Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
20
"තමන් ගැන හිතන්නෙ නැතිව අනුන්ට පද හදන, කැපිලි දාන මිනිස්සු එක්ක හිතේ තියෙන්නේ ලොකු කලකිරීමක්.." - නෙහාරා පීරිස් - Photos

- "තමන් ගැන හිතන්නෙ නැතිව අනුන්ට පද හදන, කැපිලි දාන මිනිස්සු එක්ක හිතේ තියෙන්නේ ලොකු කලකිරීමක්.." - නෙහාරා පීරිස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
"මම ඒ අයට කවදාවත් කිසිම වරදක් කරලා නැහැ.."

"බොරුවෙන් ජීවත්වෙන මිනිස්සු එක්ක එකතු වෙන්න හොද නැහැ.."

මම ඩාන්සින් ස්ටූඩියෝ එකක් ආරම්භ කළා. ඒකෙ නම Nehara Dancing Studio. ඒ සමඟම N wear නමින් ඇඳුම් ලේබලයකුත් ආරම්භ කළා. ඒ වැඩ කටයුත්ත 2020 අවුරැද්දේ ජනවාරි මාසේ තමයි පටන් ගත්තෙ.

මේ වැඩ කටයුත්තෙදි ඉගැන්වීම් සඳහා කිහිප දෙනෙක් එකතුවෙලා ඉන්නවා නේද..?
ඔව්.. මෙතනදී මම ක්ලාස් කරන්නෙ නැහැ. ඒ සඳහා පිළිගත් නර්තන ගුරුවරුන් සම්බන්ධවෙලා ඉන්නවා. මේ වන විට අසංග ද සිල්වා හිපොප්, බොලිවුඩ් ක්ලාස් කරනවා. අමිල යෝගා ක්ලාස් කරනවා. ඊට අමතරව Zumba, ලැතින්, බෝල්රූ ක්ලාස් කරනවා. තව කිහිප දෙනෙක්ට නර්තන ක්ලාස් සඳහා කතා කරලයි තියෙන්නෙ. ඉතින් ඒ හැමදේම ඉතා ඉක්මනින් ආරම්භ කරාවි.

මෙවැනි කටයුත්තක් කරන්න හිතුණෙ නෙහාරටද..?
ඔව් මට. මේනකටයි මටයි දෙන්නටම මේ ආසාව ඇතිවුණා. අපි දෙන්නා අමෙරිකාවේ ඉඳිද්දී තමයි මේ අදහස ආවෙ. අපි දෙන්නා අමෙරිකාවේ ඉඳිද්දී ව්‍යායාම කරන්න හරි කැමතියි. කොච්චර කාර්යබහුල වුණත් අමෙරිකාවේ ඉඳිද්දීත් ජිම් එකට යන්න අපි දෙන්නා අමතක කළේ නැහැ. අමෙරිකාවේ හිටපු කාලයේදී අපි ජිම් කිහිපයකටම ගිහින් තියෙනවා. එක එක කායවර්ධන මධ්‍යස්ථාන විවිධයි. ඒ අයගේ කණ්ඩායම් පන්ති ඒ රටේ තිබුණා. බොහෝ වෙලාවට මම ඒ කණ්ඩායම් පන්තිවලට සහභාගි වුණා. මම ඒකට යන්න ආස කළා. ඒ නිසාම ස්ටූඩියෝ එකක් දාන්න ඕනෙ කියලා අපි දෙන්නටම හිතට ආවා.

ලංකාවට ආවට පස්සෙ දෙන්නම ඒකට මහන්සි වුණා..?
ලංකාවට ආවට පස්සෙ ඒහෙම එකක් පටන් ගන්න ඕනෙ කියන අදහස අපිට ඇතිවුණේ නැහැ. මුලින්ම මට මියුසික් වීඩියෝ එකක් කරන්න ඕන වුණා. ඒ දේ මම කළා. ඊටපස්සෙ Nehara Jewelry collection by stone n string නමින් ජුවලරි කිහිපයක් හඳුන්වා දුන්නා. අමෙරිකාවේ ඉඳන් ලංකාවට එද්දී මට ඉලක්ක කිහිපයක් තිබුණා. ඒ අනුව තමයි ඒ ඉලක්ක දෙක මම ඉටුකර ගත්තෙ. ඊටපස්සෙ අපිට දවසක් මල්ශ්‍රී හංසව මුණගැහුණා. ඔහු එංගලන්තයෙදී ලැතින් නර්තනය ප්‍රගුණ කරපු කෙනෙක්. එයා නෙහාරා ඩාන්සින් ක්ලාස් එකක් පටන් ගන්නෙ නැත්තෙ ඇයි? කියලා අපිට ආයෙත් අර අපේ ආසාව මතක් කළා. මම අමෙරිකාවේදී සුම්බා හොඳටම ඉගෙනගෙන තියෙනවා. සහතික ලබාගෙන තියෙනවා. මේකටත් මට ක්ලාස් එකක් කරන්න කියලා කිව්වට මම ඒකට කැමති වුණේ නැහැ. මට ඒක ලොකු වගකීමක්. ක්ලාස් එකක් පටන් ගත්තොත් මම ෂූටින් යද්දී අතපසු වෙනවා කියන අදහස මට ඇතිවුණා. මම කරන වැඩේ වගකීමෙන් කාටවත් පාඩු වෙන්නෙ නැති විදිහට කරන්න ඕන වුණා. ඒ නිසා තමයි අපි මෙහෙම ස්ටුඩියෝ එකක් කරන්න පටන් ගත්තෙ.

