Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
19
"එපා එපා ඒක විසි කරන්න එපා. ඒ ඇඳුම මගේ" - දරුණු දියවැඩියා රෝගයෙන් මිය ගොස් යළිත් තම සොයුරියගේ කුසයේ ඉපදුන ගිටාර් වාදකයා

- "එපා එපා ඒක විසි කරන්න එපා. ඒ ඇඳුම මගේ" - දරුණු දියවැඩියා රෝගයෙන් මිය ගොස් යළිත් තම සොයුරියගේ කුසයේ ඉපදුන ගිටාර් වාදකයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,243 Views
අන්න මම කුකුල් තුවාල වෙලා හිටිය හැටි......

අන්න අන්න මගේ ගිටාරය......

එක්දහස් නමසිය පනස් හතේ ජුනි 8 වැනිදා උපත ලද පිරිමි දරුවා නම් කරන ලද්දේ පර්ටි යනුවෙනි. නිරෝගි දරුවෙකු ලෙස ඔහු උපත ලැබුවත් වසර දහයක් ඇතුළත අනතුරු රැසකට මුහුණදීමට සිදුවිය.

වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවී ජීවිතය බේරුණු එම දරුවා ප්‍රථම වරට අනතුරකට පත්වූයේ මවගේ ඇකයේ සිටියදීය. නෑවීමට ගිය අවස්ථාවක දී ඔහු මව අතින් ගිලිහී නාන තටාකයට වැටුණි. වයස අවුරුදු දෙකහමාරේ දී දියේ ගිලී සිදුවීමට ගිය මරණයෙන් ඔහු බේරා ගැනීමට මවට හැකි විය.

නැවත වයස අවුරුදු හතරේ දී ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබූ ස්ථානයක දී අබලි ද්‍රව්‍යයක් ඇඟ මතට කඩා වැටී ඔහුගේ දෙපා අනතුරට පත්විය. දෙපාවලට වෙළුම්පටි යොදා මාස පහක් පමණ ඔහු රෝහල්ගතව සිටියේය. එයින් ද ඔහුගේ ජීවිතය බේරුණේය.

නැවත වයස අවුරුදු පහේ දී ඔහු සුනඛයෙකුගේ සපා කෑමකට ලක්විය. දරුණු ලෙස සපා කෑ නමුත් පර්ටි එම අනතුරෙන් ද දිවි ගලවා ගත්තේය.
 
මේ අයුරින් වරින් වර සිදුවූ අනපේක්ෂිත අනතුරු නිසා ඔහුට අධ්‍යාපනය ලැබීම ද අවහිර විය. වැඩිදුර අධ්‍යාපනය නොලැබූ ඔහු වයස අවුරුදු දහසයක් පමණ වනවිට රැකියාවකට යොමුවිය. ඒ සමගම කුඩා කල සිට ඔහු සංගීතයට මහත් ආශාවක් දැක්වූ අයෙකු බවට පත්වී සිටියේය. ගිටාර් වාදනයට දක්ෂ බවක් දැක්වූ පර්ටි වටිනා ගිටාර් සංගීත භාණ්ඩයක් ද හිමි කරගෙන සිටියේය.

රැකියාවලට යාමේ දී ඔහු බොහෝ විට වෛද්‍ය පරීක්ෂණවලින් අසමත් වීම නිසා රැකියා ලබා ගැනීම ද දූෂ්කරව සිටියේය. තරුණවියට පත්වන විට ඔහු මත්පැන් පානයට ද හුරුවිය. වයස අවුරුදු 18ක් පමණ වන විට ඔහු දියවැඩියා රෝගියෙකු බවට පත්වූයේය.

වෛද්‍ය පරීක්ෂණවල දී එම රෝගී තත්ත්වය හඳුන්වන ලද්දේ (Developed Diabetes) යනුවෙනි. තරුණ වියේදීම ඔහු දරුණු දියවැඩියා රෝගයෙන්ම හදිසියේ මරණයට පත්විය.
ඔහුගේ හදිසි මරණය දෙමාපියන්ට මෙන්ම පවුලේ ඥාතීන්ට ද ඇදහිය නොහැකි විය. මරණින් පසු ඔහු සතුව තිබූ ඔහු පැලඳි අත් ඔරලෝසුවක් ඔහුගේ ප්‍රියතම භාණ්ඩයව තිබූ ගිටාර් භාණ්ඩයත් ආරක්ෂිතව නිවසේ තැන්පත් කර තිබිණි. ඒවා තබා තිබුණේ කුඩා අල්මාරියකය.

ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේ දෙමාපියන් සිටියේ සංචාරයක් සඳහා පිටත්ව ගොසිනි. එහිදී සිදුවූවක් ද මව පුදුමයට පත් කළේය. ඔවුන් සංචාරය සඳහා ගමන් ගනිමින් සිටි දුම්රිය මැදිරියේ දී මව සිහිනෙන් ඇගේ පියාව දක්නට ලැබිණි. පියාව දක්නට ලැබීම කිසිවෙකුගේ මරණයක් දක්වන සංඥාවක් ලෙස ඇයට අත්දැකීම් ලැබී තිබිණි.

