Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
21
සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පැතිර ගිය, රටම කම්පා කළ උඩවලව කොටියාගේ ඝාතකයින් ඇල්ලූ සුපිරි මෙහෙයුම - අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු රහස් රැසක් හෙළි කරයි

- සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පැතිර ගිය, රටම කම්පා කළ උඩවලව කොටියාගේ ඝාතකයින් ඇල්ලූ සුපිරි මෙහෙයුම - අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු රහස් රැසක් හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,444 Views
අස්සක් මුල්ලක් නෑර පීරමින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක්..!
මරා දාපු කොටියාගේ දතුත් ඉදිරිපාද දෙකත් කපා දමලාලු...
"මැරිච්ච කොටියා ඇළට දැම්මා, ඒත් කකුල් කැපුවේ මම නෙවෙයි.."
 
උඩවලව ජාතික වනෝද්‍යානය තුළදී ඉකුත් සතියේ හොඳින් වැඩුණු සද්දන්ත කොටියකු මරා, එයින් ද නොනැවතී ඉතාමත් කෲර ලෙස උගේ දත් ද ගලවා ඉදිරිපාද දෙකම කපා රැගෙන ගොස් තිබීමේ පුවතක් අසන්නට ලැබිණි.
 
සතුන්ටම වෙන්වූ සහ වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇති ජාතික වනෝද්‍යානයක් තුළට පැමිණ මෙවැනි අමානුෂික අපරාධ කිරීමට තරම් ජාවාරම්කරුවන් ප්‍රබල තත්ත්වයක සිටීම කනගාටුදායක කරුණකි.

උඩවලව, තණමල්විල, හම්බෙගමුව ආදී උඩවලව ජාතික වනෝද්‍යානය අවට පිහිටි ප්‍රදේශ ජාවාරම්කරුවන්ගේ පාරාදීසයකි. ගංජා වගාව, දඩමස් ජාවාරම, දැව ජාවාරම, වැලි ජාවාරම, ජයටම සිදු කෙරෙන්නේ රක්ෂිතයක් වූ උඩවලව ජාතික වනෝද්‍යානය තුළයි.
 
පසුගිය සමයේ කැලේ සිටින වන අලි පැටවුන් අල්ලා අලෙවි කිරීමේ ජාවාරමට ද උඩවලව වනෝද්‍යානයේ පහේ කණුව ප්‍රදේශය ප්‍රසිද්ධියක් ඉසිලීය. කොටින් මරා උන්ගේ දත් සහ නියපොතු අලෙවි කිරීමද මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන අලුත්ම ජාවාරමකි.
 
ඉකුත් කාල වකවානුව තුළ යාල, බිබිල, නිල්ගල ආදී ප්‍රදේශවලදී වසදී මරා දමා තිබූ කොටි මළ සිරුරු හතරක් හමුවූ අතර නිලධාරීන්ගේ සැකය වූයේ එම සතුන් මරා දමන්නට ඇත්තේ දත් සහ නියපොතු ලබා ගැනීමේ අරමුණින් බවයි.
 
කොටි දත් සහ නියපොතුවලට යාගහෝමකරුවනුත් චීනය, කොරියාව වැනි විදේශ රටවලින් පැමිණෙන සංචාරකයනුත් ඉහළ මිලක් නියම කරති. මේ හේතුවෙන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලංකාවේ කොටියාගේ පැවැත්මට තවත් අභියෝගයක් එල්ල වී ඇත.
 
උඩවලව වනෝද්‍යානය මායිමේ සිදුවෙන නීති විරෝධී මත්පැන් පෙරීමත්, ගංජා සහ මත්පැන් භාවිතයත් නිසා එම ප්‍රදේශවල ජන ජීවිතය සෙසු ප්‍රදේශවලට වඩා වෙනස්ය. ගංජා හේන්වල රැකියාවේ නිරතවීම. දඩමස් ජාවාරමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීම, දැව සහ වැලි ජාවාරම ඔවුන් බහුතරයකගේ ජීවනෝපායයි. මේ අය තුළ ගුණ ධර්ම, සාර ධර්ම මෙන්ම යහපත් සමාජ සම්මතයන් නැතැයි පැවසුවහොත් එය බොහෝවිට නිවැරදිය.
 
