Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
21
පැය 6ක් තිස්සේ පස් යට වැළළුණු සිඟිත්තිය හදාගන්න 600ක් පොර කයි - සුළු පියාගෙන් දරුවා ලැබුණු බවට 18 හැවිරිදි තරුණියගෙන් පාපොච්චාරණයක් - Video

- පැය 6ක් තිස්සේ පස් යට වැළළුණු සිඟිත්තිය හදාගන්න 600ක් පොර කයි - සුළු පියාගෙන් දරුවා ලැබුණු බවට 18 හැවිරිදි තරුණියගෙන් පාපොච්චාරණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,375 Views
"ළමයට පණ තියෙන්න පුළුවන් අපි ඉක්මනට ඔතනට එනවා."
"ඉස්පිරිතාලේට ගෙනියන්න. ප්‍රශ්නයක් ආවොත් මම බලාගන්නම්..."
දරුවාගේ පියා ගැන 18 හැවිරිදි තරුණයගේ පරස්පර ප්‍රකාශ...
 
මෙලොවට බිහිවීමෙන් අනතුරුව පැය හයක පමණ කාලයක් අඩි එකහමාරක් පොළව යට මිහිදන් වූ බිළිඳියක පෙර පින් මහිමයෙන් දිවි ගලවා ගැනීමේ පුවතක් වාර්තා වූයේ පසුගිය 8 වැනිදායි.
 
2020 නව වසර උදාවී පළමු සතිය ගෙවී අටවන දින උදාවුණා. පෙරවරු හයයි තිහට පමණ රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඔළුගල මහතාගේ ජංගම දුරකථනය නාද වුණා.
 
"සර් මේ කතා කරන්නේ කහංගම කොස්ගල වත්තෙන්. අපේ ලැයිම ඉස්සරහ පොඩි ළමයෙක් පස් ගොඩකට යටවෙලා. ඉක්මනට ඇවිත් බැලුවොත් නම් හොඳයි.."

"ළමයට පණ තියෙන්න පුළුවන් අපි ඉක්මනට ඔතනට එනවා. ඔයා පරිස්සමින් ඔතන තියෙන පස් අයින් කරලා ළමයා ගොඩට අරන් පුළුවන් ඉක්මනට රත්නපුර ඉස්පිරිතාලේට ගෙනියන්න. ප්‍රශ්නයක් ආවොත් මම බලාගන්නම්..."
 
පොලිස් පරීක්ෂකවරයා එසේ පැවසුවේ දරුවාගේ දිවි ගලවා ගැනීමේ අදහසිනුයි.
 
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරායගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ කොස්ගල වතුයායේ පිරිස පස් යට මුනින් අතට දමා සිටි සිඟිත්තිය පස් ඉවත් කර ගොඩට ගනු ලැබූ අතර පරීක්ෂකවරයා කී ආකාරයටම සිඟිත්තිගේ හුස්ම වැටෙමින් තිබුණු අයුරු එම පිරිසට දර්ශණය වුණා.
 
අවට රැස්ව සිටි පිරිස සතුටින් ඉපිල ගියා. මුහුණ අවට සහ හිස මත තිබූ පස් පිස දමා සිඟිත්තිය රත්නපුර රෝහලට රැගෙන ගොස් බාරදීමට වතුකම්කරුවෝ වහා පියවර ගත්තා.
 
රත්නපුර පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඒ මොහොතේම පුළුල් විමර්ශන ආරම්භ කළා.
 
රත්නපුර නගරයේ සිට මෙම ස්ථානයට කිලෝමීටර් 8ක් පමණ දුරක් තිබෙනවා. රත්නපුර කොස්ගල රත්නාලෝක සංචාරක හෝටලයට ඉදිරිපිට පාරේ වම් පැත්තේ පිහිටි මෙම කොස්ගල වතු යාය රබර් වත්තක්. රජයේ සමාගමකට අයත් මෙම කොස්ගල වත්තේ පවුල් 25ක් පමණ පදිංචිව සිටිනවා.
 
