Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
"දරුවා නැතිබව දැන ගත්තේ හුඟක් දුර ගියාට පස්සෙ.." - ත්‍රීරෝද රථයෙන් එළියට වීසිවුණු සිඟිත්තිය බේරාගත් නාඳුනන ගැලවුම්කරුවා - Photos

- "දරුවා නැතිබව දැන ගත්තේ හුඟක් දුර ගියාට පස්සෙ.." - ත්‍රීරෝද රථයෙන් එළියට වීසිවුණු සිඟිත්තිය බේරාගත් නාඳුනන ගැලවුම්කරුවා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
අයිතිකාරයෙක් නොමැති දරුවෙකු රෝහලේ ඉන්නවාලූ..
ෆාතිමා පිස්සුවෙන් වගේ මහපාරේ දිව්වා..
ඔහු නොහිටින්න ළමයට මොනා වෙයිද දන් නෑ..
 
කුඩා දරුවන් සුවඳ මල් බඳුය. සුවඳය පිරිසිදුය. සිඟිති හදවත් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් තොරය. එබැවින් දෙවියන්ගේ ඇල්ම බැල්ම කුඩා දරුවන් වෙත නිරන්තරයෙන් යොමුවන බවට ද මතයක් ඇත.
 
යහපත් ආගමික පසුබිමක් යටතේ ජීවත්වන පිරිස තුළ එවැනි විශ්වාසයක් පවතින අතර ඇතැමෙක් එම විශ්වාසය අභූත මෙන්ම අභව්‍ය දෙයක් ලෙස බැහැර කරනු ඇත. ‘බේබි 81’ නැමති කුඩා දරුවෙක් මීට කලකට ඉහත ලෝක ප්‍රසිද්ධියට පත්විය.

මෙරට සිදුවූ එම සිදුවීම පිණිස පසුබිම සපයන ලද්දේ සුනාමි ව්‍යසනය විසින්ය. එකල සිවුමස් බිළිඳකු වූ අභිලාෂ් සුනාමියේ රුදුරු රළ පහරට හසුවන්නේ කල්මුණේ වෙරළ තීරයේදීය.
 
මව් ඇකයේ සිටි අභිලාෂ්ව උදුරාගන්නා සුනාමි රළ ඉන් නොනැවතී අභිලාෂ්ගේ මව්පියන් යුවළ ද බිළිගැනීමට සැරසෙන අතර ජෙයරාජ් යුවළට තම සිඟිති පුතුනුවන්ව මඟ හැරෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි තීරණාත්මක මොහොතකය.
 
පසුව කල්මුණේ මුහුදු වෙරළේ ගොඩගැසී සුන්බුන් අතරින් සොයාගන්නා අභිලාෂ්ව පිරිසක් විසින් කල්මුණේ රෝහලට ඇතුළත් කරන අතර ඔහුව රෝහල්ගත කරන්නේ සුනාමියට හසුවූ 81 වැනි පුද්ගලයා ලෙසින්ය.
 
අභිලාෂ්ව ‘බේබි 81’ නමින් හඳුන්වන්නට ගත්තේ එම සිදුවීමෙන් පසුවය. නමක් ගමක් නොදන්නා කාත් කවරුත් නැති අභිලාෂ් එතැන් සිට ‘බේබි 81’ ලෙසින් නම් විය. දහස් ගණනක් මරා දමමින් නිහඬ වූ සුනාමි රළට අභිලාෂ් ගොදුරු නොවූයේ කිසියම් හාස්කමකින්ද? සිවුමස් බිළිඳෙකු මහා ජල කඳක ගොදුරක් නොවී තවදුරටත් ජීවත්වීමට වරම් හිමි කරගන්නේ කිසියම් හෝ බලවේගයක ඇල්ම බැල්මක හේතුවෙන් යැයි සමාජය තුළ එකල මතයක් විය.
 
එම සිදුවීමෙන් වසර 15 කට පසුව ඉකුත් දිනක තවත් එවැනිම ආකාරයේ පුවතක් මෙරටින් වාර්තා වන අතර මෙවර සිදුවීමට මුල්වන්නේ මාස හතක් පමණ වයසැති පිරිමි දරුවෙක්ය. වාර්තාවන ආකාරයට එම සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.
 
මොහොමඩ් 29 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් දියණියට අවුරුදු 4 ක් වන අතර මීට මාස 7 කට පමණ පෙර ඔවුන්ගේ පවුලට තවත් සාමාජිකයෙක් එක්විය. අලූත උපන් බිළිඳාට නම් තබනු ලබන්නේ යුනුසුෆ් රිස්මාන් ලෙසය.
 
