හිමාල කඳුවැටියේ ඉහළම කඳු ශිඛරයක් වන නේපාලයේ අන්නපූර්ණ කඳු වැටියේ හිමපතනයකින් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
ඊයේ මෙම සිද්ධිය වාර්තා වූයේ මුහුදු මට්ටමින් මීටර් 3230 ක් ඉහළින් පිහිටි අන්නපූර්ණ කඳු වැටියේ පාදම් කඳවුර ආසන්නයේදීයි.
එහි හදිසියේ ඇති වූ හිමපතනයෙන් අතුරුදන් වූ පුද්ගලයන් අතර, දකුණු කොරියානු ජාතිකයන් 4 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 3 දෙනෙකු සිටින බව සඳහන්.
කෙසේ නමුත්, එහි කඳු තරණයේ නිරතව සිටි තවත් 200 දෙනෙකු පමණ මුදා ගැනීමට හැකිව තිබෙනවා.
ලොව උසම කඳු ශිඛරය එවරස්ට් කඳු ශිඛරය වුවත්, හිමපතනයන් නිරන්තරයෙන් සිදුවන අන්නපූර්ණ කඳුවැටිය කඳු නගින්නන්ට ඊට වඩා අනතුරුදායක ලෙසයි සැලකෙන්නේ.