Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
"අම්මයි තාත්තයි දෙන්නම කැමති වුණේ නැහැ, විවාහ වුණාට පස්සේ මගේ සැමියා තමයි මගේ ඒ හී‍නෙට මාව ‍ගෙනිච්චේ.." - අශිකා මතසිංහ - Photos

- "අම්මයි තාත්තයි දෙන්නම කැමති වුණේ නැහැ, විවාහ වුණාට පස්සේ මගේ සැමියා තමයි මගේ ඒ හී‍නෙට මාව ‍ගෙනිච්චේ.." - අශිකා මතසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,067 Views
ඔහුගෙන් තහංචි නැහැ, ඔහු හරිම දැනුම් තේරුම් තියෙන කෙනෙක්..
දැන් ම‍ගේ වයස අවුරුදු 36ක්. මම හිතනවා උපරිමය කළා කියලා..
ඒ වගකීම් එක්ක දවසක් ‍හෝ අප‍තේ යැවීම අපරාධයක් කියලා හිතුණා..
 
අශිකා මතසිංහ කියන්නේ වෙළඳ දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය කෙටි කලකින් විවිධ චරිත නිරුපණය කරන්නට සමත් වුණා. වෙළෙද දැන්වීම්වලත් ටෙලි නාට්‍ය වලත් දකින්න ලැබෙන ඇය කාටත් මතක හිටින බොහෝම සුන්දර මුහුණතක හිමිකාරිණියක් වුණා. මේ කතාබහ ඇය ගැනයි....

අශිකා කවදත් සතුටින්?
මම බොහොම හොඳින් සතුටින් ඉන්න කෙනෙක්...දරුවොත් එක්ක කල් ගෙවනවා.
 
ඔබේ දරුවන් තිදෙනා මොකද කියන්නේ අම්මාගේ රංගනය ගැන?
ඒ තුන්දෙනත් නිර්මාණවලට දායක වෙනවා. එය මට හරි විශේෂයි. ඔවුන්ව නිතරම නාට්‍යවල දකින්න පුළුවන්. ඒ තුන්දෙනාව ෂූටිං එක්ක යනකොට නම් මම අම්මා... ඒ වෙලාවට නිළිය අමතක වෙනවා.
 
අනාගතයේ ඔවුන් මවගේ අඩිපාරේ යාවිද?
මම බොහොම කැමැතියි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි කලාවට යොමු වෙනවා නම්. එක්කෙනෙක් හෝ කලාවට යොමු වේවි කියලා මට හිතෙනවා.. අපි බලමුකෝ..
 
දරුවන් කලාවට යොමු වෙනුවට ඔබේ සැමියා තහංචි පැනවුණොත්?
කවදාවත් නැහැ. ඔහු හරිම දැනුම් තේරුම් තියෙන කෙනෙක්. ඔහු මටත් දරුවන් තිදෙනාටත් ලොකු ශක්තියක්. ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැරි තරම්. ඒ සහයෝගය නැත්නම් මට මේ සියල්ල කළමනාකරණය කරගන්න අමාරුයි.
 
වසර පහළොවක් පුරා ඔබ රංගන ක්ෂේත්‍රයේ ගැවසුණත් අප දැක තිබෙන්නේ බෙහොම සීමිත නිර්මාණ කිහිපයකින්?
මුල ඉඳන් මම මේ ගමන ගියේ බොහොම හෙමින් නිහඬව. ක්ෂේත්‍රයට ඇවිත් වසර පහකට විතර පස්සේ විවාහ වුණා. දරුවෝ ලැබුණා. දරුවො තුන්දෙනෙක් ලැබුණට පස්සේ නැවත රූපය, පෙනුම හදා ගැනීම එතරම් පහසු නැහැ. එයට සැලකිය යුතු කාලයක් යනවා. මම බොහො වෙලාවට හිටියෙත් කොළඹින් පිට. ඉතින් මට තිබුණු උපරිම කාලසීමාව එක්ක තමයි නිර්මාණවලට දායක වුණේ. බොහෝ වෙලාවට නිර්මාණ දෙකයි භාරගන්නේ ගෙදර වගකීම එක්ක. නිර්මාණ ගොඩකට සම්බන්ධ වෙන්න බැරි වුණත් ලැබුණු හැම නිර්මාණයකම හොඳ චරිත කරන්න මට වාසනාව ලැබුණා.
 
චරිත ජනප්‍රිය වුණත් අශිකාව හඳුනා‍නොගන්න ප්‍රශ්නයකුත් ති‍යෙනවාලු ‍නේද?
ඔව්. මට එ‍හෙම ‍පොඩි ප්‍රශ්නයක් ති‍‍යෙනවා. සමහර අය මා එක්කම මම රඟපාපු චරිත ගැන වර්ණනා කරමින් කතා කරනවා හැබැයි ඔවුන් දන්නේ නෑ ඒ චරිත පණ ‍පොවලා ති‍යෙන්‍නේ මම බව.. සමහර විට මට ති‍යෙන සීමිත කාල සීමාව එක්ක මාධ්‍ය ඔස්සේ නිතරම දකින්න ‍නොලැ‍බෙන මුහුණක් නිසා ‍වෙන්න ඇති. අපි ජනතාව අතරට යන්න මාධ්‍යයෙන් ලැබෙන සහය බොහෝ ඉවහල් වෙනවා. අපි රඟපෑවට ඒ රංගනය මිනිස්සු අතරට අරගෙන යන්නේ මාධ්‍යය. ඉතින් මම බොහෝ ගරු කරනවා මාධ්‍යයට...
 
