අලෙවි කිරීමට සුදානම් කර තිබූ මුහුදු හක් බෙල්ලන් සහ කොරල් පර තොගයක් සොයා ගැනීමට පොළොන්නරුව කලාප වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ විසිතුරු මසුන් අලෙවි කරන ස්ථානයක තිබී මෙම මුහුදු හක් බෙල්ලන් සහ කොරල් පර තොගය සොයා ගෙන අතර මේ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (19) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.