Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
21
චන්ද්‍රයා වටා අමුතු ගවේෂණයකට කාන්තා පිළිරූ රැසක් උඩුගුවනට යවන්න නාසා සූදානම් වෙයි - Photos

- චන්ද්‍රයා වටා අමුතු ගවේෂණයකට කාන්තා පිළිරූ රැසක් උඩුගුවනට යවන්න නාසා සූදානම් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
විකිරණ, කාන්තා පිළිරුව මත බලපාන ප්‍රමාණය නිගමනය කිරීමට...
"ස්ටෙම් රැඩ් යානයේ ගමන් කරන්නට තමා බෙහෙවින් කැමැති.."
“ආර්ටෙමිස්” යනු ඇපොලෝ සහ සඳ රාජිනියගේ නිවුන් සොයුරියයි..
 
භූතාත්ම වැනි කාන්තා පිළිරූ මේ වසර තුළදී සඳ වටා ඉගිළවීමට නාසා ආයතනය කටයුතු කර ගෙන යයි.
 
මේ සඳහා කරන අත්හදා බැලීමේදී එක් කාන්තා පිළිරුවක් විකිරණ වළක්වන උඩුකය වැස්මක් සහිතව යැවීමටද තවත් පිළිරුවක්, සූර්යයාගෙන් හා අභ්‍යවකාශයෙන් නික්මෙන විකිරණ දහරා නිරාවරණ කාන්තා පිළිරුව මත බලපාන ප්‍රමාණය නිගමනය කරනු පිණිස කිසිදු ආරක්‍ෂක ආවරණයක් නොමැතිව යැවීමටද නාසා ආයතනය සූදානම් වෙයි.

විකිරණවලට වැඩිතම සංවේදීතාවක් දක්වන මිනිස් සිරුරු කොටස් ආරක්‍ෂා වන පරිදි එකී උඩුකය වැස්ම සැලසුම් කර තිබෙන අතර එම පිළිරූ ගුවන්ගත කරනු පිණිස නිර්මාණය කරන ලද “ආර්ටෙමිස් - 1 (Artemis-1) යානයද කාන්තා සිරුරට ගැළපෙන ආකාරයෙන් සැලසුම් කරන ලද්දකි.
 
විකිරණවලට වැඩිම වශයෙන් ඔරොත්තු කාන්තා සිරුරු කොටස් පිරිමි සිරුරුවල එම කොටස්වලට වඩා ප්‍රබල බව ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු අධ්‍යයනයකින් සනාථ වී තිබේ.
 
එක්ස්ප්ලෝරේෂන් මිෂන්- 1(Explroration Mission 1-) යනුවෙන් කලින් හැඳින්වුණු “ආර්ටෙමිස්” අභවකාශ ගමන එවැනි ගමන් මාලාවක පළමුවැන්නය. එය සඳට පමණක් නොව ඉන් අෑත අඟහරු ලෝකය වෙතද ගවේෂණය සඳහා මිනිසුන් යැවීමට සැලසුම් කරන ලද්දකි.
 
මේ වසර (2020) තුළ ක්‍රියාත්මක කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වන වන මෙම අභ්‍යවකාශ ගමනේ මූලික අරමුණ අෑත අභ්‍යවකාශ ගවේෂණය සඳහා මිනිසුන් යැවීමත් මිනිස් වාසය සඳටත් ඉන් ඔබ්බටත් ව්‍යාප්ත කිරීම සඳහා නාසා ආයතනයේ කැපවීම ප්‍රකට කිරීමත්ය.
 
