Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
22
"අපි දෙන්නා අතර තිබුණේ කෙටි කාලින විවාහයක්, එයා සියදිවි හානි කරගෙන මිය ගියා.." - හින්දි සිනමාවේ සරාගී ගිනිසිළුව රේඛා කියයි

- "අපි දෙන්නා අතර තිබුණේ කෙටි කාලින විවාහයක්, එයා සියදිවි හානි කරගෙන මිය ගියා.." - හින්දි සිනමාවේ සරාගී ගිනිසිළුව රේඛා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,710 Views
"මගේ තාත්තට වෙන සම්බන්ධයක් තිබුණු නිසා අපෙන් ඈත් වුනා.."

"දුප්පත්කම නිසා නිලියක් වෙලත් මම ඒ කාලේ අප්‍රමාණ දුකක් වින්දා.."

හින්දි සිනමාවේ එක් යුගයක ගිනි සිළුව යැයි නම් ලද සරාගී පෙනුමක් ඇති රේඛා කාටත් අමතක නොවන නිළියකි. ඇය කෙතරම් සරාගී වූවාදැයි කියතොත් ඇතැම් තරුණයන් පිස්සුවෙන් මෙන් ඇය රඟපෑ චිත්‍රපට නැරැඹීමට යොමුවූ බවත් ඇයට සිතින් ආදරය කළ බවත් ඇය වෙසෙන නිවහන වටා රැඳෙමින් ඇය දැකීමේ ආශාවෙන් පසුවූ බවටත් පුවත් බොහෝය. ඇයගේ චිත්‍රපටයක් රූපගත කරද්දී තරුණයන් වැල නොකැඩී ඇදී ආ බවත් එය ඇතැම් රූපගත කිරීම්වලට බාධාවක් වූ බවත් කියැවේ.

1954 ඔක්තෝබර් 10දා තමිල්නාඩුවේ මැඩ්රාස්හි (වත්මන් චෙන්නායි) උපත ලද රේඛාගේ මුල්ම නාමය වූයේ භානුරේඛා ගනේෂන්ය. ඇයගේ පියා සුප්‍රකට දමිළ නළු ජෙමිනි ගනේෂන්ය. ඇයගේ මව වූයේ තෙලිඟු සිනමා නිළියක වූ පුෂ්පවල්ලිය. ජෙමිනි ගනේෂන් පියා වුවත් ඇයගේ ළමා කාලය තුළ පිය සෙනෙහස නොලැබුණු බවත් කියැවෙයි. ඒ පියාගේ වෙනත් සබඳතාවක් නිසා සිය පවුල මඟහැර ගොස් තිබුණු නිසාය.
පියාගේ පිළිසරණ නොමැතිවීමත් මව වඩාත් අසරණවීමත් යන කාරණා ඇයගේ ජීවිතයට බොහෝ සේ බලපෑ බව පසුව ඇය සිනමා සඟරා කිහිපයකටම පවසා තිබුණාය. අධ්‍යාපනය ලබන අතරේ පවුලේ අගහිඟකම් මැද වෙන කරන්නට දෙයක් නොවූ තැන වයස අවුරුදු 13දීම තම මවගේ මඟ අනුව යමින් තෙලිඟු සිනමා පටවල සුළු චරිත කිහිපයක රඟපෑවේය. ඒ ගමනේ ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන තිබුණු නිසාම සිය ජීවිතයේ එය ආයුධයක් කොට ගෙන නැඟීසිටින්නට උත්සාහ කළාය.

ඇයගේ රූපයේ වූ ආකර්ෂණීය කාමශක්ත පෙනුම මේ සියල්ල පරදා ඇයට ජය මාවත කැන්දාදී තිබිණි.

රේඛා චිත්‍රපට 190කට පමණ රංගනයෙන් දායක වී තිබෙන අතර ඒවා බොහෝමයක් සාර්ථක වූ චිත්‍රපට විය. ඒ වසර 50ක් තරම් කාල පරාසයක් තුළය. පිරිමි චරිතද රඟපෑ රේඛා ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනා ගත්තාය.

