Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
21
රජ ගෙදරින් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසා මේගන් මාර්කල් රජ සැප හැර ගියා? - Photos

- රජ ගෙදරින් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසා මේගන් මාර්කල් රජ සැප හැර ගියා? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,325 Views
හැරී කුමරුට මේ සම්බන්ධයට රජ ගෙදරින් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙවෙයි......
 
මෙලොව උපන් දින සෑම මනුෂ්‍යයකුගේම ආශාවක්, හීනයක් තමයි රජ සැප විඳින එක. මේ රජ සැප කියන එක නොයකුත් විධියට නිර්වචනය කරන්න පුළුවන්. සරලවම රජ සැප යනුවෙන් අප අදහස් කරන්නේ මෙලොව ඇති භෞතික සැප සම්පත් භුක්ති විඳිමින් කාලය ගත කිරීමයි.

බොහෝ දෙනකුට මේ රජ සැප මියෙන මොහොත දක්වාම හීනයක්ම පමණක් වුවත් තවත් සමහරු යම්තාක් දුරකට හෝ එවැනි සැප සම්පත් විඳීමට සමත් වෙනවා.

එකී දෙපිරිසටම අයත් නොවන, උප්පත්තියෙන්ම රජ සැප කරපින්නාගෙන මෙලොව එළිය දකින පිරිසකුත් මේ පෘථිවියේ අදටත් ජීවත් වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව නම් ඔවුන් මෙලොව වාසනාවන්තයන්. කවුද අකැමැති උපන් දා ඉඳලා රජ සැප විඳින්න. ආදරය, ගෞරවය, ප්‍රණීත ආහාර පාන, ආරක්ෂාව, ලොව වටා ගමන් බිමන්.... මේ දේවල් නොමිලේම ලැබෙනවට කවුද අකැමැති.

හැබැයි එහෙම අකැමැති කෙනෙක් පිළිබඳ කතාවක් පහුගිය කාලයේ ලොව නන් දෙස ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. ඒ එංගලන්තයේ සසෙක්ස්හි ආදිපාදවරයා වන එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයා රජ පවුල අතහැරීමට යනවා කියලයි. මේ කතාව රජ පවුලට සමීපතමයන් පවා සත්‍යයක් ලෙස පිළිඅරගෙන තියෙනවා.
 
හැරී කුමාරයාගේ මේ තීරණයට එංගලන්ත රජ පවුලෙන් මේගන් කුමරියට ලැබෙන කුඩම්මාගේ සැලකිලිත් බලපාන බවටයි බොහෝ දෙනාගේ මතය.

1981 අගෝස්තු මස 4 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි උපත ලබන රැචල් මේගන් මාර්ක්ලේ ඇමෙරිකානු අප්‍රිකානු සම්මිශ්‍රණයක්. ඇගේ මව අප්‍රිකානු ජාතික කාන්තාවක් වන අතර පියා ඇමෙරිකානුවෙක්. මේගන් වයස අවුරුදු 6 සම්පූර්ණ වීමටත් මත්තෙන් ඇගේ මවුපියන්ගේ පවුල් ජීවිතය දෙදරා යනවා.

මවගේ පාර්ශ්වයට වැඩි නම්‍යතාවක් ඇතිව ගෙවුණු ළමා කාලය ඇය ගෙවා දමන්නේ හොලිවුඩ්හි. පෞද්ගලික පාසල්වලින් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය ඇගේ මූලික උපාධිය නෝර්ත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයෙන් 2003 වර්ෂයේදී ලබා ගැනීමට සමත් වෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ඇය ඇගේ රැකියාව ලෙස තෝරා ගන්නේ රංගනයයි. රැකියාවට පැමිණි මුල් අවධියේ ඇය එතරම් සාර්ථකත්වයක් දක්වන්නේ නැහැ. බොහෝ නිර්මාණවල සුළු චරිත පමණයි ඇයට ලැබෙන්නේ. ඇගේ රූපයේ තිබූ සම්මිශ්‍රණය ඇයට චරිත සඳහා ආරාධනා ලැබීමට බාධාවක් වූ බව ඇය වරක් පවසා සිටිනවා.

කෙසේ නමුත් 2010 වසරේ තිරගත වූ ‘Get him to the Greek’ සහ‘Remember Me’ චිත්‍රපට දෙකත් 2011 වසරේදී තිරගත වූ ‘Horrible Bosses’ චිත්‍රපටයත් ඇගේ සාර්ථක නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්. එතැනින් සාර්ථක ගමනකට මං පාදා ගත් ඇය 2017 වන විට වසරකට ඇමෙරිකානු ඩොලර් හාරලක්ෂ පනස්දහස ඉක්ම වූ වැටුපක් ලද බව “ෆෝචූන්” සඟරාව වරක් පවසා සිටියා.

මේ අතරතුරදී තාරුණ්‍යයේ සුන්දරතම හැඟීම් ඇය බෙදාගන්නේ නළුවකු සහ නිෂ්පාදකවරයකු වූ ට්‍රවෙර් එන්ගෙල්සන් සමඟයි. 2004 වර්ෂයේ සිට පුරා අවුරුදු 7ක් ඔහු සමඟ ආදරයෙන් බැඳී සිටි ඇය 2011 සැප්තැම්බර් මාසයේ 10 වැනි දින ජැමෙයිකාවේදී විවාහ වන්නේ දහසක් පැතුම් පොදි බැඳගෙන.

එහෙත් අවාසනාවකට හෝ වාසනාවකට හෝ එම විවාහය 2013 වර්ෂයේ අගෝස්තුවේදී දික්කසාදයකින් අවසන් වනවා.

නැවතත් අවුරුදු දෙකක පමණ ආදර සම්බන්ධයක රැඳුණත් ඇය එය විවාහයක් දක්වා ගෙන නොයෑමට තීරණය කරනවා.

2016 වර්ෂයේදී ඇය හැරී කුමාරයා සමඟ පෙමින් බැඳෙන්නේ ඇගේ දෛවය උරුම කර දුන් ගමනාන්තය එය නිසා විය හැකිය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි නාමාවලියේ පස් වන ස්ථානයේ සිටි හැරී කුමරුට මේ බැඳීම සම්බන්ධයෙන් රජ ගෙදරින් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

ඇමෙරිකානු අප්‍රිකානු මිශ්‍ර සම්භවය, ඇගේ පවුල් පසුබිම, ඇගේ දික්කසාදය සහ විශේෂයෙන්ම ඇය රජ කුමරාට වඩා වැඩිමහල් වීම සහ ඇය නිළියක් වීම මහ රැජන ඇතුළු රජ පවුලේ කිසිවකුත් අනුමත කරාවි යැයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක්කක්. එහෙත් මේගන් තුළ වූ සරල කමට, චාම් බවට, ගුණ යහපත් බවට බොහෝ සේ ආදරය කළ හැරී කුමරු ඉහත සඳහන් කිසිවක් ගැටලුවක් කර ගත්තෙ නෑ.

කෙසේ හෝ මේ සියලු බාධක බිඳදමා එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයා 2018 මාර්තු මස 6 වැනි දින මේගන් මාර්ක්ලේ විවාහ කරගන්නේ මුළු රජ පෙළපතේම ඉතිහාසය වෙනස් කරමින්. රාජ කුමාරයෙක් ලැබීමට තරම් වාසනාවන්ත වූ මේගන් විවාහයෙන් පසුව “Duchess of Sussex” “සසෙක්ස්හි ආදිපාදවරිය” යන නාමයෙන් පිදුම් ලැබුවා.

කුඩා කල සිට මුහුණ දුන් අප්‍රසන්න සිදුවීම් නිසාදෝ මේගන් තුළ අන් අය කෙරෙහි උණු වෙන හදවතක් ඇත්තියක් ලෙස ප්‍රසිද්ධයි.

නොයෙකුත් රටවල ඉතිහාස කතාවල අපි ආදරය වෙනුවෙන් රජකම පවා අත්හල කතා අහල රසවිඳලා තියෙනවා. එහෙත් 2020 වගේ කාලයක එංගලන්තයේ මහ රැජිනටත් පිටුපාලා රජකමත් එපා කියලා තමන්ගේ දරුපවුලත් අරන් හැරී කුමාරයා එළියට බැස්සොත් ඒක වෙන්නේ ඇමෙරිකානු ගෘහණියක වූ රැචල් මේගන් නිසා.

"මව්බිම"
චමිලා ජයසුන්දර



හැබැයි එහෙම අකැමැති කෙනෙක් පිළිබඳ කතාවක් පහුගිය කාලයේ ලොව නන් දෙස ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. ඒ එංගලන්තයේ සසෙක්ස්හි ආදිපාදවරයා වන එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයා රජ පවුල අතහැරීමට යනවා කියලයි. මේ කතාව රජ පවුලට සමීපතමයන් පවා සත්‍යයක් ලෙස පිළිඅරගෙන තියෙනවා.
හැබැයි එහෙම අකැමැති කෙනෙක් පිළිබඳ කතාවක් පහුගිය කාලයේ ලොව නන් දෙස ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. ඒ එංගලන්තයේ සසෙක්ස්හි ආදිපාදවරයා වන එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයා රජ පවුල අතහැරීමට යනවා කියලයි. මේ කතාව රජ පවුලට සමීපතමයන් පවා සත්‍යයක් ලෙස පිළිඅරගෙන තියෙනවා.
හැබැයි එහෙම අකැමැති කෙනෙක් පිළිබඳ කතාවක් පහුගිය කාලයේ ලොව නන් දෙස ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. ඒ එංගලන්තයේ සසෙක්ස්හි ආදිපාදවරයා වන එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයා රජ පවුල අතහැරීමට යනවා කියලයි. මේ කතාව රජ පවුලට සමීපතමයන් පවා සත්‍යයක් ලෙස පිළිඅරගෙන තියෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  420 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  886 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,300 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,480 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top