චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණෙන් එරට වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
චීනයේ නව අවුරුද්ද උදාව සමරන මෙම කාලපරිච්ෙඡ්දයේ මිලියන ගණනක් වූ චීන ජාතිකයින් තමන් ජීවත් වන නගරවලින් පිටත සංචාරය කරනු ලබන අතර ඒ අතරතුර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි අරමුණයි.
වුහාන් නගරයේ මිලියන 9කට ආසන්න ජනගහනයක් ජීවත් වනවා. චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය වැලදුණු රෝගීන් 500කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර 17 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
..