කෑගල්ල - ගලිගමුව ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (20) අලුයම මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 26 ක් වන අතර, තරුණයා 21 වන වියේ පසුවනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කෑගල්ල ශික්ෂණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.