ඒ අනුව ඔවුන්ගේ පවුලේ මුළු සාමාජිකයන් පිරිස සිවු දෙනෙක්ය. බිරිඳ හා දරුවන් දෙදෙනා රක්‍ෂා කරනු පිණිස කටාර් දේශයේ රැකියාවක නිරත මොහොමඩ් ඉකුත් ජනවාරි මස පළමුවැනි දින නිවාඩුවක් පිණිස ලංකාවට පැමිණෙන අතර එම කෙටි නිවාඩුවේ මූලික අරමුණ බවට පත්ව ඇත්තේ තම ආදරණීය බිරිඳ හා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසා බැලීමය.
 
ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් මාතලේ කළුදාවල පිහිටි නිවසේ සතුටින් ගත කරන ඔහු ඔහුගේ බිරිඳ වන මොහොමඩ් කලීල් ෆාතිමා ඇතුළු දරුවන් දෙදෙනා ඉකුත් 13 දා පස්වරුවේ කොළඹ පැමිණීම පිණිස සිය නිවසින් පිටත්ව ඇත.
 
ඒ අනුව ත්‍රීවීල් රථයකින් කොළඹ බලා පිටත්වන ඔවුන් ක්‍රමයෙන් නිට්ටඹුවට ආසන්න වනවාත් සමග මොහොමඞ්ගේ මව විසින් මොහොමඞ් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇත. ඒ අනුව ත්‍රීවීල් රථය මාර්ගයේ අයිනකට වන්නට නතර කරන මොහොමඞ් එම ඇමතුමට පිළිතුර ලබාදී ඇත.
 
ඒ අවස්ථාවේ මොහොමඞ්ට දකින්නට ලැබී ඇත්තේ තම සිවු හැවිරිදි දියණිය හා පුතුනුවන් බිරිඳගේ උණුසුමට තුරුළුව ත්‍රීවිල් රථය තුල නිදා සිටින ආකාරයක්ය. එම ස්ථානයේ මඳ වේලාවක් විවේක ගන්නා මොහොමඞ් නැවතත් ත්‍රිරෝද රථය පනගන්වනු ලබන්නේ ගමනේ ඉතිරි මඟ ගෙවා දමමින් හැකි ඉක්මනින් කොළඹට ළඟාවීම පිණිසය.
 
ඒ අනුව තිහාරිය පසුකරන ත්‍රිරෝද රථය කෙමෙන් කෙමෙන් යක්කලට ආසන්න වෙමින් තිබී ඇති අතර මොහොමඞ් ත්‍රීවීල් රථය පදවන අතර රථයේ පසුපස අසුන වෙත දෑස් යොමු කර ඇත්තේ බිරිඳත් දරුවන් දෙදෙනාත් තවදුරටත් නින්දේ පසුවන්නේ දැයි විපරම් කර බැලීම පිණිසය.
 
මොහොමඞ්ගේ ඉහමොළ රත්වන්නට ගන්නේ එතැන් සිටය. එතෙක් වේලා බිරිඳගේ උකුල මත නිදි සුව විඳිමින් සිටි සිඟිත්තා බිරිඳ සමීපයේ නැත. එවෙලෙහි ද බිරිඳ සුව නින්දකය. සිදුවී ඇති විපත පිළිබඳ කිසිවක් තේරුම්ගත නොහැකි වූ මොහොමඞ් හට කළ හැකිව තිබූ එකම දෙය බවට පත්වන්නේ බිරිඳ අවදිකොට දරුවා පිළිබඳ විමසීම පමණය.
 
ඒ අනුව නින්දෙන් අවදිවන මොහොමඞ්ගේ බිරිඳ වන ෆාතිමා විලාප තබන්නට ගෙන ඇත්තේ ඒ වනවිට ද දරුවාට සිදුවූ දෙයක් පිළිබඳ කිසිවක් ඇය නොදැන සිටීම හේතුවෙන්ය. නතර කරන ලද ත්‍රිරෝද රථයෙන් බිමට පැන ගන්නා ෆාතිමා පිස්සියක මෙන් මහාමාර්ගයේ පසුපසට දුවන්නට ගැනීමත් සමග ත්‍රිරෝද රථය හරවගන්නා මොහොමඞ් නැවත නිට්ටඹුව දෙසට රථය ධාවනය කරන්නට ගෙන ඇත්තේ සිඟිත්තාට වූ විපත පිළිබඳ යම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමේ අටියෙන් යුතුවය.
 