නර්තන ඉගැන්වීම්වලට අමතරව තවත් නිර්මාණවලට Nehara Dancing Studio වෙන්කර ගන්න පුළුවන් නේද..?
ඔව්.. මේ තැන වැඩමුළුවලට, නර්තනවලට වගේම නාට්‍ය පුහුණුවීම්වලටත් අපි වෙන් කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් මේ ස්ටූඩියෝවෙන් ලැබෙනවා. සමහරු අපිට කෝල් කරලා ඒ අයට විවාහ උත්සවයේදී නර්තන අංග ඉදිරිපත් කරනවද කියලා අහනවා. ඒ දේවලුත් අපි කරනවා. ඒ වගේ බොහෝ නිර්මාණ කටයුතු ඉදිරියේදී අපේ ස්ටූඩියෝ එකේදී කරනවා. මේ අතරේ අපි ඒ වෙනුවෙන් සුදුසු තැනක් හොයද්දී අහම්බෙන් තමයි මේ තැන දකින්න ලැබුණෙ. ඒකත් අපේ වාසනාවක්.

අවුරුදු ගාණකට පස්සෙ ආයෙත් ෆීල්ඩ් එකට එකතු වෙන්න නෙහාරාට අවස්ථාව ලැබුණා..?
ඔව්.. ඒ ගැන මට සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දොළහක් විතර වෙනවා. රට යනතුරුම මට ක්ෂේත්‍රයේ කැපිලි තිබුණා කියලා මම දැනගෙන හිටියෙ නැහැ. සමහරවිට ඒ කාලෙදී මම එහෙම කැපිලි කෙටිලි නොතිබෙන්නත් ඇති. හැමෝම මාත් එක්ක සුහදව කතාබහ කළා. හැබැයි මම අමෙරිකාවට ගිහින් ආවට පස්සෙ කිහිප දෙනෙක් වෙනස් වුණා. මම ගොඩක් ගරු කරපු ආදරය කරපු දෙන්නෙක් තවත් අධ්‍යක්ෂකවරු දෙන්නෙක්ට මාව ඒ අයගේ නිර්මාණවලට ගන්න එපා කියලා තිබුණා. මම ඒ අයට කවදාවත් කිසිම වරදක් කරලා නැහැ. ඒ නාට්‍ය දෙකෙන්ම මාව අයින් වුණා. ඒ ගැන මට දුකක් නැහැ. හැබැයි මේ මිනිස්සු ගැන හිතට දැනුණේ ලොකු කලකිරීමක්. මිනිස්සු වෙනස් වෙනවා. හැබැයි වරදක් නොකර මෙහෙම මිනිස්සුන්ට හැසිරෙන්න පුළුවන්ද? සමහරු ෂූටින් කරද්දීත් මගේ පෙනුම ගැන කතා වෙනවා කියලා මට ආරංචි වුණා. හැබැයි ඒ අයගේ පෙනුම ගැන ඒ අය හිතන්නෙවත් නැහැ. තමන් ගැන හිතන්නෙ නැතිව අනුන්ට පද හදන, කැපිලි දාන මිනිස්සු එක්ක හිතේ තියෙන්නේ ලොකු කලකිරීමක්. ඒ නිසා අලුතින් මේ ක්ෂේත්‍රයට එකතුවෙන අයට මෙවැනි අයගෙන් පරිස්සම් වෙන්න කියලයි මම කියන්නෙ. බොරුවෙන් ජීවත්වෙන මිනිස්සු එක්ක එකතු වෙන්න එපා. තමන් තමන්ට අවංකනම්, තමන් තමන්ට ආදරේනම් මේ මොන කැපිලි ආවත් යන්න තියෙන ගමන කාටවත් නවත්වන්න බැහැ. මේක මගේ අත්දැකීමක් නිසාමයි මම කියන්නෙ.

නෙහාරාගෙ ඊළඟ ඉලක්කය මොකක්ද..?
මම දෙයක් කරලා කතා කරන්නයි කැමති. මට ලොකු හීන තිබුණෙ නැහැ. හැබැයි ඉලක්ක තියෙනවා. මගේ ජීවිත ඉලක්ක දෙකක් තියෙනවා. බලමු නේද..?

දිශානි ජයමාලි
දේශය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top