ඉරාක ආරක්ෂක වලට ලැබුණ තොරතුරකට අනුව , මොසුල් නගරයේ සැගවී සිටි ISIS නායකයෙකු වන ජබ්බා ජිහාඩි හෙවත් අබු අබ්දුල් බරි සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
ජබ්බා ජිහදි ISIS සංවිධානයේ අධිකරණ පද්ධතිය භාරව විනිසුරුවරයෙකු හැටියට කටුයුතු කර තිබෙනවා.
ඔහුගේ විධාන වලින් ආගමික ස්ථාන විනාශ කිරීම සහ අත්අඩංගුවට පත් වෙන පුද්ගලයින්ගේ නඩු විභාග කර ඇති අතර එහිදී ඔහු විසින් විශාල පිරිසක් මරණයට පත් කිරීමට තීන්දු ලබා දී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන්වනවා.
ඉතා අන්තගාමි අදහස් දරන්නෙකු වන ජබ්බා ජිහදි අතඩංගුවට පත්වීම පිලිබඳව බොහෝ පිරිසක් තම සතුට පල කර ඇති අතර මොහු අතඩංගුවට පත් වීම ISIS සංවිධානයේ අධිකරණ පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරන්නට සමත්ව තිබෙනවා.
ජබ්බා ජිහාදි ඉතා තරබාරු පුද්ගලයෙකු වන අතර ඔහුගේ බව රාත්තල් 560ක් හෙවත් කිලෝ ග්‍රෑම් 254ක් බවත් වාර්තාවනවා.
මොහුගේ අධික තරබාරුකම හේතුවෙන් අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිස් කාර් රථයක් වෙනුවට විශේෂ ට්‍රක් රථයක මොහුව රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකරන්නේ.