Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
22
රටේ තොටේ සිදුවන දේවල් ගැන, බුකියේ හාස්‍යයට ලක්කරන මුහුණු ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න - Photos

- රටේ තොටේ සිදුවන දේවල් ගැන, බුකියේ හාස්‍යයට ලක්කරන මුහුණු ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
පසුගිය දශකය තුළ Memes විසින් අන්තර්ජාලය ආක්‍රමණය කළා කිව්වොත් ඒක වැරදි නැහැ.
 
Meme එකක් එහෙම නැත්තම්, දකින කෙනෙක්ට හාස්‍ය උපදවන විදිහේ පින්තූර කතා, මුහුණු පොතේ සැරිසරන ඔබට මේ දිනවල නම් ඇහැ ගැටෙනවා ඇති.
 
මේ Memes භාවිතා කරලා ලංකාවේ වගේම ලෝකයේ බොහෝ පිරිස් නිර්මාණත්මක පෝස්ට් මුහුණු පොතට මුදාහැර තිබෙනවා.

ඒ නිසාම Memes වලින් ඔබට මුණ ගැහෙන "චරිත කිහිපයක්" ගැන ඔබ නොදන්න කතා ටිකක් ඔබට කියන්න අපි හිතුවා.
 
මේ ඒ ගැනයි...

Grumpy Cat

 
කේන්ති ගිය පූස් තඩියා

මේ පූස් තඩියව මතකද.? මේ පූසා දැන් කොයි තරම් ජනප්‍රිය හාදයෙක්ද කියනවනම් මේ වෙද්දි ඔහුටම වුණු සුප්‍රසිද්ධ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් පවා තියනවලු. ඒ විතරක් නෙවේ, චිත්‍රපටි ලෝකයත් ආක්‍රමණය කරන්න මේ "කෝපාවිශ්ඨ බළලා" සමත් වෙලා තියනවා.

Hide The Pain Harold
 
හිනාවෙන වයසක හාදයා

මතකද මේ සීයාව? අමුතු විදිහට හිනාවෙන හාදයා? මෙම්ස් හුවමාරු කරන බොහෝ දෙනා මෙයාව නිතරම පාවිච්චි කරනවා. එතනින් වැදගත්ම දේ මේ මනුස්සයා හිනාවෙන්නෙ මොකක් හෝ වේදනාවක් යටපත් කරගෙන. මේ හිනාවට හිමිකම් කී සැබෑ මිනිසා නමින් ඇන්ඩ්‍රාස් අරටෝ. ඔහු හංගේරියානු ජාතිකයෙක් වන අතර මේ වන විට සමාජ මාධ්‍ය තුළ තමා ජනප්‍රිය වීම ගැන ඔහු ඉන්නේ හරිම සතුටින් කියලයි දැනගන්න ලැබෙන්නේ.

Side-Eye Chloe

ඩිස්නිලන්තයට ගිය කෙල්ල

මේ චූටි කෙල්ලව මතක කාටද? අමතක වෙන්න නම් විදිහක් නෑ. මේ කෙල්ල කාටත් වඩා දැන් හරි ජනප්‍රියයි. ඩිස්නිලන්තයට යන බව දෙමව්පියන් පැවසූ විට සයිඩ් අයි ක්ලෝයි කියන මේ පුංචි කෙල්ලගේ ප්‍රතිචාරය වුණේ මේක. දැන් නම් මේ කෙල්ල හරියට ජනප්‍රියයි. අද වෙද්දි ක්ලොයිට හා ඇගේ සහෝදරියට වැඩි රසික පිරිසක් සිටින ඉනස්ටග්‍රෑම් ගිණුමකුත් තියනවා.

Success Kid

සාර්ථකත්වයේ සතුට
 
මෙයා නම් ටිකක් පරණ කොල්ලෙක්. කොටින්ම දැන් මෙයා ලොකුයි. හැබැයි අදත් එදා තරම්ම මේ රූප තහඩුව ජනප්‍රියයි. සැමී ග්‍රිනර් කියන මේ පුංචි එකා අන්තර්ජාලයේ ජනප්‍රිය වෙද්දි ඔහුට වයස අවුරුද්දක් පමණ වන්නට ඇති. ඔහුගේ පියාට වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ අතර මේ meme එක ඔහුගේ පියාගේ ජීවිතය බේරගත්තා හා සමාන වුණා. දැන් 13 හැවිරිදි වියේ පසුවන මේ පොඩි එකා අදත් කවුරුත් අතරේ ජනප්‍රිය එකෙක්.

Gavin
 
ව්‍යාකූල වෙච්ච කොලු පැටියා

මෙයාව නම් දන්නේ නැහැ කියන්න එපා. මෙයා මේ වෙද්දි ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ නම් ජනප්‍රිය තරුවක්. 'ගේවින්' කියන මේ පුංචි එකා මෑතකදී 9වන වියට පා තැබුවා. ඒ වගේම Meme නිසාම දැන් ඔහු ජනප්‍රිය ඉන්ස්ටග්‍රෑම් තරුවක් බවයි දැනගන්න ලැබෙන්නේ.

Good Luck Charlie

ගුඩ් ලක් චාලී!
 