උඩවලව හන්දියේ සිට තණමල්විල දක්වා වැටී ඇති මාර්ගයේ වම්පසින් ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයයි. දකුණු පසින් ඇත්තේ ගම්මානයි. එනම් උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන්නේ උඩවලව - තණමල්විල මාර්ගයයි.
 
ඉකුත් සතියේ දිනක හිමිදිරියේ උඩවලව ජාතික වනෝද්‍යානයේ මව්ආර බීට්ටු කාර්යාලයට පැමිණි ගම්වැසියන් දෙදෙනකු නිලධාරීන්ට පවසා සිටියේ නෙලුම්වැව නැතහොත් දහහතරහමාර ලෙස හඳුන්වන ගම හරහා ගලා බසින මව්ආර ඇළේ සද්දන්ත කොටියකුගේ මළ සිරුරක් රැඳී ඇති බවයි.
 
එම ප්‍රදේශවල ගම්වලට නම් දමා ඇත්තේ එක්කෝ මාර්ගයේ ඇති කිලෝමීටර් කණු අනුවය. නැති නම් ගස් හෝ ඇළ පාරවල් අනුවය. නෙලුම්වැව ඇත්තේ උඩවලව හන්දියේ සිට තණමල්විල දෙසට කිලෝමීටර් දහහතරහමාරක් ගිය විටය.
 
කොටියාගේ මළ සිරුර පිළිබඳව වනජීවී නිලධාරීහු උඩවලව උද්‍යාන භාරකරු රසික රණතුංග මහතාට දැනුම් දුන්හ. ඒ අනුව උද්‍යාන භාරකරු රණතුංග මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සොයා බැලීමේදී ඔවුනට දැකගත හැකි වූයේ මරා ඇළට දමා තිබූ දිගින් අඩි අටක් පමණ වූ දැවැන්ත පිරිමි කොටියකුගේ සිරුරකි. උගේ ඉදිරි පාද දෙකේම අගිස් කොටස් මැණික් කටුව සන්ධි අසලින් කපා රැගෙන ගොස් තිබූ අතර මුඛයේ උල් දත් හතර නැති නම් රදනක දත් හතර ගලවාගෙන ගොස් තිබිණි.
 
සිද්ධියෙහි ඇති බැරෑරුම්කම වැටහී ගිය උද්‍යාන භාරකරු වහාම සියලු විස්තර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම් දුන්නේය.
 
ඒ වන විටත් මියගිය කොටියාගේ විස්තර ඡායාරූප ද සමඟ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණු අතර රජයේ ඉහළම තැන්වල අවධානයද ඒ වෙත යොමුවී තිබිණි. වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කොටියාගේ සිරුර අයිස් පිරවූ විශාල උරයක බහා තබා, බී වාර්තාවක් හරහා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ උඩවලව උද්‍යාන භාරකරු සතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අවසර ගත්තේය.
 
පසුව උඩවලව ඇත් අතුරු සෙවණට අනුයුක්ත වනජීවී පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.
 
එහිදී ඔහුට වෙඩි සලකුණක් හෝ මරණයට හේතුවන බාහිර තුවාලයක් සොයාගත නොහැකි විය. වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී උගේ උගුරු දණ්ඩ සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බවක් හෙළිවිය. මද්දක් ගසා කොටියා මරා ඇති අතර පසුව උගේ ඉදිරි පාද දෙක මැණික් කටුව සන්ධිය අසලින් කපා රැගෙන ගොස් ඇති බව පශු වෛද්‍ය නිගමනය විය.
 