උපන් හැටියේ බිළිඳිය වළ දමා තිබූ ස්ථානය ලැයිම් කාමරයක් හා පහළින් කෝවිලක් සහ ඊටත් පහළින් තව ලයිම් කමරයක් පිහිටා ඇති අතර ඊට ඉහළ ලැයිම් කාමර පේළියක්ම පිහිටා තිබෙනවා.
 
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයට යන විට කොස්ගල වතුයායේ කම්කරුවන් මෙන්ම අසළ ගමේ පදිංචිකරුවන් විශාල පිරිසක්ද එතැනට එක්රොක්ව සිටියා.
 
පොලිසිය ඒ වන විටත් විමර්ශන ආරම්භ කළ අතර බිළිඳිය ප්‍රසූත කළ බව කියන කාන්තාවද ඔවුන් විසින් හඳුනා ගත්තා.
 
කොස්ගල වතුයායේ පදිංචි ඇගේ මාමා කෙනෙකු 8 වැනිදා උදේ පාන්දර හයට පමණ අදාළ ලැයිම ඉදිරිපිටින් ගමන් කරන විට මිදුලේ ගොඩ ගසා තිබූ බිළිඳෙකුගේ කකුලක් උඩට ඇවිත් තිබෙන අයුරු දැක තිබෙනවා.
 
එය දුටු ඔහු අසල්වාසීන්ට කෑ ගසා කිසිවෙකු ළමයෙකු වළ දමා ඇතැයි පවසා තිබෙනවා. මෙම ආරංචිය වත්ත පුරා පැතිර ගිය අතරම වත්තේ පදිංචි පිරිසද මෙම ස්ථානයට රොක් වුණා.
 
උපන් හැටියේ බිළිඳිය වළ දමා තිබූ ස්ථානය අසළ ලැයිමේ පදිංචිකාරියක් වන 18 හැවිරිදි කාන්තාව සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් පසුවයි.
 
එම කාන්තාවගෙන් ප්‍රශ්න කළ පොලිසියට ඇය පවසා ඇත්තේ මෙම දරුවාගේ පියා, තමාගේ සුළු පියා බවයි. තවත් වරෙක ඇය පොලිසියට පවසා ඇත්තේ අසල්වැසි තරුණයෙකු බිළිඳියගේ පියා බවයි. ඇගේ පරස්පර ප්‍රකාශ නිසා දරුවාගේ නියම පියා හඳුනාගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් කළ යුතු බව තීරණය කළ පරීක්ෂකවරයා ඒ පිළිබඳ අධිකරණයේ අවසර ලබා ගැනීමට ද කටයුතු කළා.
 
පොලිසිය මේ කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දි ‍හෙළි වූයේ මෙවන් කතාවක්.
 
සැකකාරිය පස් දෙනෙකුගෙන් සමන්විත පවුලේ තෙවැනි දරුවායි. වැඩිමහල් දෙදනො ඇගේ සහෝදරයින්. අනෙක් දෙදෙනා සහෝදරියන්. ඇගේ පියා සිංහල ජාතිකයෙක්. මව ද්‍රවිඩ කාන්තාවක්.
 
පියා මව අතහැර වෙනත් කාන්තාවක් සමඟ වෙනත් ප්‍රදේශයකට ගොස් පවුල් ජීවිතයක් ගත කරනවා. සැකකාරිය කුඩා කාලයේ පටන් තම පියාගේ මව වන ආච්චිගේ අවිස්සාවේල්ල පිහිටි නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය වැඩිවියට පත්වීමෙන් පසු ආච්චිටවත් එම නිවසේ අයටවත් කිසිදු දැනුම් දීමක් නොකර රත්නපුර පිහිටි පෙර පදිංචි නිවසට පැමිණ තිබෙනවා.
 