ඒ අනුව අතරමඟ මුණගැසෙන පුද්ගලයන්ගෙන් ද සිඟිත්තා ගැන විමසමින් කිලෝමීටර් කිහිපයක් ආපස්සට ගමන් කරන ඔවුන්ට තිහාරිය හා මල්වත්ත අතර එක්තරා ස්ථානයකදී දකින්නට ලැබී ඇත්තේ ප්‍රධාන මාර්ගය අද්දර කිසියම් පිරිසක් එක්රැස් වී සිටින ආකාරයක්ය.
 
ඔවුන් වෙත සමීප වන ත්‍රීවීල් රථය ඒ අසල නතර කිරීමත් සමග ඉන් බැස ගන්නා මොහොමඞ් එම පිරිස හමුවේ තමන්ට වූ විපත පවසා සිටින්නේ ගැහෙන හදින් යුතුවය.
 
මොහොමඞ් හා ඔහුගේ බිරිඳට යම් හෝ සැනසුම් සහගත ආරංචියක් ලැබෙන්නේ එම නන්නාඳුනන පිරිසගෙන් ය. ඒ අනුව ඔවුන් පවසා සිටින්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වැටී සිටි බිළිඳෙක් ඊට ටික වේලාවකට පෙර කිසියම් පුද්ගලයකු විසින් දැක සිඟිත්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බවක්ය.
 
මේ අතර වතුපිටිවල රෝහලේ පොලිස් මුරපළ රාජකාරී නියුතු පොලිස් කොස්තාපල් (70036) ප්‍රේමසිරි වෙත රෝහල් කාර්ය මණ්ඩලය විසින් යම් තොරතුරක් ලබාදෙමින් සඳහන් කර සිටින්්නේ හිමිකරුවන් නොමැති සිඟිති දරුවෙක් කිසියම් පුද්ගලයෙක් විසින් රෝහල්ගත කිරීම පිණිස රැගෙනවිත් තිබෙන බවත් ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය කටයුතු පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්ය.
 
ඒ අනුව පොලිස් කොස්තාපල්වරයා විසින් සිදුවීම සම්බන්ධව නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතාව දැනුවත් කරන අතර එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් උපදෙස් ලබාදෙමින් පවසා සිටින්නේ දරුවා රෝහල්ගත කිරීම පිණිස අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් දරුවා රෝහල වෙත රැගෙන එන ලද පුද්ගලයාගෙන් ඒ පිළිබඳව කටඋත්තරයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසත්ය.
 
මෙම කතාවේ වීරයා ඉස්මතු වන්නේ පොලිස් පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමගය. ඔහු තිහාරිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීවීල් රථ රියැදුරෙක්ය. ඊට අමතරව ඔහු ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක් මුල්කර ගනිමින් අනියම් රැකියාවක නිරතවන්නෙක්ය. ලොරි රථවලින් රැගෙන එන ටයිල් බෑමෙන් අමතර ආදායමක් උපයන ඔහු නමින් යුසුෆ් මොහොමඞ්ය. 41 හැවිරිදි විවාහකයෙක් වන ඔහුට විවාහ වී වසර 10 ක පමණ කාලයක් ගත වී ඇතත් දරු සම්පත ලැබිමට තරම් වාසනාවන්ත නොවූ පුද්ගලයෙක්ය.
 
ඉකුත් 13 දා රාත්‍රි 9.30 ට පමණ ඔහු තිහාරිය - මල්වත්ත අතර ප්‍රදේශයේ පිහිටි එක්තරා වෙළෙඳසලක් වෙත රැගෙන එන ලද ටයිල් තොගයක් ලොරි රථයෙන් බිමට ගනිමින් සිටින අතර එකවරම ඔහුගේ සවන වැකෙන්නට ගන්නේ කුඩා බිලිඳකුගේ හැඬුම් හඬක්ය. අවට කිසිවෙක් පෙනෙන්නට නැත. තම රාජකාරිය මොහොතකට නතර කරන යුසුෆ් අඳුරේම එම හඬ එන දෙසට ගමන් කරන්නට ගන්නේ කුමක් හෝ විපතක් සිදුවී ඇතැයි යන දෙගිඩියාවෙන් යුක්තවය.
 
