අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් පස්වරුවේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
විශේෂයෙන් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මෙන්ම සබරගමු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 කට වැඩි වැසි ඇතිවිය හැකියි.
...