ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවති සරුංගල් සැණකෙළියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
දින තුනක් පුරා පැවති මෙම සරුංගල් සැණකෙළියට ඉන්දියානු සරුංගල් 55ක් සහ විදේශීය රටවල සරුංගල් 50ක් එක් කොට තිබෙනවා.
එහිදී ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, යුක්‍රේනය, තුර්කිය ඇතුළු රටවල් 15ක නිර්මාණකරුවන් සරුංගල් නිර්මාණය කර ඇති බවයි වාර්තාවන්නේ.
හින්දු ජනතාවගේ මකර සංක්‍රාන්ති උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙළිය හේතුවෙන් හයිද්‍රාබාද් අහස ඉතා අලංකාර ආකායෙන් දිස් වී තිබෙනවා.