Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
මත්පැනට ලොල් වී, මානසික ඇඳවැටීම් දරාගත නොහැකිව කෙටි කලකින්ම ජීවිතය නිමා කළ හින්දි සිනමාවේ සොඳුරු රූමතිය VIMIගේ හද කම්පා කරවන කතාව - Photos

- මත්පැනට ලොල් වී, මානසික ඇඳවැටීම් දරාගත නොහැකිව කෙටි කලකින්ම ජීවිතය නිමා කළ හින්දි සිනමාවේ සොඳුරු රූමතිය VIMIගේ හද කම්පා කරවන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,088 Views
අවසන් කටයුතු කෙරෙන මොහොතේ පවුලේ කවුරුත් හිටියේ නෑ..
ඇයගේ මවුපියන් ඇය කරගත් විවාහයට තදින් විරුද්ධ වුණා..
ඇගේ මරණය ඉන්දියාවේ ප්‍රධාන පුවත්පත් කිසිවක පළවූයේ නැහැ..
 
චිත්‍රපට කිහිපයක පමණක් රඟපා තිබුණත් හදිසි වියෝවක් නිසා අකාලයේ සමුගත් හින්දි සිනමා අඹර සැරසූ සුරූපී නිළියක වූ “විමී” ඉතිහාසයට එක්වූ රුවැත්තියකි.
 
මුල් යුගයේම සිනමාවට පිවිසි ඇය බොහෝ දුරක් යන්නට සිටි අපූර්ව කුසලතා දැක්වූ සිනමා පටයට ගැළපෙන රූප සම්පත්තියක් තිබුණු නිළියකි.

ඇය රඟපෑ, ‘ආබ්රූ’, ‘හම්රාස්’ සහ ‘පතන්ගා’ කිසිදා අමතක නොවන සිනමා පටයන්ය. ඇය පන්ජාබ් කෙල්ලකි. ඇය උපන්නේ 1943දී පන්ජාබයේ ජලාන්දීන් ප්‍රදේශයේදීය.
 
ඇය දුටුවන් මන පිනවන රූප සම්පත්තියකට හිමිකම් කියූ නිසාදෝ ඉතා ඉක්මනින් විවාහ යෝජනා ඇදී එන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ධනවත් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වූ ශිව් අග්‍රවාල් නමැත්තා ‘විමී’ හා හාද වී ඇය ඉතා කෙටි කලකින් විවාහ කර ගත්තේය. එම විවාහයෙන් පුතකු හා දියණියක ලැබූ ඇය සතුටින් පිරි ජීවිතයක් ගත කරමින් උන්නාය.
 
ඉතා ඉහළ පෙළේ සමාජ මට්ටමක ජීවත් වූ ඇයට කල්කටාවේ පැවැති ප්‍රිය සම්භාෂණයකදී සංගීත අධ්‍යක්ෂ රවි හඳුනා ගන්නට ලැබිණි. රවි කීවේ ඇයට සිනමාරූපී රුවක්, කැමරාවට ගැළපෙන හැඩයක් තිබෙන බවය.
 
ඇයටත් ශිව් අග්‍රවාල්ටත් මුම්බායි වෙත එන්නට ඒ අනුව ආරාධනා ලැබිණි. මුම්බායිහිදී බී.ආර්. චොප්රාව හඳුනා ගන්නට විමීට හැකි වූවාය. එය ඇයගේ පළමු සිනමා ඇරැඹුමට හේතුවක් විය.
 
ඒ අනුව බී.ආර්. චොප්රාගේ “හුම්රාස්”හි විමී ප්‍රධාන නිළිය විය. මීනා වර්මා’ගේ චරිතය ඇය රඟපෑ අතර ප්‍රධාන නළුවා වූයේ සුනිල් දත්ය. රාජ් කුමාර් හා මුම්ටාස් සෙසු නළු නිළියන් වූහ. සංගීතය ‘රවි’ගේය.
 
‘විමී’ නමැති නිළිය පළමු චිත්‍රපටයෙන්ම රසිකයන් අතර ජනාදරයට පාත්‍ර වීමට එක් හේතුවක් වූයේ වඩාත් ආකර්ෂණීය එම චිත්‍රපටයේ වූ ගීතයක් නිසාය.
 
මහේන්ද්‍ර කපූර් ගායනා කළ එම ගීය වූයේ “නා ටූන් චුපාකේ ජියෝ” යන්නය.
 
එසේම රාජ් කුමාර් හා රඟන ගීයක් වූ මහේන්දා කපූර් ගයන “හේ නීල ගගනකේ” නම් මෙරටද අතිශය ජනප්‍රිය ගීයෙහි ඇය වඩාත් කැපී පෙනුණාය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය ඇය වඩාත් ජනාදරයට පාත්‍ර වීමය.
 
“හුම්රාස්” චිත්‍රපටයේ අතිශය සාර්ථකත්වයක් ලැබූ වහාම ඇයට දැවැන්ත සිනමා නිර්මාණයක රඟපාන්නටද ආරාධනා ලැබිණි. ඒ “ආබ්රූ” චිත්‍රපටයයි. එය 1968 තිරගත විය. සී.එල්. රාවල් අධ්‍යක්ෂණය කළ මෙහි අශෝක් කුමාර්, නිරූපා රෝයි, දීපක් කුමාර්ද රඟපෑහ.
 
