් දුරකථන ඇමතුම් ලබාදී ඇති බවයි.
 
අදාළ ඇමතුම් ලබාගෙන ඇත්තේ ගානියා බැනිස්ටර් පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසෙන කාල වකවානුව තුළම බව අධිකරණය හමුවේ සඳහන් කළ විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ අදාළ කාලපරිච්ඡේදය තුල ගානියා විසින් ද ලේක්හවුස් මාධ්‍යවේදිනිය සමඟ දුරකථන සබඳතා පවත්වා ඇති බවයි.
 
එම කාලසීමාවේදී මාධ්‍යවේදී ධරිෂා බැස්ටියන් එවකට ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ සමඟ අවස්ථා 21 කදී දුරකථන සංවාද පවත්වා ඇති බවද හෙළි වී තිබෙනවා.
 
ප්‍රශ්න ගත කාලපරිච්ඡේදය තුළ අදාළ ලේක්හවුස් මාධ්‍යවේදිනිය ස්විට්සර්ලන්තයට පළාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමඟත් එවකට ලේක්හවුස් සභාපතිධුරය දැරූ ක්‍රිෂාන්ත කුරේ නැමැත්තා ශානි අබේසේකර සමඟත් සෘජු දුරකථන සබඳතා පවත්වා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇත්තේ.
 
මෙම කරුණු එකිනෙක ගළපා බැලීමේදී සැකකාර ගානියා ෆ්‍රැන්සිස් සහ ඉහත කී නිලධාරීන් අතර පැවති දුරකථන සංවාදයන් හි ජාලාත්මක සම්බන්ධයක් ඇත්දැයි සැක මතු වී තිබෙනවා.
 
අදාළ සැකකටයුතු දුරකථන සංවාද සම්බන්ධයෙන් පැය 6කට අසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන් එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පස්වරු 3ට පමණ ඉන් පිටව ගියා.
 
මේ අතර ගානියා බැනිස්ටර්ගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළවුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  210 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,040 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,033 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top