Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
22
"පොලී සල්ලි දෙන්න, නැත්තම් මාව බඳින්න.." - පෙරපාසල් ගුරුවරිය විසින් 29 හැවිරිදි චමින්දව මරා දැමුවේ අනියම් පෙම් පළහිලව්වක් නිසාද? තණමල්විල කැළඹූ ඝාතනයේ සියලු තොරතුරු එළියට එයි

- "පොලී සල්ලි දෙන්න, නැත්තම් මාව බඳින්න.." - පෙරපාසල් ගුරුවරිය විසින් 29 හැවිරිදි චමින්දව මරා දැමුවේ අනියම් පෙම් පළහිලව්වක් නිසාද? තණමල්විල කැළඹූ ඝාතනයේ සියලු තොරතුරු එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,558 Views
කාන්තාවක් ළඟ නැවතුණේ පොලිස් නිල සුනඛයාට වැරදුනාවත්ද?
පෙම්වතාගේ සහය ඇතුව චමින්දව මරා දමන්නට ඇති..
අත්අඩංගුවට ගත් පෙරපාසල් ගුරුවරියට සිදු වූ දේ මෙන්න..
 
පෙරපාසල් ගුරුවරියක විසින් තණමල්විලදී තරුණයෙකු මරා දැමුණේ අනියම් ප්‍රේම සබඳතාවය නිසා ද නැතිනම් පොලී මුදල් ගෙවීමට නොහැකිවදැයි පොලිස් පරීක්ෂණ.
 
ලෝකයේ බොහෝ රටවල්වල මෙන් ලාංකීය සමාජය තුළ ද අද වන විට බිහිසුණු අපරාධ රැල්ලක් නිර්මාණය වෙමින් ඇත්තේ එය හරියට විලාසිතාවක් මෙනි.

මීට වසර කිහිපයකට පෙර ලාංකීය සමාජය තුළ මනුෂ්‍ය ඝාතනයක් හෝ වෙනත් අපරාධයක් යනු ඉතා දුලබ දෙයක් බවට පත්ව තිබුණත් අද වන විට එය වෙනස් වී තිබේ. අද මේ සිටින කෙනා හෙට එළිවෙනකොට කිසිවෙකු විසින් ඉතා කුඩා කරුණක් මුල්කරගනිමින් කපා කොටා මරා දමන්නට තරම් මිනිස් සමාජය කුරිරු වී ගොස් තිබේ.
 
පුද්ගලයා තුළ පවතින අපරාධමය මානසිකත්වය නිසාවෙන්ම ගෙවෙන ඊළඟ තත්පරයේ තමන්ව ද කාගේ හෝ අපරාධ ගොදුරක් බවට පත්වේවිදැයි සමාජය තුළ දැන් දැන් දැඩි භීතියක් හටගෙන තිබේ. මෙම භීතියෙන් රට මුදා ගැනීමට සමාජය මුදා ගැනීමට මගක් සෙවිය යුතුවම තිබේ.
 
තමන්ගේ වර්ගයා තමන් විසින්ම මරාගෙන කන තිරිසන් සතුන් ගාණට මිනිසා අද වන විට පත්ව ඇති බව කනගාටුවෙන් නමුත් ලිවිය යුතුව තිබේ. අපරාධ නැති රටක් යනු මනෝරාජික අදහසක් පමණක්දැයි අපට සිතේ.
 
දැන් දැන් සමාජය තුළ සිදුවන බොහෝ අපරාධවල ඇති බිහිසුණු බව දුටු විට අපට හැඟී යන්නේ මිනිසා කෙමෙන් කෙමෙන් බුද්ධියෙන් ඉහළට යෑම කෙසේ වෙතත් තිරිසන් සතුන්ටත් වඩා පහත් තැනකට වැටෙමින් යන බවය.
 
අපරාධකරුවකුට සිය ඉලක්කය සපුරාගැනීමට ස්ථානයක් වේලාවක් කිසිසේත් බලපාන්නේ නැත. ඒ සඳහා ගැහැණු පිරිමි බේදයක් ද නැති බව සමාජය විසින්ම ඔප්පු කර හමාරය. අද අප පාඨක ඔබට ලියන්නට යන මේ කතාව ද එවැනිම ඇඟ කිළිපොළා යන කතාවකි.
 
