Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
හමුදාවේ සැමියා , යාපනයේ වෛද්‍ය සිසුවිය ඝාතනය කලේ ඇයි? - සම්පුර්ණ ඇත්ත කතාව මෙන්න

- හමුදාවේ සැමියා , යාපනයේ වෛද්‍ය සිසුවිය ඝාතනය කලේ ඇයි? - සම්පුර්ණ ඇත්ත කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,220 Views
"එකවරම දෙන්න අතර කලබලයක් වගේ අපිට තේරුණා..."

"එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා.."

යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය සිසුවියක් ඊයේ (22දා) දහවල් යාපනය පන්නෙයි පිහිටි ව්‍යායාම මංතීරුව ප්‍රදේශයේදී ඝාතනයට ලක් වුවා.

පොලිසිය පැවැසුවේ බේරුවල බඳනාගොඩ ජනපදය පදිංචි හපුහෙට්ටිගේ ‍ෙදාන් රෝෂනී කාංචනා නමැති (29) සිසුවියක් එලෙස ඝාතනයට ලක්වී ඇති බවයි.

ඝාතනයට ලක්වූ සිසුවිය බේරුවල, වලතර, බඳනගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවක්. ඇය යාපනය මහ රෝහල වෙත රැගෙන යෑමේදී මියගෙස් සිටි බවත් සදහන් වෙනවා.

යුද හමුදා වෛද්‍ය බළකායේ රාජකාරි කරන බේරුවල, කාලවිල දන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ඇය විවාහ වී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර පවුල් ආරවුල් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය සිසුවිය මීට වසරකට පමණ පෙර තම නිවෙසේ පදිංචියට පැමිණ ඇතැයි පවුලේ ඥාතියෙක් සදහන් කර සිටිනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා යාපනය 662 වැනි බළසේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයේ රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල් දිලිප් කුමාර නමැති 30 වියැති අයකු වන අතර ඔහු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියෙන් පසු අවට සිටි දමිළ වැසියන් විසින් සැකකරු අල්ලා යාපනය පොලිසියට භාරදී තිබෙනවා.

ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ පියා කළුතර කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙක් බවත් සදහන්.

දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ඇයට බාල සහෝදරයන් දෙදෙනකු හා බාල සහෝදරියක්ද වන බව පොලිසිය කියයි.

සිසුවිය යාපනය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියක් වන බවද ආරක්ෂක අංශ පවසයි.

අදාළ සිසුවිය සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත්, එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු තම අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදුන් බව පොලිසිය පවසයි.

මියගිය ශිෂ්‍යාවගේ බවට සැක කෙරෙන කුඩයක්, ජංගම දුරකථනයක්, සෙරෙප්පු දෙකක් හා මුදල් පසුම්බියක් මළ සිරුර අසල තිබී හමුවී තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙක් සිද්ධිය මෙසේ විස්තර කළේ,

“ව්‍යායාම් මංතීරුවේ පෙම්වතුන් හමුවීම සාමාන්‍ය දෙයක්. මේ දෙන්න ඉන්නවත් අපි දැක්කා. එකවරම දෙන්න අතර කලබලයක් වගේ අපිට තේරුණා. ඒත් අපි විපරම් කර බැලුවේ නෑ. එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා. තරුණයා ආයුධයකින් ඇන්න බව අපට තේරුණා. ඉන්පසු තරුණිය පහළට තල්ලු කර දමා ඔහු පැනයන්න හදද්දී කට්ටිය ඔහු ලුහුබැඳ ගොස් අල්ලාගෙන පොලිසියට භාරදුන්නා. තරුණියගේ ගෙල කපා තිබූ බවත් මියගොස් ඇති බවත් අපට තේරුණා.”

මියගිය වෛද්‍ය සිසුවියගේ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙනැවිත් ඇති අතර සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව යාපනය පොලිසිය පවසයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  214 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,050 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,059 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,054 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top