Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
ඇප ඉල්ලූ මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි - Video

- ඇප ඉල්ලූ මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,752 Views
"මම ගියේ හොරු අල්ලන්න, මගේ සටන මම දිගටම ගෙනියනවා..."
"ලංකාවෙ හොරු අල්ලන්න යන එක බෙල්ල ගහලා යන වැඩක්.."
මාධ්‍ය නිදහසට බලපෑම් කරන්න අධිකරණයට හැකියාවක් නැහැ..
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යනූකූල නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහුගේ නිතිඥ මඩුල්ල අද සිදුකළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
 
මෙම නියෝගය ලබා දුන්නේ අධිකරණ විනිසුරුවන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධණාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්‍ත්‍රී රංජන් රාමනායක අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් නීතිවරෝධී ගිනි අවිය, ජීව උණ්ඩ 127 , දෘඩ තැටි 9, ඩී.ඩී.ඩී තැටි සහ ලැප්ටෙපේ පරිගණකය සම්බන්ධයෙන් රංජන් රාමනායකට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව පසුගිය 5 වනදා විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයාව ඇප මත මුදාහැරියා.
 
අදාළ නඩුව අද දින යලි කැඳවීමට තීරණය කෙරුණු අතර ඒ අනුව රක්ෂිත බන්ධණාගාර ගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාව අද පෙරවරු 10ට පමණ මැගසින් බන්ධනාගාරයේ සිට රැගෙන ගියා.
 
මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේ පෙරවරු 11ට පමණ.
 
"හොරු අල්ලන් ගිහිල්ලා මල්ලි, හොරු ටික එකතුවෙලා මාව හිරේ දැම්මා මල්ලි. ලංකාවෙ හොරු අල්ලන්න යන එක බෙල්ල ගහලා යන වැඩක්. හොරුටික එකතුවෙලා මාව හිරේ දැම්මා..."
 
අදාළ නඩුව පස්වරු 2 ට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ පැල්පොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
 
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත් අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආශා කහවත්ත මහත්මිය දැක්වූ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් සිඩී තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස මාධ්‍ය අයතන තුනක් වෙත නියෝගයක් ලබාදෙන ලෙසයි.
 
එම ඉල්ලීම සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගයක් නිතුක් කළා.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ අධිකරණයේ ගෞරවය සුරුකීම සඳහා මෙම ඉල්ලීම කළ බවයි.
අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අපේකෂා කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.
 
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විවෘත අධිකරණයේ රාජ්‍ය නිලධාරියකුට අදහස් පළ කළ හැකි වුවද අධිකරණයේදී වෙනත් අදහසක් පවසමින් පිටතට ගොස් මාධ්‍යයට වීරයන් වීමට බොහෝ දෙනෙක් උත්සාහ දර‍න බවත්, මේ සිද්ධියෙන් පසුව හෝ මේ කටයුත්තට තිත තැබිය යුතු බවයි.
 
මෙහිදී කරුණු දක්වමින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන්පෙනී සිටි නීතිඥ මඩුල්ල මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙක් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යනූකූල නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු මුදා හරිමින් නියෝගයක් නිතුක් කරන ලෙසයි.
 
කෙසේ වෙතත් අතිරේක මහෙස්ත්‍රාත් යූ.එච්.කේ පැල්පොල මහතා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
 
මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමටද මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් ඇති බවයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ නිරුවත් දර්ශන සහිත අසභ්‍යය සීඩී තැටි 32 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
 
එමෙන්ම තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පිටු 194ක සහ තවත් පිට 88 ක නඩු ගොනුවක් ඇතුළු නඩුවකට අදාළ බී වාර්තා, කාර්ය සටහන් ඇතුළත් නඩු ගොනු ද පොලිස් භාරයට ගෙන ඇති බවද දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයට දන්වා සිටියා.
 
එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශා කුමාරි කහවත්ත මහත්මිය කියා සිටියේ මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් සීඩී තැටි ඊට පසු දින සිට මාධ්‍ය ඔස්සේ විකාශය වූ බවත් ඒවා පොලිසිය විසින් එක් එක් පුද්ගලයන්ට ලබා දී ඇති බවයි.
 
මෙම හඩපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් මන්ත්‍රී රංජන් රාමනායකගේ අතිශය පුද්ගලික තොරතුරු සමාජගතවන බවත් එමෙන්ම එම හඬපටයට සම්බන්ධ වූ අනෙක් පාර්ශ්වයට විශාල අගතියක් සිදු වන බවත් දන්වා සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම හඬපට වාරණය කරමින් මාධ්‍ය ආයතන වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.
 
ඊට විරෝධය ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මාධ්‍ය නිදහසට වාරණ පැනවීමට අධිකරණ බලයක් නොමැති බවයි.
 
ඔහු වැඩිදුරටත් අධිකරණයට සඳහන් කළේ එම හඬ පට මේ වන විට රජයේ රස පරීක්ෂක විසින් විශ්ලේෂණය කරමින් සිටින බවත් ඒවා අවසන් වරට භාවිත කළ දිනය ආදී දත්ත එම විශ්ලේෂණයෙන් පසුව ලබා ගත හැකි බවයි.
 
විත්තිකාර රංජන් රාමනායක මේ වනතෙක් එම හඩපට තමාගේ බවට ප්‍රකාශ කර නොමැති බව ද මෙහිදී දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් දිලීප පීරිස් මහතා කියා සිටියා.
 
එය කීමට ඔහුට කොන්දක් නොමැති බවත් ඔහු මෙම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටිමින් පවා මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් සිටින බව දිලීප පීරිස් මහතා මහිදී පැවසුවා.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ අදාළ හඩපට සම්බන්ධ සිදුකරන විමර්ශනයට ගිගා බයිට් 532 පමණ මෙවලමක් අවශ්‍ය බවට රස පරීක්ෂක වරයා දන්වා ඇති බවයි.
 
බලපත්‍ර අලූත් නොකළ ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව යලි පෙබරවාරි 7 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග
 
"මම ගියේ හොරු අල්ලන්න, හොරුටික එකතුවෙලා මාව ඇතුලට දැම්මා. නමුත් මගේ සටන මම දිගටම ගෙනියනවා..."
 
අද පැවති නඩුවට සඳහා මැගසින් බන්ධනාගාරයේ සිට රැගෙන ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකව අද පස්වරු 4ට පමණ යළි මැගසින් බන්ධනාගාරයට රැගෙන ආවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  226 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,057 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,061 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  207 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  201 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,516 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,061 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,823 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,867 Downloads



Top 10 Commenters

Latest Comments

Top