පසුගිය 10 වන දින තණමල්විල පොලිස් ස්ථානයට පැමිණි දුරකතන ඇමතුමකින් කියවුණේ තණමල්විල සමාධිගම ප්‍රදේශයේ පාළු ඉඩමක මියගිය තරුණයෙකුගේ සිරුරක් ඇති බවය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දුරකථන ඇමතුමට අනුව අදාළ ස්ථානයට ළඟා විය.
 
ඒ වන විටත් විශාල පිරිසක් ඒ ස්ථානයට රැස්ව සිටියේය. එහි ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ හිසට වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර දමා ඇති ආකාරයයි. ඒ අනුව අපරාධ ස්ථානය ආවරණය කළ පොලිස් නිලධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණේ මෙහි ඝාතකයා කවුරුන්දැයි සෙවීමටය.
 
පොලිස් විමර්ෂණවලදී අනාවරණය වූයේ මියගොස් ඇත්තේ තණමල්විල, කුමාරගම, සුරිආර පදිංචි 29 හැවිරිදි පරණගමගේ චමින්ද විජේසිරි නමැති අවිවාහක තරුණයෙකු බවයි.
 
මියගිය පුද්ගලයා තණමල්විල, හම්බෙගමුව, බෝදාගම, කුමාරගම, මහගල්වැව, සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසකටම පොලියට මුදල් ලබා දීම සිදු කරන්නෙකි. මේ නිසා මෙම තරුණයා සිය පොලී මුදල් එකතු කරමින් දිනපතා තණමල්විල අවට ඇවිදීම සාමාන්‍ය සිරිතකි.
 
කෙසේ වෙතත් මේ තරුණයාට හිටිහැටියේ වෙඩිතබා ඝාතනය කළේ කවුරුන්ද යන්න පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම්වලට ද පැවතියේ දැඩි ගැටලූ සහගත තත්ත්වයකි. අදාළ අපරාධය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය විසින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරික්ෂණය ද පැවැත්විණි.
 
එහෙත් ඒ වනතෙක් මෙම අපරාධයේ ඝාතකයා පිළිබඳව පොලිසියට ඉවක් ලැබුණේ නැත. හිසට වෙඩි තබා ඝාතනය කර දමා තිබුණු මෙම තරුණයාගේ සිරුර පොලිසියට හමුවන්නේ 10 වන දිනය. එහිදි පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සැක පහළ කළේ මෙය වෙනත් ස්ථානයක සිට ඝාතනය කර පෙර දින රාත්‍රියේ මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවය.
 
සිරුර හමු වූ 10 වෙනි දින සිට දින දෙකක් තිස්සේ පොලිස් පරීක්ෂණ සිදු කෙරුණේ ඝාතකයා සොයන්නටය. විවිධ හෝඩුවාවල් ලැබුණ ද නියම අපරාධකරු හඳුනාගැනීම පොලීසියට දුෂ්කර විය. මේ නිසාවෙන්ම පොලිසියට පොලිස් නිළ සුනඛයෙකුගේ සහාය පැතීමට ද සිදු වූයේ නියම අපරාධකරු නීතියේ රැහැනට ගැනීමටය.
 
ඒ අනුව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න, ඌව පළාත් භාර අධීක්ෂණ නිලධාරී පොලිස් සැරයන් (14995) ජයතිස්ස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් නිල සුනඛ ඩෙනී තණමල්විල සමාධිගම ප්‍රදේශයට රැගෙන ආවේ 12 වන දිනය. පොලිස් සැරයන් (41713) හෙට්ටිආරච්චි මහතා විසින් නිල සුනඛ ඩෙනී මෙහෙයවන ලදි.
 
මෙහිදී අපරාධය සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිල සුනඛ ඩෙනීට එහි ඉව ඇල්ලීමට සැලැස්විය. කාලයේ වැලි තලාව මතින් අමතක වී යන්නට ගිය අපරාධ රැසක තොරතුරු අනාවරණය කර දීමට නිල සුනඛ ඩෙනී මීට පෙර ද සමත් වී තිබේ. ඒ බව පොලිස් නිලධාරීන් ද හොඳාකාරවම දනී. මියගිය තරුණයා වැටී සිටි ස්ථානය ඉව කළ ඩෙනීට මගවරද්දන්නට කිසිවකුටත් හැකියාවක් නැතිය.
 
