Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
කසිප්පු පෙරමින් නීතිවිරෝධීව මුදල් උපයන්න ගිය පිය පුතු දෙපළට අවසානයේ අත් වූ ඉරණම

- කසිප්පු පෙරමින් නීතිවිරෝධීව මුදල් උපයන්න ගිය පිය පුතු දෙපළට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,321 Views
රා වලට ඇතැම් දේ කලවම් කර අළෙවි කළා......

ගෝඩා භාජනවලට වැටුණු සතුන්ගේ දුය වුණ මස් කසිප්පු බොන්නන්ගේ බඩට ගියා......

නම ගුණදාස වුවද ඔහු තුළ දුර්ගුණ මිස යහපත් යැයි කිව හැකි ගුණයක් නොවීය. නිසි අධ්‍යාපනයක් හෝ සවිමත් ආර්ථිකයක් නොවූ ගුණදාස බඩවියත රැක ගැනීම සඳහා රා තැබෑරුමක ආවතේවකම් කළේය.

ගනුදෙනුකරුවන් ඇණවුමට අනුව පොල් කටුවට රා පුරවා දීම ඔහුගේ රාජකාරියයි. කටගැස්ම සඳහා මඤ්ඤොක්කා ටිකක් තමිම්බා දීම හෝ වෙනත් සැපිය හැකි යමක් ලබා දීමෙන් තැබෑරුම්කරු ගෙවන සොච්චම් මුදලට අමතරව තවත් කීයක් හෝ උපයා ගැනීමෙන්ය.

කලක් මෙසේ සේවය කළ ගුණදාසකට අපූරු අදහසක් පහල විය. එනම් තමාගේම රා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. නීත්‍යානුකූල තත්ත්වයක් යටතේ නොව හොර රා පොළක් වැඩිකල් නොගොස් ආරම්භ කළේය. එයද සාර්ථක නොවීය.
 
රා සැපයුම්කරුවන්ට ගෙවූ පසු ඉතිරි වූ මුදල ප්‍රමාණවත් නොවීය. පසුව ඔහු රා වලට ඇතැම් දේ කලවම් කර අළෙවි කළේය. ඉන් සිදු වූයේ ද ලාභයක් නොව අලාභයකි. හේතුව ගුණදාසගේ රා කොලිටියෙන් බාලය කියමින් රා පානය කරන සංඛ්‍යාව අඩු වීමයි. ගුණාදස රා පොළ වසා දැමීය.

ඔහු තවත් ව්‍යාපාරයකට අත ගැසීය. ඒ කසිප්පු පෙරීමයි. ඊට සහය පිණිස තම පුතාද එක්කර ගත්තේය. පොලිසියට හොරෙන් කළ ව්‍යාපාරය දින දින දියුණු විය. ගෝඩා භාජනවලට වැටුණු සතුන් ද මස් දිය වී කසිප්පු බොන්නන්ගේ උදරයට ගිය මුත් ගුණාදාසට ඒවා ප්‍රශ්න නොවීය.

මෙසේ ව්‍යපාරය කරගෙන යන අතරතුර පොලිස් ඇසෙන් බේරීමට නොහැකි වූ අවස්ථාද නැත්තේම නොවේ. අතමිට වැඩිපුර ගැවසුණු හෙයින් උසාවියට දඩමුදල් ගෙවීම ද ඔහුට ගැටලුවක් නොවීය.

කෙනෙකුගේ පක්ෂියා රජ කරන්නේ කෙටි කාලයකි. ගුණදාසගේ ග්‍රහයා නීච විය. වැළඳුනු ලේ වමනය නතර කළ නොහැකි විය. දින ගණනාවක් රෝහලේ වේදනා විඳ ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ කසිප්පු පානය කළ ඇතැමුන්ගේ බොකු බඩවැල් දිරා යාම ගුණදාසට බලපාන්න ඇත.

ගුණදාසගේ මරණයෙන් පසු පවුලේ බර දරන්නට සිදු වූයේ ඔහුගේ පුතා වූ ප්‍රියන්තටය. ප්‍රියන්ත අන් වෘත්තියක් නොදනී. එනිසා ඔහු පියාගේ වෘත්තිය තෝරා ගත්තේය. පියාගෙන් ලද ඉගෙනුමද තව අත්දැකීම්ද මුසු කරගත් හෙතෙම පියාට වඩා සාර්ථකව ව්‍යාපාරය කරගෙන ගියේය.

බූලි ගණනින් නගරය වෙත ප්‍රවාහනය කළේය. විකුණුම් ජාලයක් නිර්මාණය කර ගත්තේය. පොලිසියට කොටු වූ අවස්ථාද බොහෝය. එවැනි විටක පියා මෙන් ඊට මුහුණ දුන්නේය.
පියාට වඩා මුදලක් ඉපයූ නමුත් අත රැඳීමක් නැත. එය දිය වී යන්නේ ජලය මුසු වූ ලුණු කැට පරිද්දෙනි. කොතරම් මුදලක් අත ගැවසියද පියා තරම්වත් කාලයක් ඔහුට මෙම හොර ජාවාරම කරගෙන යාමට නොහැකි විය.

හදිසියේ හට ගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත වීමට සිදු වීම ඊට හේතුවයි. එකවර ජීවිතයෙන් සමු ගැනීමට ඔහුට දෛවය ඉඩ නොදුන්නේ කළ පව්කම්වල විපාක තව දුරටත් මෙලොවදීම විඳීම නියමිත වූ හෙයින් විය යුතුය.

සුව වී රෝහලින් නික්ම නිවසට පැමිණියද වැඩක් පලක් කර ගැනීමට ගත සවි නොවීය. අවාසනාවක මහත! කෙමෙන් මතු වූ දියවැඩියා රෝගය උත්සන්න විය. පාදයේ ඇඟිලි ඡේදනයෙන් ආරම්භ වී මුළු පාදයම ඉවත් කළේය.

ඇඳ මතට සීමා වූ ප්‍රියන්ත මාස ගණනක් දුක් විඳ මරණයට පත් විය. සමාජයට පිළිලයක් වූ ප්‍රියන්තගේ මරණය පිළිබඳ දුක් වූවන් සිටියේ නම් ඒ පවුලේ කීපදෙනෙක් පමණි.

"ලංකාදීප"
හේමාල් ගමගේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  423 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  886 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,306 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,482 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top