ඉන් දෙකක්ම හොඳම නිළියට හිමි සම්මානයන්ය. එක් සම්මානයක් හොඳම සහාය නිළියට හිමි සම්මානයය. ඇය රඟපෑ චිත්‍රපට අතර කැපීපෙනෙන චිත්‍රපට වූයේ කුබිසූරත් (1980), කූන්බාරි මාන්ග් (1988) සහ කිල්ලාඩියන් කා කිල්ලාඩි (1996) යන චිත්‍රපටය. මෙයින් කලාත්මක චිත්‍රපටයක් වූ ‘උම්රාඕ ජාන්’ (1981) සඳහා ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නිළිය වූවාය. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මධ්‍යයේ මඳක් සිනමාවෙන් ඇය අෑත්ව සිටියද යළි එක්වූයේ සිය රංග ප්‍රතිභාව විදහා පාමිනි. එහි සුවිශේෂී අවස්ථාවක් වූයේ 2010දී ඇය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමය.

රේඛා පළමු වතාවට (1969) ප්‍රධාන නිළිය ලෙස රඟපානු ලැබුවේ කණ්ණඩ චිත්‍රපටයක් වූ “ඔපරේෂන් ජැක්පොට් නාල්ලි සීඅයිඩී 999”හිය. එය රාජ් කුමාර් හා කළ රංගනයකි. එම වසරේම පළමු හින්දි චිත්‍රපටය ඇයට ලැබුණු අතර එය නමින් “අන්ජානා සෆාර්”ය. එහි එන ප්‍රධාන නළු බිස්වජින් හා කළ සිප ගැනීමේ දර්ශනය මතක හිටින සටහනක් පිහිටුවීය. එය කෙතරම් කතා බහට ලක්වීද කියතොත් ඹ්ඪටඥ සඟරාවේ ආසියානු මුද්‍රණයේද එම තොරතුරු අන්තර්ගත විය. රැඟුම් පාලක මණ්ඩලයේ තහනමටද එය ලක්වූ අතර වසර 10කට පමණ පසු “දෝ ෂිකාරි” ලෙස යළිත් නම වෙනස් කොට තිරගත කෙරිණි.

මේ කාලය ඇයගේ ජීවිතයේ දුෂ්කර අවධියක්වී තිබිණි. ඇයට හින්දි භාෂාව හොඳින් උච්චාරණය කිරීමට නොහැකිවීම හින්දි සිනමාව ජයගන්නට මහත් බාධාවක් විය. මේ අතර ඇයගේ මවද රෝගාතුරව මියගියේය. ඇය තවත් පීඩාවට පත්වූවාය. සිය පියා මේ පවුල ගැන සොයා බැලීමක් නොකිරීම මේ සියල්ලට හේතුවී තිබිණි.

“බොම්බාය මහා වනාන්තරයක් වැනිය. මම එහි ගමන් කළේ නිරායුධවය. එය මගේ ජීවිතයේ බොහෝ සන්ත්‍රාසයක් ඇති කළේය. මා පසුපස තරුණයන් මා අවදානමේ හෙළන්නට උත්සාහ කළ අතර ඒ හැම අතරින් මා ජීවත්වීම සඳහා වෙහෙසුණෙමි. චිත්‍රාගාරයෙන් චිත්‍රාගාරයට යමින් එකම ඇඳුමක් මාරු කරගෙන මගේ තරුණම කාලයේ මම රඟපාන්නටත් ජීවත් වන්නටත් අප්‍රමාණ දුකක් වින්දෙමි.”

ඇය පසු කලෙක තම ජීවිතයේ ඇරැඹුමේ ඇතැම් අවස්ථා ගැන කීවේ එලෙසය.

1970දී ඇයගේ චිත්‍රපට 2ක් තිරගතවූ අතර ඒ තෙලිඟු චිත්‍රපටයක් වූ “අම්මා කෝසම්” සහ හින්දි චිත්‍රපටයක් වූ “සාවන් බා‍ෙදාන්” මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් මතුවීම නිසා ඇය හින්දි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තාය. “සාවන් බා‍ෙදාන්” ඉතා සාර්ථක වූයේය. රේඛා එක රැයකින් තරුවක් වූයේ එම චිත්‍රපටයෙනි. එහි ඇගේ රූප විලාසයත් රංගනයේ දීප්තිමත් බවත් නිසා ඇයට වාසනාව කැන්දා දුන්නා සේ විය.