මළ සිරුර වැටී තිබූ ස්ථානයේ ඉව ඇල්ලූ ඩෙනී මළසිරුර වැටී තිබූ ස්ථානයේ සිට මීටර් 60ක් පමණ දුරින් පිහිටි එක්තරා නිවසක් අසල නැවතීය. එතනින් එහාට නොගිය නිල සුනඛයා අපරාධකරු මෙහි වග බව පොලිසියට ඉඟිබිඟි කරන්නට විය. වහා එම නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දැකිය හැකි වූයේ එහි සිටි කාන්තාවකි.
 
එකී කාන්තාව ප්‍රදේශයේ පෙර පාසලක ගුරුවරියකි. පොලිස් නිල සුනඛයාට වැරදුනාවත්ද? තරුණයෙකුට හිසට වෙඩි තබන්න තරම් කාන්තාවකට හැකිද. එහෙත් නිල සුනඛ ඩෙනීට ද මීට පෙර කිසිදු අවස්ථාවක සිය ඉලක්කය වැරදී නොමැතිය.
 
ඒ බවද පොලිසිය හොඳින් දනී. මේ නිසාම පොලිස් නිලධාරීන් අදාළ නිවසේ සිටි කාන්තාව අත්අඩංගුවට ගත්තේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නටය.
 
අත්අඩංගුවට පත් කාන්තාව සමාධිගම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි එක් දරු මවකි. ඇය කාලයක් තිස්සේ සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙයි. ඇය රැකියාව ලෙස ප්‍රදේශයේ පෙර පාසලක ඉගැන්වීම සිදු කර තිබේ.
 
අත්අඩංගුවට පත් කාන්තාවගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් විය.
 
එහිදී සැකකාරිය පවසා ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කළ බවයි. ඒ අනුව මෙම ඝාතනය සිදුකළ බව කියන කටුවන ප්‍රදේශයේ පුද්ගලයා මෙම කාන්තාව හා අනියම් සබඳතාවයක් ඇති බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
 
මියගිය තරුණයා විසින් මෙම සැකකාර කාන්තාවට රුපියල් 50,000ක මුදලක් පොලියට ලබා දී තිබේ. මෙම මුදලේ පොලිය ඉල්ලා මෙම තරුණයා නිතර නිතර මෙම කාන්තාවගේ නිවසට ආගිය බවත් එසේ ගියත් ඔහුට අදාළ මුදල හෝ පොලි මුදල් නොලැබි ඇති බවත් අනාවරණය වී තිබේ.
 
තමන්ට හිමි පොලී මුදල් ලබා නොදෙන්නේ නම් තමා සමග විවාහ වෙන ලෙස මියගිය තරුණයා අදාළ කාන්තාවට යෝජනා කර ඇති බවත් එම කාන්තාව එය ප්‍රතික්ෂේප කර ඇති බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
 
පොලිස් පොතේ එලෙස සටහන් වුවද ගම්මුන් පැවසුවේ මියගිය තරුණයා සමග ද මෙම කාන්තාව කලක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගිය බවයි.
 
කලක් තිස්සේ දෙදෙනා අතර තිබූ ප්‍රේම සබඳතාවය මෙම කාන්තාව එකවර නවතා දමා කටුවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා මෙම කාන්තාව සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.
 
මේ හේතුව නිසා මියගිය තරුණයා මෙම කාන්තාවගේ නිවසට ගොස් නිතර නිතර මේ පිළිබඳව විමසා ඇති බව ද වාර්තාවේ. ඒ අනුව මෙම කාන්තාවගේ නිවසට මියගිය තරුණයා පැමිණි අවස්ථාවේ සිය කටුවන ප්‍රේමවන්තයාගේ සහාය ඇතිව මෙම තරුණයා මරා දමා මෙම ස්ථානයට රැගෙන එන්නට ඇති බවයි පොලීසිය සැක පහළ කරන්නේ.
 
සිද්ධියට අදාළව මෙම ඝාතනය සිදු කළ බව කියන කටුවන ප්‍රදේශයේ පදිංචි සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
අත්අඩංගුවට පත් පෙරපාසල් ගුරුවරිය 12 වන දින වැල්ලවාය මහෙස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා හමුවට ඉදිරිපත් කළ අතර 13 වැනි දින දක්වා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
 
පසුව නැවත නඩුව 13 වන දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේ සැකකාරිය මේ මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරුණි.
 
මොණරාගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරී හේමන්ත ඕවිටිගල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

දිලිප් එන්. ජයසේකර

දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  423 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  889 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,306 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,482 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top