අපරාධයක් පසුබිම් කරගත් ආදර කතාවක් මින් කියැවේ. එය ආදායම් අතින් එතරම් සාර්ථක වූයේ නැත. එහෙත් විමීගේ රූප සෝභාවය නිසාම චිත්‍රපටය අසාර්ථක වුවත් සිනමා සඟරාවලින් ඉහළ ප්‍රතිචාරයක් තිබුණේය. ඇයගේ රුවින් පිරීගිය සිනමා සඟරා නිසා විමීට ජනප්‍රියත්වය අඩු වූයේ නැත.
 
ඉන්පසු ඇයට චිත්‍රපටයක් ලැබුණේ 1969දීය. ඒ “නානාක් නාම් ජෝහාස් හේ”ය. මෙය පන්ජාබ් චිත්‍රපටයක් වූ අතර පන්ජාබයේ ජාතික සම්මානයෙන්ද පුද ලැබුවේය. රුමි මහේෂ්වර් අධ්‍යක්ෂණය කළ මෙහි ‘විමී’ සමඟ පී්‍රති විරාජ් කපුර් (රාජ් කපුර්ගේ පියා) අයි.එස්. ජොහාර් යනාදීන් රඟපෑහ. “පතන්ගා” චිත්‍රපටය තිරගත වූයේ 1971දීය.
 
එහි ඇය ‘රේණු’ගේ චරිතයට පණ පෙවූයේ වඩාත් ආකර්ෂණීය ආකාරයකටය. කේදර් කපූර් අධ්‍යක්ෂණය කළ මෙහි විමී සමඟ රඟපෑවේ ශෂී කපූර්ය. සංගීතය ශංකර් ජායික්ෂන්ගේය.
 
එම වසරේම ඇය රඟපෑ ‘කාහින් ඕර් කාහින් පාර්’ද තිරගත වූයේය. මරුති නමැත්තා එය අධ්‍යක්ෂණය කළේය. මෙහි ‘විමී’ රඟපෑවේ ජෝයි මුඛර්ජි, හෙලන් හා නදීරා සමඟය. 1974දී “වචන්” තිරගත වූ අතර එහි ඇය සමඟ රඟපෑවේ ශෂී කපූර්, රාජේන්ද්‍ර නාත් සහ සුලෝචනාය. අධ්‍යක්ෂණය සුරේෂ් ප්‍රකාශ්ය.
 
1978 ඇය රඟපෑ “ප්‍රේමී ගංගාරාම්” චිත්‍රපටය තිරගත විය.එය ජගදිස් නිලූජා අධ්‍යක්ෂණය කළ අතර අශෝක් කුමාර්, යෝගිතා බාලි, අන්වර් හුසේන්, අයි.එස්. ජොහාර් යනාදීහු රඟපෑහ.
 
ඇය ජීවත් වූ කාලය කෙටිය. සිනමාවේ ගත කළ සොඳුරු ජීවිතයද කෙටිය. එනම් වසර 7ක් වැනි කාලයකි. ඇය හදිසියේ මියයද්දී ඇයට වයස අවුරුදු 33ක් තරම් විය.
 
කෙසේ වෙතත් ඉතා කෙටි කාලයක් තුළ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ ඇය කුමන හේතුවක් නිසාදෝ ජීවිතයට ආදරය නොකළාය.
 
ඉතාමත් රූමත් තැනැත්තියක වූ ඇයට සිදුවූයේ මොනවාදැයි අදහාගන්නට බැරි තරම් වූ පුවත් මතු වන්නට විය. ඇයට චිත්‍රපට ලැබෙන්නට වූ කාලයේ ඉතාමත් සතුටින් ජීවිතේ ගත කළ අතර ඒ නිසාම මත්පැන්වලට ලොල් වූ බවක් කියැවිණි.
 
මේ අතර ඇය පිළිබඳ විවිධ කටකතා පැතිරුණු අතර එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ සැමියා ඇයගෙන් දික්කසාද වීමය.
 
මෙම සිදුවීමෙන් පසු ඇයගේ මුළු ජීවිතයම කඩාවැටුණු බවට වූ කතා බොහෝය. ඇය දැඩි මානසික ආතතියට පත්වූ අතර ඒ නිසා බොහෝ විට හුදකලා වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ තව තවත් ඇය මත්පැන්වලට ඇබ්බැහි වීමය. එහි ප්‍රතිඵලය වූයේ ඇය ඉතා අඩු වයසින් මරණයට පත්වීමය.
 
ඇය බොහෝ කෙළිදෙලෙන් ජීවිතය ගත කරන්නට හුරු වූ නිළියක වූ නිසා ජීවිතයේ දරුණු මානසික ඇදවැටීම් දරාගත නොහැකි වූවාය. බිලියඩ් ක්‍රීඩාවට, ගොල්ෆ් ක්‍රීඩාවට වඩාත් ප්‍රිය කළ ඇය දුර ගමන් ගොස් විනෝද චවන්නට අතිශයින් ප්‍රිය කළාය.
 
ඇයගේ මවුපියන් ඇය කරගත් විවාහයට තදින් විරුද්ධ වීම නිසාද යම්තාක් දුරට ඇය ජීවිතයේ තනි වූ බවක් පළ කළාය. පුදුමයක තරම නම් ඇය කොතෙක් ජනප්‍රිය වුවද මේ අකල් මරණය පිළිබඳ කිසිවක් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත්වල පළ වුණේ නැත. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පමණක් මරණ දැන්වීම් තීරයේ මරණය ගැන ප්‍රවෘත්තියක් පළ විය.
 
අවසන් කටයුතු කෙරෙන මොහොතේ ඇගේ පවුලේ කිසිවකුත්, හිතවතුන් කිසිවකුත් සිටියේ නොමැත.

මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  214 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,052 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,060 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,056 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top