2024 දී හඳට යන ගගනගාමීන්ට විකිරණ කොතරම් ප්‍රමාණයක් අවශෝෂණය කර ගත හැකිද යන්න මැන ගැනීමට සඳ වෙත යැවෙන කාන්තා පිළිරූ දෙක උපයෝගී කර ගනු ලැබේ. විකිරණ ප්‍රමාණය මැනිය හැකි සංවේදක පිළිරූ දෙකට බද්ධ කොට තිබේ. මේ සඳහා මිනිසුන් යොදා ගැනීමේදී ඔවුනට බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවීමත් සමහර විට ඔවුන් ක්‍ෂණිකව මරණයට පත් විය හැකිවීමත් දැන් විද්‍යාඥයන් නිරාකරණය කර ගැනීමේ වෑයමක යෙදෙන ගැටලුවකි.
 
මෙම අභ්‍යවකාශ ගවේෂණයට එක්ව “ස්ටෙම් රැඩ් යානයේ ගමන් කරන්නට තමා බෙහෙවින් කැමැති යැයි ජර්මන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවභෞතික විද්‍යාඥ කණ්ඩායමේ නායක තෝමස් බර්ගර් ජාත්‍යන්තර ගගනගාමී මණ්ඩලයේදී “ස්පේස් කොම්” මාධ්‍ය සේවයට පැවැසීය.
 
කාන්තා පිළිරූ ආර්ටෙමිස්-1 යානයෙන් යැවීමේ ගවේෂණයේ ප්‍රධාන නිරීක්‍ෂක වූයේද ඔහුය. එක් පිළිරුවක උඩුකය වැස්ම, විකිරණ අංශුවලට එරෙහිව ක්‍රියාත්මක වන පොලිඵතිලින් නමැති පාරදෘශ්‍ය ප්ලාස්ටික් වර්ගයෙන් නිර්මිතව තිබෙන අතර, අජටාකාශ නැවතුම් පොළවල නිදන මැදිරි ඉදිකිරීම සඳහාද එම ප්ලාස්ටික් වර්ගය යොදා ගැනීමටද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
 
අඟහරු ලෝකය බවද ඈත අභ්‍යවකාශයේදී සූර්ය විකිරණවලින් මිනිස් සිරුරේ ඉතාම සියුම් මූලික සෛල පවා විනාශ වන හෙයින් මෙම පොලිතයිලීන් උඩුකය වැස්මෙන් එම විනාශය වැළකෙන බව තහවුරු වී තිබේ. මෙය නිර්මාණය කරනු පිණිස යොදා ගැනුණු ද්‍රව්‍යය සමෝච්ඡ රේඛා පතිත සිතියමක් වැනි රටාවකින් අලංකෘතය.
 
එක් එක් ගගනගාමියාගේ ඉන්ද්‍රියවල ආරක්‍ෂාව සඳහා ලෝහ රහිත ආරක්‍ෂක ආවරණයක් උඩුකය වැස්මෙහි යොදනු ලැබේ. මෙම නිෂ්පාදනය අෑත අභ්‍යවකාශ ගවේෂණය සඳහා මිනිසාට මහෝපකාරී වන්නක් යැයි ස්ටෙම් රැඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියකු සහ ප්‍රධාන විද්‍යා නිලධාරි ඔරේන් විල්ස්ටේන් ප්‍රකාශ කළේය.
 
අජටාකාශගාමීන්ගේ සිරුරුවල ඉන්ද්‍රිය සියල්ල ඉතාම ආරක්‍ෂාකාරීව හා නිවැරදිව ආවරණය කළ බහුස්තර ආවරණ නිෂ්පාදන තාක්‍ෂණය තම ජයග්‍රහණයේ පදනම වී යැයිද ඔහු පැවැසීය.
 
