උඩදුම්බර ලූල්වත්ත සිට තෙල්දෙණිය දක්වා මහියංගණ ප්‍රධාන මාර්ගයේ මගීන් 20දෙනකු රැගෙන පැමිණි ශ්‍රී ලංගම බස් රථයක් තෙල්දෙණිය රඹුක්වැල්ල කි.මී. 24, 25 අතරදී අනතුරකට ලක්වී වික්ටෝරියා ජලාශයට පෙරළීමෙන් තුවාල ලැබූ 17දෙනෙක් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බරපතළ තුවාල ලැබූවන් නැති බවත් සදහන්. හදිසි ප්‍රතිකාර අංශයේ කාන්තාවෝ තිදෙනෙක් ද ගැහැනු වාට්ටුවේ අටදෙනෙක් ද පිරමි වාට්ටුවේ හයදෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. . සුළු තුවාල ලැබූවන් තිදෙනකු ප්‍රතිකාර ලබා ගෙන පිටත්ව ගොස් ඇති බවත් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී චමින්ද වීරකෝන් මහතා තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් සදහන් කර සිටිනවා.
තෙල්දෙණිය සිට මහියංගණය දෙසට ධාවනය කළ යතුරුපැදියක් හදිසියේ ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ඇති අතර එම යතුරුපැදිය හා යතුරුපැදිකරු බේරීමට බස්රථය මාර්ගය අයිනට ගැනීමේදී ප්‍රපාතයට පෙරළී ඇති බවයි සදහන් වන්නේ.
මේ දිනවල වික්ටෝරියා ජලාශය පිරී යමින් පවතින අතර තව අඩි 20ක් පමණ බස් රථය පෙරළුණේ නම් ජලාශයේ ගිලී විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩ සදහන්.