Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
රන්ජන්ගේ දුරකථන සංවාදය ගැන, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් පැය 2කට අධික කාලයක් ප්‍රකාශ ගනී - Video

- රන්ජන්ගේ දුරකථන සංවාදය ගැන, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් පැය 2කට අධික කාලයක් ප්‍රකාශ ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,623 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

හිටපු මහාධිකරණ විනිසුරුවරිය අද පස්වරු 3ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර එහිදී ඇය පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ දුරකථන සංවාදවල නිරතවීමේ සිද්ධීන්වලට අදාළව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.
 

රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවන්ගෙන්, කල් නොයවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දීමක් කර තිබුණා.

ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබුණේ.

එමෙන්ම, ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අධිකරණ සේවා කොමිසම විසින් පසුගියදා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.

එමෙන්ම එම කොමිසම ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකොට තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  7,289 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,494 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,127 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,749 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,753 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,059 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,065 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top