නාසා ආයතනයේ ආර්ටෙමිස් සඳ ගමන ගී්‍රක මිථ්‍යා මතවල දැක්වෙන පරිදි “ආර්ටෙමිස්” යනු ඇපොලෝ සහ සඳ රාජිනියගේ නිවුන් සොයුරියයි. 2024 සඳට යැවීමට බලාපොරොත්තු වන පළමු වැනි කාන්තාවත් දෙවැනි පුරුෂයාත් ගමන් කරන යානය පුද්ගලාරෝපණය කරනු පිණිස නාසා ආයතනය “ආර්ටෙමිස්” නාමය යොදා ගෙන ඇත. සඳත් අඟහරුත් පිළිබඳ ගවේෂණයෙහි යෙදෙනු සඳහා එහි යන්නට මිනිසුන් මඟපාදන සංකීර්ණ අජටාකාශ ගමන් ගණනාවක ඉදිරි කාලයේදී යෙදෙනු ඇති අභ්‍යවකාශ යානා ගණනාවක පළමුවැන්න ආර්ටෙමිස්ය. ඕරියන් අභ්‍යවකාශ යානය හා ෆ්ලොරිඩාවේ කැනවරුන් තුඩුවෙන් ක්‍රියාත්මක කරනු ලබන, අජටාකාශ ගමන්ද ඊට අයත්ය.
 
ආර්ටෙමිස්- 1, නියමුවන් රහිත අජටාකාශ යානයක් වන අතර ඉතාම ප්‍රබල රොකටයක් මඟින් ගුවන් ගත කරනු ලබන මෙම යානය මෙතෙක් මිනිසුන් විසින් ගුවන්ගත කෙරුණු සියලු යානාවලට වඩා අෑත අභ්‍යවකාශයට ගමන් කරනු ඇත.
 
මෙය පොළොවේ සිට සැතපුම් 2,80,000ක් ඉහළට ගමන් කරන අතර එහි සති තුනක පමණ අජටාකාශ ගමනේදී එය සඳෙන්ද සැතැපුම් දහස් ගණනක් අෑතට ගමන් කරනු ඇත.
 
ඕරියන් යානය, මෙතෙක් අන් කිසිදු අජටාකාශ යානයක් රැඳී නොසිටි තරම් දීර්ඝ කාලයක් ගුවනෙහි රැඳෙනු ඇති අතර, එය මෙතෙක් අන් කිසිම යානයක් නොපැමිණි අන්දමේ ආපසු පොළොවටද පැමිණෙයි.
 
මේ පළමු වැනි ගවේෂණ ගමනත් සමඟම නාසා ආයතනය අඟහරු ලෝකයද ඇතුළු තවත් ගමනාන්ත කිහිපයක් වෙත යානා යැවීමටත් අනාගත අජටාකාශගාමීන්ට වඩාත් පුළුල් ගවේෂණ සඳහා මංපෑදෙන කරුණු සොයා බලා අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙයි.
 
ඒ සඳහා නියමුවන් සහිත යානා වෙනස් මාර්ග ඔස්සේ ගුවන් ගත කිරීමද ආයතනයේ අරමුණ වී තිබේ. ඒ සඳහා මෙටි්‍රක් ටොන් 26 ආකෘතික යානාවල සිට මෙ.ටො 45 ආකෘතික යානාද යොදා ගැනෙනු ඇත.
 
ආර්ටෙමිස් ගවේෂණ යානයේ අජටාකාශ ගමනේ ප්‍රතිඵල අනුව මිනිසුන්ට සඳ මත පදිංචිව සිටිය හැකි පරිසරයක් 2028 වන විට නිර්මාණය කළ හැකිවේද යන්න විමර්ශනය කිරීම නාසා ආයතනයේ අවසාන අපේක්‍ෂාවය. චන්ද්‍ර ජනපදයක් පිහිටුවා ගත හැකිවුවහොත් ඒ මඟින් නවතම ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට පෞද්ගලික ව්‍යාපාරික විද්‍යාත්මක සොයා ගැනීම සඳහාත් තාක්‍ෂණ විද්‍යාත්මක ඉදිරි ගමන් මාර්ග පාදා ගැනීම සඳහාත් ඉඩකඩ සැලසෙනු පමණක් නොව නවතම චන්ද්‍ර ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලටද මඟ පෑදෙනු ඇතැයිද නාසා ආයතනය බලාපොරොත්තු වෙයි.
 
ප්‍රේමචන්ද්‍ර අල්විස්
මව්බිම


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top