මේ Meme එක අයිති ලිට්ල් මියා ටලෙරිකෝ කියන පුංචි එකිට. ඇත්තටම මේ ඇය රඟ පෑ නාට්‍යයක ඇය නිරූපණය කළ චරිතයක්. ඒක අවසානයේ ලෝක ප්‍රසිද්ධ meme එකක් බවට පත්වේවී කියලනම් ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මේ පුංචි එකිට දැන් වයස අවුරුදු 10ක් වෙනවලු. ඒ විතරක් නෙවෙයි ඇය තාමත් රංගනයේ යෙදෙනවා.

Roll Safe

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
 
මේකත් ටිකක් නෙවෙයි හුඟක් ජනප්‍රිය meme එකක්. ටිකක් කල්පනාසහගතව ඉන්න මේ හාදයාගේ නම කයෝඩ් එවුමි. 80 දශකයේ රූපවාහිනි වැඩසටහනකින් එළි බැහපු කයෝඩ්ගේ මේ රූපණය බොහෝ දෙනා අතර අදටත් ජනප්‍රියයි වගේම විවිධ නිර්මාණශීලි පෝස්ට් සඳහා ඔහුව යොදා ගන්නවා.

Confused Nick Young

විශ්මයට පත් වූ පාපන්දු ක්‍රීඩකයා
 
ටිකක් පුදුමයට පත්වෙලා ඉන්න මේ මනුස්සයාව මතක කාටද? අමතක වගක් නම් කියන්න එපා. 'නික් යන්ග්' කියන මේ වෘත්තිමය පැසිපන්දු ක්‍රීඩකයා තරමක් ව්‍යාකූල පෙනුමකින් ඡායාරූපයකට පෙනී සිටියත් ඒ අහඹුවෙන් ඔහු "හිට් එකක්" වෙයි කියලා නම් ඔහු හිතන්නවත් නැතුව ඇති.

Ten Guy

නමක් නැති අමුතු හාදයා
 
ටෙන් ගයි, රීලි, ස්ටෝනර් කියන නම්වලින් හඳුන්වා දුන්නත්, මේ ඉන්න හාදයාගේ ඇත්ත නම නම් අන්තර්ජාලයේ නැහැ. කොහොම වුණත් කොයි කවුරුත් අතර ජනප්‍රිය මේ සිනාමුසු පුද්ගලයාගේ meme එක අදටත් අපිට දකින්න ලැබෙනවා.

Related image

කිළිටි හැඳගත් අප්‍රිකානු දරුවා
 
මෙන්න තව කෙනෙක්. බලන්න මේ දරුවාව මතක ද කියලා. meme වලින් වැඩියෙන්ම ජනප්‍රිය වුණු තරුව මෙයා කියලා කිව්වොත් ඔබ ඒක "නැහැ" කියන එකක් නැහැ. මොකද මේ වෙද්දිත් අන්තර්ජාල උපුටන බොහෝමයක් මේ දරුවාගේ "ජනප්‍රියත්වය ඉතා ඉහළ එකක්" බව සනාථ කරලා තියනවා. මේ දරුවා ඇඳ සිටින්නේ ඉතාමත්ම අපිරිසිදු ඇඳුමක්. මුලින්ම මේ ඡායාරූපය ටෙක්සාස්හි පුද්ගලයෙකු විසින් පළ කරන ලබන්නේ විනෝදජනයක අරමුණකින් වුවත්, මේ ඡායාරූප කතාව පිටුපස තියෙන්නේ නම් ඉතා ඛේදජනක කතාන්දරයක්. මෙය මේ වෙද්දි ගණන් කළ නොහැකි වාර ගණනක් අන්තර්ජාලය අස්සේ හුවමාරු වී ඇති බව සඳහන්.
 
හැබෑටම මේ පිරිමි ළමයා කවුද? මේ පිරිමි ළමයා ගැන මීට ඉහත BBC පුවත් සේවය වාර්තා කර තිබූ අතර ඔවුන් එහි සඳහන් කර තිබුණේ මේ දරුවාගේ අනන්‍යතාවයක් සොයා ගැනීමට ඔවුන් අපෝසත් වූ බවයි.

Disaster Girl

නැව ගිලුණත් බෑන් චූන්
 
හොඳයි! තව එක්කෙනෙක් ගැන කියන්නම්. "නැව ගිලුණත් බෑන් චූන්" කියලා කතාවක් අහලා තියනවාද? ආ හරි. මේ ඉන්න පොඩි එකි දිහා බලන්නකෝ. මේ සිද්ධිය වෙද්දි ඇයට අවුරුදු 4යි. Zoe Roth කියන මේ කෙල්ලගේ නිවස තමයි අර ගින්නෙන් දැවෙන්නේ. ඒත් ඒ ගැන නොහිතන ඇයගේ සිනාමුසු මුහුණ meme එකක් වෙන්න අමුතුවෙන් හේතු හදන්න ඕනි නෑනේ. දැන් 16 හැවිරිදි වියේ පසුවන Zoe Roth තාමත් ගිනිකෙළි මැද්දේ පින්තූර ගනිමින් සිටිනවා.

by Samitha Lakshan
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top