එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කාරක සභා කාමර අංක දෙකෙහිදියි.
පෙරවරු 10ට පමණ මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටිනවා.
පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම මෙන්ම අද සිට ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ විවාදයන් හි කථික ලැයිස්තුව සම්පාදනය කිරීම මෙම රැස්වීමේ මූලික අරමුණයි.
හෙට පාර්ලිමේන්තු රැස්වීමට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බඩු මිල පිළිබද සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් මෙම රැස්වීම ආරම්භයේදී වැඩි අවධානයක් යොමු කෙරුණු බව ඊට එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සඳහන් කළා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් ද අද පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.
එහිදී තම ඉදිරි සැලසුම් සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව විපක්ෂ නායකවරයා විසින් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමටයි නියමිතව ඇත්තේ.