මහමැතිවරණය ආසන්නව පැවතියත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා තීරණය කිරීමට පක්ෂ නායකත්වය මේ වන තුරු අපොහොසත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අවසන් වූයේ විසදුමකින් තොරවයි.
එම හමුවෙන් පසු පාර්ශව කිහිපයක් එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කළ අතර, පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ තවත් සතියකින් පසු නායකත්වය පිළිබද අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.