Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
"මම මේ හැමදේම කළේ මගේ ජීවිතය ගැන නොහිතා. මට ආපු තර්ජන මම දැන් කියන්න යන්නේ නැහැ..." - රජිත හිරාන් - Photos

- "මම මේ හැමදේම කළේ මගේ ජීවිතය ගැන නොහිතා. මට ආපු තර්ජන මම දැන් කියන්න යන්නේ නැහැ..." - රජිත හිරාන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,804 Views
මම කියපු කාරණා ඇත්ත බව පසුව හැමෝම තේරුම් ගත්තා...
මොනව කරන්නත් අපි නිදහසේ හුස්ම ගන්න ඕනේ..
සමහරු මට බැන්නා ඒ චිත්‍රපටය අතහරින්නෙ, ගොනෙක්ද කියලා..

කෙනෙකුගේ මුවඟට සිනහවක් දෙන තරමට හාස්‍ය උත්පාදනය කරන්න හැම කෙනෙකුටම බැහැ. නමුත් රජිත හිරාන් කියන චරිතයට ඕනෑම කෙනෙකුව හිනස්සන්න පුළුවන්. නිරන්තරයෙන්ම විහිළුවෙන් ඉන්න රජිතට ඒ නිසාම බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

මේ ඔහු ගැනයි...

රජිත කොහොමද?
අලුත් අවුරුද්දේ අලුත්ම අලුත් වැඩකටයුත්තක් සැලසුම් කරගෙන යනවා. මේ දවස්වල ඉතින් දේශීය, විදේශීය ප්‍රසංග එක්ක තමයි කටයුතු කරන්නේ.
 
2020 වසර ආරම්භයත් එක්ක ඔබ අලුත් පියවරක් තැබීමට උත්සාහ කරන බව දැනගන්න ලැබුණා...?
ඔව්. මගේ ලොකු ආශාවක් තිබෙනවා චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න. එය මගේ සිහිනයක්. මොකද විවිධ අයගේ නිර්මාණවල විවිධ චරිත මම නිර්මාණය කළා. ඉතින් ඒ දැනුම් සම්භාරයත් අත්දැකීම් එකතු කරගෙන මගේම කියලා දෙයක් කරන්න මම හිතුවා මේ වසරේ. දැනටමත් මම ලියපු පිටපත් කිහිපයක් තියෙනවා. හොඳ කතාවක් මම නිර්මාණය කරනවා. මොකද කලාකරුවන්ට වගේම මගේ ඉරණමේ හැටියට 2020 මට හොඳ වසරක් වෙන බව සඳහන් වුණා.
 
රජිත ජ්‍යොතිෂය අනුවද වැඩ කරන්නේ?
මම ජ්‍යොතිෂය කියන දේ විශ්වාස කරන කෙනෙක්. මම මොන කටයුත්ත කරන්න ගියත් ජ්‍යොතිෂය අනුව තමයි මම වැඩ කරන්නේ. ග්‍රහ අපල, කර්ම අනුව ඉදිරිය ගැන මම බලනවා. ඒ වගේම ඒ සම්බන්ධ පොතපත මම කියවනවා. ඒ නිසා මට එය පිළිබඳ යම් දැනුමක්, විශ්වාසයක් තිබෙනවා. පසුගිය කාලේ ජ්‍යොතිෂය අනුව නරක ප්‍රතිඵල තිබුනෙ මට විතරක් නෙවේ රටටම එය බලපෑවා. ඔය කාල වකවානුවෙ මම රට හැර ගිහින් නැවැත ආපහු ආවා. අපේ කලා වෘත්තියම කඩාවැටුණා. ඒ විතරක් නෙවේ ජනතාව අසරණ වුණා.
 
ඔබ ජනතාව වෙනුවෙන්, රටක් වෙනුවෙන් කෙළින් කතා කරපු කලාකරුවෙක්. ඔබට පසුකාලීනව මරණ තර්ජන පවා එල්ල වුණාලු නේද?
2015 වසරේ උගුර ලේ රහ වෙනකම් මම කතා කළේ ඔය ගැන තමයි. නමුත් කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. අවසානය වූයේ ජාති, ආගම් නොතකා රටේ භීෂණයක් ඇතිවීමයි. මම කියපු කාරණා ඇත්ත බව පසුව හැමෝම තේරුම් ගත්තා. දැන්නම් ජනතාව තේරුම් අරගෙන. ඒ තේරුම් ගන්න කොට ගොඩාක් දේවල් නැති කරගෙන. මට දැනුණු දේ ඇයි අනෙක් අයට නොදැනුණේ කියන දේ හිතද්දී මම කලකිරිලා හිටියේ. 2020 දැන් අපිට හොඳ ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතුමන් රටට කරන සේවය මාස දෙකකින් අපි දැක්කා. දැන් මුළු රටටම නිදහසේ හුස්ම ගන්නවා. සුන්දර ලංකාවක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්. මම මේ හැම දේම කළේ මගේ ජීවිතය ගැන නොහිතා. මට ආපු තර්ජන මම දැන් කියන්න යන්නේ නැහැ.
 
රජිත ඔබ දේශපාලනය වෙනුවෙන් හඬක් නඟන්න ගිහින් එක් අවස්ථාවක බොලිවුඞ් සිහිනය බොඳවෙලා ගියානේද?
ලාල් වීරසිංහ, මම සහ චන්න පෙරේරා දමිළ ඉන්දියානු චිත්‍රපටයක වැඩ කළා. එක අවස්ථාවක ඉන්දියාවට ගිහින් චිත්‍රපටයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒත් මට ඒ අවස්ථාවේ සියල්ල අතහැර රට වෙනුවෙන් කටයුතු කළා. සමහරු මට බැන්නා දේශපාලනයක් වෙනුවෙන් එවැනි චිත්‍රපටයක් අතහරින්න ගොනෙක්ද කියලා. මොනව කරන්නත් අපි නිදහසේ හුස්ම ගන්න ඕනෙ. මම ඉන්දියාවට ගිහින් රඟපායි නමුත් මම නැවැත එන්නේ මගේ මව් රටට.
 
වසන්ත විතාරණගේ
මව්රට


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,489 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  614 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,636 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,753 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,509 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,562 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,046 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  813 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top