එම දර්ශනය දුටු වහා ඇය බිය පත්විය. ඒ බැව් සැමියාට ද දැනුම් දුන්නාය. එහෙත් සැමියා පැවැසුවේ ඇගේ මානසික විකාරයක් ලෙසය.

පසු දින ඔවුන්ට අසන්නට ලැබුණේ පර්ටි හදිසියේ මරණයට පත්වූ බවකි. ඔහු මරණයට පත්වන විට 18 වන වියේ පසු විය. එය සිදුවූයේ 1975 වසරේ දීය. වසරක් ගතවිණි. පර්ටිගේ සොහොයුරිය දරුවෙකු පිළිසිඳ ගැනීම සිදුවිය. එම දරුවා වයස අවුරුද්දක් පමණ වන විට බහ තේරීම ආරම්භ කළේය. වයස අවුරුදු එකහමාරක් වන විට ඔහු පෙරභවයට සම්බන්ධ වදන් අනාවරණය කරන්නට විය.

ප්‍රථම වරට ඔහුගේ පෙර භවයට සම්බන්ධ ප්‍රබල ප්‍රකාශය හෙළි වූයේ ඡායාරූපයක් දැකීමෙනි. ඔහු පෙර භවයේ දී දෙපා අනතුරට පත්ව සිටිය දී ගන්නා ලද ඡායාරූපයක් ඔහු දුටුවේය. එය දුටු සැණින් හඳුනාගත් දරුවා.

අන්න මම කුකුල් තුවාල වෙලා හිටි හැටි යැයි පැවසීය.

අනතුරුව නිවසේ තිබූ ඡයාරූප ඇල්බම් නිතර බැලූ ඔහු එහි ඇති ඡායාරූප පිළිබඳව විස්තර කරන්නට වූයේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. එහි තිබූ සියලුම ඡායාරූප හොඳින් හඳුනාගත් එම දරුවා එහි තිබූ ඔහුගේ පෙරභව ඡායාරූප නිවැරදිව තමාගේ බැව් ප්‍රකාශ කළේය. එම හඳුනා ගැනීම් සිදුවූයේ කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකින් තොරවය. ඡායාරූප දුටු සැණින් ඒවා විස්තර කිරීමට ඔහු පුරුදුව සිටියේය.

වයස අවුරුදු දහයේ දී පමණ පෙර භවයේ දී ඔහු සුනඛයෙකු විසින් සපා කෑම සිදුවූ අයුරු ඔහු විස්තර කළේය. එය සිදුවූයේ ද සුනඛ සපා කෑම සිදුවූ වයසේ සිටි ඡායාරූපයක් දැකීම නිසාය. පෙර භවයේ තවත් සිදුවීමක් ඔහුගේ මතකයේ තිබිණි. එනම් මිතුරෙකුගේ නිවසක තිබූ සාදයක් අනාවරණය කිරීමය. එහිදී සිදුවූ ගිනි ගැනීමක් ද නිවැරදිව හෙළි කිරීමට එම දරුවාට හැකියාව තිබිණ.

පෙර භවයේ දෙමාපියන් දැකීමට ප්‍රථම ඔවුන්ගේ ඡායාරූප දුටු සැණින් ඔවුන්ව නිවැරදිව පෙන්වා දීමට ඔහුට තිබූ හැකියාව පුදුම උපදවන සුළුය. මෙම පුනර්භව පර්යේෂණයේ දී ඉතා වැදගත් කරුණු වූයේ එම ඡායාරූප හඳුනා ගැනීම්ය. තවත් සති කිහිපයක් ගතවිය.

දිනක් නිවසේ තිබූ කුඩා අල්මාරියක් විවෘත කළ මව එහි තිබූ ඇඳුමක් ඉවත දැමීමට සූදානම් වූවාය. එය කුමක් ද කාගේද යන්න මව විසින් ප්‍රකාශ නොකළාය. එය තම මියගිය සොහොයුරාගේ ඇඳුමක් විය.

එය දුටු සැණින් හඳුනාගත් දරුවා එපා එපා ඒක විසි කරන්න එපා. ඒ ඇඳුම මගේ යැයි පැවැසීය. මේ වන විට තම පුත්‍රයා පෙරභවය අනාවරණය කරන බවට සාක්කි රැසක් දෙමාපියන්ට දක්නට ලැබිණි.

මේ අතර ඉතා ප්‍රබල සාක්කියක් පිළිබඳ සිදුවීම වූයේ ඔහුගේ ගිටාරය විය. පෙරභවයේ ලෙසම එම දරුවා ද සංගීතයට මහත් ආශාවක් දැක්වූ අයෙකු විය. ඔහු පෙර භවයේ දී ගිටාර් වාදකයෙකු වී සිටි බව නිවසේ දී කිසිවෙකු විසින් හෙළිකර නොතිබිණි. තම දරුවා අනාවරණය කරන තොරතුරුවල සත්‍යතාව කෙසේ දැයි නිරීක්ෂණ කිරීම දෙමාපියන්ගේ අරමුණ විය.

