අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහ පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහනුවර අස්ගිරි විහාරයට ලඟා වී තිබෙනවා.
දේහය පළමුව අස්ගිරි විහාරයේ තැන්පත් කිරීමට නියමිත බවත් අනතුරුව මහජන ගෞරවය සඳහා ප්‍රා.උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තැබෙන බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සඳහන් කළා.
සියම් මහා නිකායේ අස්ගිරි මහ පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 12දා ප.ව.2.00 ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.