මේ ගමනේදී ඇය රඟපෑ චිත්‍රපට කිහිපයක් සාර්ථකත්වයට පත්වූයේය. ඒවා නම් “රාම්පූර් කා ලක්‍ෂ්මන්” (1972), “කහානි කිස්මන් කී” (1973) සහ “ප්‍රාන් ජයේ පාර් වචන් නා ජයේ” (1974)ය.

“මගේ දකුණු ඉන්දීය පෙනුම හා වර්ණය හින්දි සිනමා ගමනට බාධාවක් බව ඔවුන්ගේ ඇතැම් තෝරා ගැනීම්වලින් පෙනුණා. මම ඊටද අභියෝග කළේ රංගනයෙන්. එහෙත් මම ඉන් පසුව මගේ වර්ණය ගැනත්, එය වෙනස් කරගන්නටත් ශාරීරිකව වෙහෙසුණා.”

තමන් අබිමුව වූ අභියෝගයන් ගැන රේඛා වරෙක කීවේ එලෙසය. ආහාර පාන හා ඇවතුම් පැවතුම් වෙනස් කළ ඇය මේ අභියෝගයන්ද නුවණින් ජයගත්තා. යෝග ව්‍යායාම එහිදී මුල් තැන ගත්තේය. මෙහි සාර්ථක බවක් තිබුණේය. 1976 අමිතාබ් බච්චන් හා “දෝ අන්ජලී” හි කළ රඟපෑම ප්‍රතිඵලදායක විය.

1978 රේඛාගේ සිනමා දිවියේ සන්ධිස්ථානයක් විය. ඒ “ගහාර්” චිත්‍රපටයනි. තරුණ විවාහක යුවතියක් සමූහ දූෂණයකට ලක් කෙරෙන දර්ශනයක් එහි විය. විනෝද් මෙහෙරා ඇයගේ සැමියා ලෙස රඟපෑවේය. මෙය ඇයගේ සැබෑ ජීවිතයේ වූවක් ලෙස බොහෝ අය කතා බහ කර තිබුණේ එම චිත්‍රපටය නිසාමය. රේඛා රංගනයෙන් ඉහළ ස්ථානයකට පැමිණි බව පුවත්පත්වල පළවිය. මෙය ඇයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්න උදවු විය.

“මුගාද්දාර් කා සිකාන්දර්” හි යළිත් අමිතාබ් බච්චන් හා රඟපෑ අතර එය ඉතා සාර්ථක විය. එය කෙසේද යතොත් එම දශකයේ සාර්ථකම චිත්‍රපටය එය විය. 1980 රේඛා හාසේ‍යාත්පාදක චරිතයකට පණ දුන්නාය. ඒ “කුබි සුරත්” හිය. එය ෆිල්ම් ෆෙයාර් හොඳම චිත්‍රපටයද විය.

රේඛා හා අමිතාබ් බච්චන් අතර තිරය පිටුපස වූ ප්‍රේමය හා බැඳීම ගැන එදා බොහෝ කතා තිබුණේය. බච්චන් විවාහකයකු වී සිටියදීම මේ සමීපකම තිබුණු අතර එය 1981දී නතර වුණු බවත් කියැවේ. ඒ යාෂ් චොප්රා හැදූ “සිල්සිලා” තිරගත වීමත් සමඟය. රේඛා 1990දී දිල්ලියේ ප්‍රකට කර්මාන්ත හිමියකු වූ මුකේෂ් අග්‍රවාල් හා විවාහපත් වුවද ඉතා කෙටි කලකදී ඇය ලන්ඩනයේ සිටියදී මුකේෂ් අග්‍රවාල් සියදිවි නසා ගත්තේය. රේඛා මේ වන විට හැටපස් වැනි වියෙහි පසුවන්නීය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  420 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  886 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,300 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,480 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top