දිනක් නිවසේ භාණ්ඩ නැවත පිරිසිදු කිරීම සඳහා කටයුතු යොදා තිබිණි. එම භාණ්ඩ අතර පෙර භවයේ දී ආදරයෙන් පාවිච්චි කළ ඔහුගේ ගිටාරය ද විය. එය කවරයක දමා කුඩා අල්මාරියක තැන්පත් කර තිබුණේ කිසිවෙකුටත් හඳුනා ගැනීමට ද අපහසු අයුරිනි.

කුඩා දරුවා ද එදින නිවසේ ඒ මේ අත ඇවිදිමින් සිටියේය. කුඩා අල්මාරියේ තිබූ ගිටාරය අඩංගු බෑගය මව විසින් ඉවතට ගෙන පසෙකින් තැබුවාය. එහි තුළ කුමක් තිබේදැයි කිසිවෙකුට පිටතින් දක්නට නොලැබිණි.

එම බෑගය ඉවතට ගන්නා විට කුඩා දරුවා ද වහා එහි දුව ආවේය. ක්ෂණයෙන් එදෙස බැලූ ඔහු, අන්න අන්න මගේ ගිටාරය යැයි හඬ නගා පැවැසුවේ නිවසේ සිටි අය පුදුමයට පත් කරවමිනි.

අනතුරුව එය වාදනය කරන අයුරු ද ඔහු විසින් පෙන්වා දුන්නේය.

තවත් දිනක එවැනිම භාණ්ඩ හඳුනා ගැනීමක් සිදුවිය. එදින සිදුවූයේ නිවසේ භාණ්ඩ අතරින් ලාච්චුවක දමා තිබූ අත් ඔරලෝසුවක් ඔහුට දක්නට ලැබීමය. එම ඔරලෝසුව දුටු සැණින් එය තමා පාවිච්චි කළ අත් ඔරලෝසුව බවත් එහි සිදුවී තිබූ තැලීමක් පිළිබඳවත් එම දරුවා මතකයෙන් හෙළි කළේය.

එම දරුවා තුළත් කුඩා කල සිටම දක්නට ලැබූ තවත් විශේෂත්වයක් වූයේ ජලයට බියවීමය. පෙරභවයේ දී ඔහු වරක් මව අතින් ගිලිහී නාන තටාකයට වැටීම නිසා පෙර භවයේ දී ඔහු ජලයට අතිශය බියක් දක්වා තිබිණි. ඒ අයුරින්ම ඔහු ජලයට බියවීම පෙර භවයේ සිදුවීම නිසා ඇතිවන්නක් ලෙස දෙමාපියෝ විශ්වාස කළහ.

පෙර භවයේ භාණ්ඩ රැසක් නිවැරදිව හඳුනාගත් පුනර්භව සාධකයන් ලෙස මෙම දරුවාගේ පුනර්භව සිදුවීම පර්​ෙ‌ය්ෂකයන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්කරනු ලැබීය. පෙර භවයේ ජලයට බියපත් වීම පිළිබඳව කළ විමර්ශනය එම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය. (Phobia of water) යටතේ එය සඳහන් කර ඇත.

When he was young he had a marked phobia of being bathed he was even afraid of a shower bath. මහාචාර්ය ස්ටීවන්සන් සමග පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් සිදු කළ මෙම දරුවා පිළිබඳ පර්​ෙ‌ය්ෂණයේ දී ගිටාරය හඳුනා ගැනීම අතිශය ප්‍රබලතම සාක්කියක් ලෙස පිළිගනු ලැබීය. එය හඳුනා ගැනීම සිදුවී ඇති ආකාරය එයට හේතුව විය. ඒ පිළිබඳව පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.

He had owned and played a Guitar after his death it had been put in a box that was kept in a cupboard. No one had spoken to about the Guitar but he looked for it and said that it was his. යනුවෙන් හඳුනා ගැනීම වැදගත් සිදුවීමක් ලෙස පිළිගෙන තිබේ.

සංගීත භාණ්ඩයක් හඳුනාගත් සංගීතවේදියෙකු ලෙස ක්‍රියා කළ අයෙකුගේ පුනර්භව සිදුවීමක් ලෙස වාර්තා වූ ප්‍රථම සිදුවීම මෙය වේ.

පින්ලන්තයෙන් අනාවරණය වූ මෙම දරුවා පිළිබඳ පුනර්භව සාධකය (European cases of the Reincarnation) යනුවෙන් පර්යේෂණ වාර්තාවලට ද ඇතුළත් කර තිබේ.

"ලංකාදීප"
තිස්ස ජයවර්ධන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  211 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,040 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,055 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,033 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top