උගේ මුඛයේ ඇති උල් දත් හතර නැති නම් රදනක දත් හතර මොට පොරොවක් වැනි ආයුධයකින් ගසා ගලවා රැගෙන ගොස් තිබූ අතර එහිදී කොටියාගේ හනු අස්ථීවලටද හානි සිදුව තිබිණි. කොටියාගේ සිරුර අප්‍රසිද්ධියේ සුරක්ෂිතව භූමදානය කෙරුණේ කිසියම් අයකු උෟව වළෙන් නැවත ගොඩ ගෙන නිය ලබා ගැනීම සඳහා පසුපස පාද දෙකද කපා රැගෙන යෑමේ අවදානමක් තිබූ බැවිනි.
 
ඉහළින් ලැබුණු නියෝගයකට අනුව පරිසර සහ වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් පොලිස්පතිවරයාටත් පෞද්ගලිකව අමතා මෙම අපරාධයට සම්බන්ධ වූවන් වහාම නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.
 
ඒ අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් කිහිපයක් පත් කරමින් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය. මෙහෙයුම් භාරව උඩවලව වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු රසික රණතුංග මහතා කටයුතු කළ අතර ඊට අමතරව වනජීවී බුද්ධි අංශයද ක්‍රියාත්මක වී තිබිණි.
 
පොලිස්පතිවරයා ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේ අදාළ ප්‍රදේශයේ සහ ඒ අවට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් කැඳවා අපරාධකරුවන් සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලෙසත් සහායට උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය ලබා ගන්නා ලෙසත්ය. මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සහ ඇඹිලිපිටිය පොලිස් අධිකාරි අසෝක විජේරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත සෙවණගල, උඩවලව, තණමල්විල සහ හම්බෙගමුව පොලිස් ස්ථානවල නිලධාරීන් දැවැන්ත ඒකාබද්ධ සෝදිසි සහ විමර්ශන මෙහෙයුමක් දියත් කිරීමට සැලැසුම් සකස් කරන ලද්දේ සැකකරුවන්ට ප්‍රදේශයේ හැර දමා පලා යෑමේ ඉඩකඩද ඇහිරෙන අයුරිනි.
 
සරමක් හා කමිසයක් හැඳගත් රැවුල ද වැවූ පොලිස් ඔත්තුකරුවන් බුලත් විටක් සපමින් ඒ අවට ප්‍රදේශවල කරක් ගැසුවේ ගංජා සුරුට්ටුවක් සොයමිනි. කනේ කරාබු පැලඳි වනෝද්‍යානයට විදේශීය සංචාරකයන් රැගෙන එන මඟ පෙන්වන්නන් ලෙස සැරසුණු වනජීවී බුද්ධි නිලධාරීහු කොටි දත් සහ නියපොතු මිලදී ගැනීමට පැමිණි මුවාවෙන් ජාවාරම්කරුවන්ට සම්බන්ධ තැරැව්කරුවන් සොයා ගියහ. අව් කණ්ණාඩි පැලැඳි සුඛෝපභෝගී රථවලින් පැමිණි වෙස් වළාගත් පොලිස් නිලධාරීන් කොළඹ සිට සංචාරයට ආ ව්‍යාපාරිකයන් ලෙස දඩ මස් ඉල්ලුම් කළේ සතුන්ගේ ගාත් ද සමඟිනි.
 
බුද්ධි විමර්ශන අවසන් වීමත් සමඟ කැලෑ ඇඳුමින් සැරැසුණු සන්නද්ධ පොලිස්, වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායම් ගණනාවක් කොටියාගේ සිරුර තිබූ තැන සිට පහළට ගම්මානත් ඉහළට උඩවලව ජාතික වනෝද්‍යානයත් අස්සක් මුල්ලක් නෑර පීරමින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළ ආකාරයට ප්‍රදේශවාසීහු අන්දමන්ද වූහ.
 