නිරූපණ ක්‍ෂේත්‍රයෙන් දැන් ඈත් ‍වෙලාද?
ඉස්සර නම් නිරූපණ කටයුතු කිහිපයකටම සම්බන්ධ වුණා. නමුත් එය වෘත්තිය මට්ටමෙන් කරන්න හිතුවේ නෑ. නිරූපණය කියන්නේ ඉතා හොඳ හැදෑරීමකින් නියැළිය යුතු වෘත්තියක්. එ‍හෙම හදාරමින් නිරූපණය කරන්න මගේ වයසත් එක්ක කාලය අඩුයි.
 
රූ රැජන තරඟාවලි ‍දෙකකම අත්දැකීම් ඔබ සතුයි?
එවැනි තරගවලට ඉදිරිපත් ‍වෙන්න මට පුංචි කාලෙ ඉඳලම ලොකු කැමැත්තක් හීනයක් තිබුණා. ඒත් ම‍ගේ තාත්තා නැති නිසා ඒ කාලේ මට එහෙම තරගවලට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. අම්මා කැමැති වු‍ණෙත් නැහැ. විවාහ වුණාට පස්සේ මගේ සැමියා තමයි මගේ ඒ හී‍නෙට මාව ‍ගෙනිච්චේ. තුන්වෙනි බබත් ලැබුණට පස්සේ තමයි මම රූ රැජින තරගයට ඉදිරිපත් වුණේ. තරඟයට ම‍ගේ අයදුම්පත් යැව්වේ මගේ සැමියා.
 
ඒ ඉදිරිපත් වී‍මෙන් ඔබට සාධාරණයක් ඉටු වුණාද?
පළ‍වෙනි තරගයට අයදුම් කරද්දි මම ‍ගොඩක් මහතට හිටි‍යේ ඉතින් ‍මේ ව‍ගේ තර‍ගෙකට ගිහින් හරි ‍කෙට්ටු ‍‍වෙන්න මට වුවමනාවක් තිබුණා. ම‍ගේ බර අඩු කරගත්තහම ක්ෂේත්‍ර‍යේ ගොඩක් වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. ගෑනු කෙනෙක්ට තමන්ට දෙයක් කරන්න ඕන නම්.. මුලින්ම එය තමන්ට පුළුවන් බව හිතන්න ඕ‍නේ. ගොඩක් දේවල් මම ඒ තරග නිසා ඉ‍ගෙන ගත්තා. මම හැමතිස්සෙම මාව අප්ඩේට් කරගන්නවා. පළමු තරග‍යේදී ම‍ගේ දක්ෂතා හරියට ‍පෙන්න ගන්න බැරි වුණා. නමුත් ‍විවාහක රූ රැජන තරගයට ‍දෙවැනි වරට ඉදිරිපත් වුණාහම මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණා. දැන් ම‍ගේ වයස අවුරුදු 36ක්. ම‍ගේ වයසත් එක්ක මම හිතනවා උපරිමය කළා කියලා. හැමතිස්සෙම මම කරන දේ ගැන තෘප්තිමත් ‍වෙන්න මම පුරුදු ‍වෙලා ඉන්නේ.
 
අශිකා ඔබ තවමත් වසර 15ක් ‍පෙර දැක්ක ලෙසම රූප‍යෙන් අනූනයි?
‍‍ගොඩක් අය එ‍හෙම කියනවා.. සමහරවිට මම හිතන පතන හැටි බලපානවත් ඇති. අපි වයසයි කියලා හිතන්නේ නැතුව වැඩ කළොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
 
නව වස‍රේ අලුත් වැඩකට අතගහන්නත් සූදානමින් ‍නේද?
දැන් දරුවෝ තුන්දෙනත් ටිකක් ‍ලොකුයි. වගකීම් වැඩිවෙනවා. අපි ‍මේ ‍ගෙවන කාලය අනාගතය ගැන හිතන්න ඕ‍නේ.. ඔවුන්ට ස්ථාවරත්වයක් හදා ‍දෙන්නත් ඕ‍නේ. ඒ වගකීම් එක්ක දවසක් ‍හෝ අප‍තේ යැවීම අපරාධයක් කියලා හිතුණා. ඒ නිසා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
ව්‍යාපාරිකාවක් වුණාම කලා‍වෙන් ඈත් ‍‍වෙයි ද?
නැහැ. ලැ‍බෙන ආරාධනා අනුව නිර්මාණවලට දායක ‍වෙනවා.

ටානියා මෝසස් 
සිළුමිණ


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,008 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  862 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,266 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,187 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,755 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,731 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,864 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,307 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  881 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,595 Downloads



Top 10 Commenters

Latest Comments

Top