ගතව යන්නේ තත්පර කිහිපයක් පමණය. ඔහුට දකින්නට ලැබී ඇත්තේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වැටී සිටින මල් කැකුළක් බඳු සිඟිත්තෙක්ය. කාගේ කවුද තමන්ට මොන වගේ විපතකට මුහුණදීමට සිදුවේද? ඒ කිසිවක් පිළිබඳව දෙවරක් නොසිතන යුසුෆ් මලක් දෑතට ගන්නා ආකාරයට සිඟිත්තා ඔසවාගෙන ඉන් අනතුරුව දිව යන්නේ ඒ අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතය.
 
එහිදී සිඟිත්තා පරීක්‍ෂා කර බලන වෛද්‍යවරයාගේ උපදෙස වී ඇත්තේ සිඟිත්තා රෝහල්ගත කරන ලෙසය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන මෙම නාඳුනන ගැලවුම්කරු තමන්ට අයත් ත්‍රීවීල් රථයෙන්ම අතරමඟ අතරමංව සිටි සිඟිත්තා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන්නේය.
 
එහිදී සිඟිත්තාව පරීක්‍ෂා කරන වෛද්‍යවරුන්ට දකින්නට ලැබී ඇත්තේ කම්මුල ප්‍රදේශයේ කුඩා සීරීම් තුවාලයක් සහිතව එම සිඟිත්තා පසුවන බවත් ඊට අමතර අවදානම් තත්ත්වයක් සිඟිත්තාගෙන් දිස් නොවන බවත්ය.
 
පාලූ අන්ධකාර රැයක මහමඟ වැටී සිටි ළදරුවකු බේරාගැනීම පිණිස මිනිස් වෙස්ගත් දෙවියකු බඳු පුද්ගලයෙක් නොබියව ඉදිරිපත් වීමෙන් සිදුවීමට නියමිතව තිබුණ මහා විපතක් හෝ අබිරහසක් ඒ ආකාරයෙන් නිමාවට පත්වුව ද ඉන් සෑහීමකට පත් නොවන යුසුෆ් රෝහල් කාර්ය මණ්ඩලය හමුවේ පවසා ඇත්තේ ළදරුවාගේ හිමිකරුවන් කිසිවෙක් ඉදිරිපත් නොවේ නම් ඔහු භාරගැනීමට තමන් සූදානම් බවත් ළදරුවාගේ තනියට තම බිරිඳ රෝහල වෙත රැගෙන ආ හැකි බවත්ය.
 
මේ සිදුවීම් පෙළ එසේ සිදුවන අතර ළදරුවාගේ දෙමාපියන් රෝහල වෙත පැමිණ ඇත්තේ අතරමඟදී අසා දැනගත් තොරතුරු ඔස්සේය.
 
ඒ වන විට ද ළදරුවා රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. තම ප්‍රාණ සම දරු පැටියා රෝහල තුළ හිඳිනු දකින මොහොමඞ් ෆාතිමා යුවළ ඉහිලූම් නොදෙන සුලූ සතුටින් යුතුව පැය කිහිපයක් තිස්සේ අහිමි වී තිබූ වස්තුව නැවතත් සුරතට ගෙන ඇත්තේ සිහිනයක් සැබෑවූවා වැනි හැඟීමකින් යුතුවය.
 
මිනිසුන් අතර දෙවියන් ද වැඩ සිටින බව මෙම සිදුවීම හරහා ගම්‍ය වන සත්‍යයක්ය. යුසුෆ් වැනි පුද්ගලයෙක් නොවන්නට ඇතැම් විට මෙම සිඟිත්තාගේ ඉරණම ඛේදවාචකයකින් නිමාවීමට ඉඩක් තිබෙන්නට ඇත.
 
මවට නින්ද යෑම හේතුවෙන් ත්‍රීවීල් රථයෙන් මහ පාරට වීසි වන එම ළදරුවා සීරීම් තුවාලයකින් පමණක් රිදුම් ලබමින් තවදුරටත් ජීවත්වීමට වරම් හිමිකරගත් වාසනාවන්ත උපතක්ය.
 
සිදුවීමට ගිය විපතක් කුමන හෝ වාසනා මහිමයක් හේතුවෙන් වැළකී ගිය ද ඒ හරහා යම් පණිවුඩයක් සමාජගත කිරීමට එම සිදුවීම ප්‍රමාණවත්ය.
ගමනාගමනයේදී පමණක් නොව ගෙදරදොරදී පවා කුඩා දරුවන් දෑස් මෙන් රැකගත යුතු බව මෙවැනි සිදුවීම් හරහා අවබෝධ කරගත යුතුව ඇත.
 
මෙම සිදුවීම සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පිට නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම් මත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරීක්‍ෂණ කටයුතු සිදුකරන ඇත.
 
දිවයින


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top