Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
"මගේ දුව හුස්ම ගන්නවා. අර බලන්න. අනේ දුවේ කට ඔහෝම තියාගන්න එපා. හිනාවෙන්නකෝ!" - අසර්බයිජාන්හීදි ජීවිතය අහිමි වූ කඩුවෙල මධුහංසිගේ මව හැඬූ කඳුළින් කියූ කතාව - Video & Photos

- "මගේ දුව හුස්ම ගන්නවා. අර බලන්න. අනේ දුවේ කට ඔහෝම තියාගන්න එපා. හිනාවෙන්නකෝ!" - අසර්බයිජාන්හීදි ජීවිතය අහිමි වූ කඩුවෙල මධුහංසිගේ මව හැඬූ කඳුළින් කියූ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,625 Views
"අපේ දුවලා රට ඇරියේ මේ විදියට පිළිගන්නද? මගේ සුරංගනාවියෝ මාව දාලා ගියා.."
"බලන්න මගේ දුව, ඔයා ඔහොම ඉන්නේ නෑ. දඟ කරනවා, හිනා වෙනවා.."
"මගේ දුවට හැමෝම කිව්වෙ රෝස මල කියලා. බලන්න එයා රෝස මලක් නේද?"
 
"මගේ චූටි මැණිකට මොකද මේ වුණේ. ඔයාට මෙහෙම එන්නද දුවේ මම රට ඇරියේ...." කඩුවෙල පහළ බෝමිරියේ දයාකාන්ති මහත්මිය හඬා වැළපෙමින් එසේ කියා සිටියාය.
 
අසර්බයිජාන් රාජ්‍යයේ නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පිටවූ විෂ දුම ආඝ්‍රාණය වීමෙන් මියගිය සිසුවියන්ගේ දේහයන් පෙරේදා (15) රාත්‍රියේ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබිණි. 

කඩුවෙල මධුහංසි ජයකොඩි (25) සිසුවියගේ දේහය එම නිවස වෙත ලැබෙන විට පෙරේදා මධ්‍යම රාත්‍රිය උදාවී තිබිණි.

එම නිවස වටා අතුරු සිදුරු නොමැතිව අති විශාල පිරිසක් රැස්වී සිටියහ.
 
මියගිය හංසිගේ මවගේ විලාපය ප්‍රදේශය පුරා රැව්පිළිරැව් දුන්නේ පැමිණි සියල්ලන්ගේ නෙත් කඳුළින් තෙත් කරමිනි.
 
"මගේ දුව හුස්ම ගන්නවා. අර බලන්න. අනේ දුවේ කට ඔහෝම තියාගන්න එපා. හිනාවෙන්නකෝ! ඔයා ඔහොම ඉන්නේ නෑ. දඟ කරනවා, හිනා වෙනවා.." ඇය වැළපෙමින් එසේ පවසයි.
 
"මගේ දුවට හැමෝම කිව්වෙ රෝස මල කියලා. අනේ බලන්න එයා රෝස මලක් නේද?" ඒ අම්මා කියන පරිදිම ඇය රෝස මලක් මෙන් සුන්දරය. ලස්සනට පිපී දසත සුවඳ විහිදුවා ඉක්මණින්ම පෙති සැලී මිලින වන්නට තරම් ඇගේ දෛවය අකාරුණික විය.
 
ඇන්ටනී ජයකොඩි මහතාටත් උහන් ඕවිටගේ දයාකාන්ති මහත්මියටත් දියණියක් අහිමි විය. මධුසංඛ ජයකොඩි මහතාට සිටි එකම සොයුරිය අහිමි විය.
 
අසල්වාසීන් පමණක් නොව ගම් සියල්ලේම ජනතාව මෙම නිවසට පා නගන්නේ කම්මුලේ අත රුවාගෙන කඳුළු පිරි දෑසිනි. සියල්ල අනිත්‍ය බව පසක් කරමින් ලබන සෙනසුරාදා ඉහළ බෝමිරිය පොදු සුසාන භූමියේදී අමෝද්‍යා අවසන් ගමන් යයි.
 
පිළියන්දල බෝකුන්දර හංදියේ සිට මහවත්ත ප්‍රදේශයට එක් බස් නැවතුමක දුරකි. අපි එහි යන විටත් අධික ජනකායක් ප්‍රදේශය පුරාම රැස්වී සිටියහ. මෙතරම් පිරිසක් රැස්ව සිටියේ පසුගියදා අසර්බයිජානයේ මහල් නිවාස තුළ ගින්නට හසුවී මියගිය අක්කයි නංගියි ශෝකයෙන් පිළිගැනීමටය. ඔවුන් පට්ටියගේ මල්ෂා සන්දීපනී (23) සහ පට්ටියගේ තාරුකී අමායා (21) දෙසොහොයුරියන්ය.
 
මල්ෂා සංදීපනී සහ තාරුකී අමායාගේ නිසල දේහ රැගත් වාහන රථ පෙළ කුඩා අතුරු පාර ඔස්සේ මහවත්ත දෙසට සෙමින් සෙමින් ඇදී යද්දී තම දරුවන් පිළිගැනීමට දීපා නිල්මිණී සහ නිශාන් සංජීව දෙමාපිය යුවළ නිවස ඉදිරිපස නෙත් දල්වා ගෙන සිටියහ.
 
දියණියන්ගේ සිරුරු සහිත පෙට්ටිය විවෘත කිරීමත් සමගම ඔවුන්ගේ පියා සිහිසුන්ව බිම පතිත වූ අතර මවද සිහිමුර්ජා විය.
 
"අපේ දුවලා රට ඇරියේ මේ විදියට පිළිගන්නද? මගේ සුරංගනාවියෝ මාව දාලා ගියා.." ඒ පියාගේ සිහින් කෙඳිරිලි හඬයි. මිතුරු මිතුරියන්ගේ විලාපයද සමග මහා වැළපීමක් හැර කිසිවක් එහි තිබුණේ නැත.
 
ආසියානු මහද්වීපයට අයත් ඉරානයට ආසන්නව පිහිටි අසර්බයිජාන් රාජ්‍යයේ බකූ අගනුවර මහල් නිවාසයක නවාතැන් ගෙන සිටි මෙම සිසුවියන් තිදෙනා අනතුර සිදුවන අවස්ථාවේ කාමරය වසාගෙන සිට ඇත.
 
මෙම සිසුවියන්ට නේවාසිකාගාරය තුළ ඇතිවූ ගින්නේ විෂ වායුව දරාගත නොහැකි වී සිහිසුන්වී අනතුරුව මියගොස් ඇති බව පැවසේ.
 
මෙම අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූ බෝකුන්දර පිළියන්දල එකම පවුලේ සහෝදරියන් පසුගිය වසරේ ජූලි මස 16 වැනි දින අසර්බයිජාන් රට වෙත ගොස් ඇත. එරට විශ්වවිද්‍යාලයක වැඩිමහල් සොයුරිය තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවක්ද, බාල සොයුරිය විලාසිතා නිර්මාණ කරන පාඨමාලාවක්ද හදාරා ඇත.
 
අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත්‍ර යවා කොළඹ පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් මෙම සිසුවියන් විදේශගතවී ඇත. මල්ෂා සහ තාරුකී දෙසොහොයුරියෝ අද (17) තුම්බෝවිල සුසාන භූමියේදී අවසන් ගමන් යති.

දිවයින




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  158 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  686 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,065 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,381 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  294 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,816 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,930 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,789 Downloads



Top 10 Commenters

Latest Comments

Top