මව්ආර ඇළ, උඩවලව වනෝද්‍යානය තුළ පිහිටි මව්ආර ජලාශයේ සිට පහළින් ඇති කුඹුරුවලට ජලය ගෙන යන වාරිමාර්ගයකි. ගම්මුන් නාන්නෙත් ජලය ලබා ගන්නෙත් මෙම ඇළෙනි. උඩවලව වනෝද්‍යානය මායිමේ උඩවලව - තණමල්විල මාර්ගයට සමාන්තරව අලි විදුලි වැටක් ගසා ඇත. කොටියාගේ සිරුර හමුවුණේ දහහතරහමාර නැති නම් නෙලුම්වැව ප්‍රදේශයේ උඩවලව - තණමල්විල මාර්ගයට මීටර් තුන්සීයක් පමණ පහළින් මව්ආර ඇළේ තිබියදීය. සතා මැරී ඇත්තේ මද්දකට හසු වීමෙනි. ගමක මදු ගැසීම සිදු නොවේ.
 
එවැනි දේ සිදුකරන්නේ වන රක්ෂිතය තුළයි. කොටියාගේ ප්‍රමාණය අනුව වැඩි දුරක සිට උෟව රැගෙන ඒමද අපහසුය. එම නිගමනයන්ට අනුව යමින් සතාගේ සිරුර තිබූ තැන සිට ඇළ දිගේ මීටර් තුන්සීයක් (300) ඉහළට ගොස් උඩවලව, තණමල්විල මාර්ගය පැන ඒ කෙළින්ම වනෝද්‍යානයට ඇතුළු වූ කණ්ඩායමට වැඩි දුරක් යායුතු නොවීය. උද්‍යාන මායිමේ සිට මීටර් 50 (50ථ) පමණ ඇතුළතින් කොටියා මරා දැමීමට ගසා තිබූ මද්ද හමුවූ අතර සතාගේ දැඟලීම නිසා අවට තණ පඳුරු තැළී පොඩි වී කොටියාගේ බෙටි පහ වී තිබූ ආකාරයද එහිදී දැකගත හැකිවිය.
 
එක්රැස් කර තිබූ තොරතුරු අනුව සතාගේ සිරුර තිබූ තැනට මීටර සීයක් (100) පමණ ඉහළින් පිහිටා තිබූ නිවෙසක පදිංචිව සිටි දඩමස් ජාවාරම ජීවනෝපාය කරගත් තිස්හත් හැවිරිදි පුද්ගලයකුව සැකපිට අත්අඩංගුවට ගැනිණි.
 
වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවිය. ඔහු පවසන්නේ තමන් මද්ද ගැසුවේ වල් උෟරකු, ගෝනකු හෝ මුවකුව මරා ගැනීමට මිස කොටියකුව මැරීමට නොවන බවයි.
 
රෑ මද්ද ගසා පසුදින උදයේ ගොස් බලන විට එයට කොටියකු හසුවී මැරී සිටින ආකාරය දැක බියට පත්වූ බවත් ආපසු ගොස් රාත්‍රියේදී තවත් දෙදෙනකු සමඟ ත්‍රිරෝද රථයකින් ඌව නිවෙසට රැගෙන ගිය බවත් ඔහු කියා තිබේ. එහිදී සිය බිරිය බැන වැදුණු බැවින් නැවත තිදෙනාම එක්ව කොටියාගේ සිරුර ඇළට ගොස් දැමූ නමුත් උගේ දෙපා කැපුවේ හෝ දත් ගැලවූයේ තමන් නොවන බව හෙතෙම සඳහන් කර ඇත.
 
අවසානයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අපරාධකරුවන් නියම තොරතුරු තවමත් වසන් කරන බව පෙනේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිස් නිලධාරීනුත් සෙවණගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් දැක්වූ පරිශ්‍රමය ප්‍රශංසාත්මකය.
 
කොටියකු මරා දැමීමත්, උගේ සිරුරු කොටස් අලෙවි කිරීමත්, ඒවා සන්තකයේ තබා ගැනීමත් වනජීවී වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියේ 2 වැනි උප වගන්ති ප්‍රකාරව දඩ මුදලකටද යටත්ව සිරදඬුවම් ලබා දියහැකි වරදකි. මෙම අපරාධකරුවන්ට එරෙහිව නීතියෙන් දඬුවම් ලබාදෙන ආකාරය දෙස රටක් බලාසිටී.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  206 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,033 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,029 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top