මේ කාලය වන විට සැකකාරියාගේ මව අනියම් සැමියකු සමඟ පවුල් කමින් සිට ඇති අතර පවුලේ අනෙකුත් දරුවන්ට මෙන්ම මෙම සැකකාරියටද මවගේ අනියම් සැමියා (බාප්පා) ආහාර ඇඳුම් පැළඳුම් ලබාදෙමින් රැක බලාගෙන තිබෙනවා.
 
මෙම සිද්ධියේදී තවත් පුදුම සහගත කරුණක් වන්නේ සැකකාරිය වත් ඇගේ මවවත් ඇය ගැබ්ගෙන ඇති බව සිද්ධිය වන තෙක් නොදැන සිටීමයි.
 
යම් තරුණයක් ගැබ් ගත් විට ශරීරයේ වෙනස්කම් දක්නට ලැබුණත් සැකකාරියගේ ශරීරයේ එවන් ලක්ෂණයක් පෙනෙන්නට නොතිබූ බව ඇගේ නිවසේ අය පවසා තිබුණා.
 
මේ සිද්ධියට දින දෙකකට පෙර සැකකාරියට තදබල බඩේ කැක්කුමක් ඇති වී ඇති අතර මව විසින් බඩේ කැක්කුමට දෙන අසමෝදගම් හා දෙහියුෂ ලබා දී තිබෙනවා.
 
ඉන්පසු සුපුරුදු පරිදි නිවසේ අය නින්දට ගොස් ඇත්තේ සැකකාරියද සමඟයි.
 
රාත්‍රී 12 ට පමණ සැකකාරිය නැවත බඩේ කැක්කුම සැදී ඇති අතර පිහියක් හා උදැල්ලක් අතැතිව නිවසින් මිදුලට ගිය සැකකාරිය නිවසින් පිටතට ගොස් දරුවා ප්‍රසූත කර අතේ තිබූ පිහියෙන් පෙකිණිවැල කපා වෙන් කර මිදුලේ ගොඩ කර තිබූ පස් ගොඩේ පස් ඉවත් කර දරුවා මුණින් අතට තබා පස්වලින් වසා තම ශරීරයෙන් පිටවූ ලේ හා පිහියද සෝදාගෙන නැවත නිවස ඇතුළට පැමිණ කිසිවක් නොවූ පරිද්දෙන් නින්දට ගොස් තිබුණා.
 
සිද්ධිය කවුරුත් ඒ වන විට දැක තිබුණේ නැහැ. බිළිඳා පස් යට දමා පැය හයක් ගතවෙද්දි එම ස්ථානය අසළින් ගිය සැකකාරියාගේ මාමාට මිදුලට ගොඩ කර තිබු පස්ගොඩ අස්සෙන් බිළිඳු කකුළක් ඉස්සී තිබෙනු නෙත ගැටී ඇත්තේ අනතුරුවයි.
 
ගොඩට ගත් සිඟිත්තා රත්නපුර රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ අධික්ෂණයෙන් රත්නපුර රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ සුවසේ පසු වනවා. බිළිඳිය රෝහල්ගත කළ දින පටන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් රත්නපුර රෝහලට දුරකථන ඇමතුම් 600ක් පමණ ලැබී ඇති බවත් එම පිරිස් දරුවා දරුකමට හදා ගැනීමට ඉල්ලීම් කර තිබෙනවා. දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකි වූ නිසා ඇය වාසනාවන්ත දැරියක් බවයි ඔවුන් පෙන්වා දෙන්නෙ.
 
දරුවාගේ පියා හෙළි කර ගැනීමටත් මවට විරුද්ධව අධිකරණමය ක්‍රියා ගැනීමටත් රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කටයුතු කරගෙන යන අතර සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
සැකකාරියගේ අනියම් සැමියා (බාප්පා) මේ සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටිනවා.
 
එන්. පී. රාජදොරේ


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  179 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  693 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,083 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,383 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  295 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,823 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,967 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,792 Downloads



Top 10 Commenters

Latest Comments

Top