Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
17
"මට දුසිම් ගණන් පෙම්වතුන් සිටියත් කවදාවත් මනාලියක් වෙන්න බැරි වුණා.." - සියවසේ විලාසිතා රැජන වූ අනාථ කෙල්ල - Photos

- "මට දුසිම් ගණන් පෙම්වතුන් සිටියත් කවදාවත් මනාලියක් වෙන්න බැරි වුණා.." - සියවසේ විලාසිතා රැජන වූ අනාථ කෙල්ල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views
එය විසිවන සියවසේ එළිපත්තයි. මධ්‍යම ප්‍රංශයේ Aubazineහි කතෝලික තාපසාරාමයක අනත්දරු නිවෙස්නය බාරයේ සිටි සුන්දර එමෙන්ම අත්කම් සහ ගෙත්තම් සඳහා ශූර තරුණියකි. Gabrielle නම් වූ ඇය, නෛතික නොවන පවුලක දියණියක වුවද පියා සතු වූ ‘Chanel’ නම් පෙලපත් නාමය ඇයගේ Gabrielle යන නමට පිටුපසින් භාවිත කළාය.

ඇඳුම් සෝදන්නියක වූ ඇයගේ මව ඇයට අහිමි වූයේ වයස අවරුදු හය සපිරෙන විටදීමය. Gabrielle ඉන්පසු වසර ගණනාවක්ම තම දෑස මත කඳුළු තවරා දිවි ගෙවූ අතර පසුව ඉහත සඳහන් අනාථ නිවාසය වෙත ඇයව බාර දෙනු ලැබූයේද ඇයගේ ආදරණීය පියා විසින්මය.

Aubazineහිදී සන්සුන් ආගමානුකූල දිවියක් ගෙවූ ඇයට බයිබලයට අමතරව තව බොහෝ දේ දැනුම පිණිස ලැබුණි. එමෙන්ම තමන් සතු මැහුම් ගෙතුම් පිළිබඳ සහජ හැකියාව පිළිබඳව ඇය මහත් ඇල්මක්ද දැක්වූවාය. ඉඩක් ලද හැම අවස්ථාවේදීම ඇයගේ ඇඟිලි තුඩු මත ඇය රැඳවා ගනු ලැබූයේ ඉඳිකටුවකි. අතැඟිලි අතර සිරකරගෙන සිටි ඒ සිහින් ඉඳිකටු තුඩින් ඇය ගෙත්තම් කළේ ඇයගේ අනාගතය බව Gabrielle කිසිදු විටකදී දැන සිටියේ නැත.

වසර කිහිපයක ඇවෑමෙන් ඇය තාපසරාමයෙන් පිටවී ගියේ සාර සොබාවට වැඩුණු යෞවනියක ලෙසිනි. ඉන්පසු කෙටි කාලයක් ප්‍රාදේශීය මැහුම් හලක සේවය කර, අනතුරුව හමුදා නිලධාරීන් හා සොල්දාදුවන් නිතරම ගැවසෙන කැබරේ ශාලා හා අවන්හල්හි ගී ගයන්නියක බවට පත් වුවාය. තරුණ Gabrielle Chanel හට මෙහිදී සිදුවූ එක් සුවිශේෂී දෙයක් වුයේ ඇය විසින් නිරන්තරයෙන් ගායනා කළ කොකෝ රිකෝ ගීතය නිසා [Coco Rico] සොල්දාදුවන් හා අනෙකුත් ප්‍රේක්ෂකයන් ඇයව ‘කොකෝ’ නමින් හැඳින්වීමයි. මෙතැන් සිට Gabrielle, Coco Chanel නම් විය. තම රුව හා කටහඬ උපයෝගී කරමින් වෙහෙසී තරමකට මුදල් සෙවීමටද කොකෝට මේ සමඟින් හැකියාවක් ලැබුණි.

Etienne Balsan, හමුදා සේවයෙන් ඉවත් වූ කඩවසම් අශ්වාරෝහක නිලධාරියෙකි. විවාහකයෙක් වූ ඔහු මුලින්ම පැරීසියේ තමාගේම රෙදිපිළි ව්‍යාපාරයක නිරතව සිටියේය. එයින් ලද පන්නරයත් සමඟම පසුව blue horizon සන්නාමය යටතේ ඔහු විසින් තමාගේම ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. ඔහු ශුර ව්‍යාපාරිකයකු වන ලකුණු පෙන්නුම් කළත් ඔහුට සාර්ථකත්වයේ ගිරි මුදුනට යෑමට නොහැකි වූයේ ප්‍රංශ රූමතියන් ඇසුරට ඔහු දැක්වූ දැඩි ලොල් බව නිසාවෙනි. මේ අතර ඔහු මනා ලෙස ජේත්තු වී සිටි ගිම්හානයේ එක්‌ දිනයක ප්‍රථම වරට ඔහුගේ ගේ දෘෂ්ඨිපථය වෙත එවකට විසිතුන් වියැති රූමත් කොකෝ චැනල් ඇතුළු වූවාය. එමෙන්ම නොබෝ දිනකින් ඇය සිහින් උඩු රැවුලකින් යුතු කඩවසම් බල්සාන්ගේ අනියම් බිරිඳ බවට පත්වී ඔහු සමඟම වාසය කිරීම ඇරඹූ අතර අතිසුඛෝපභෝගී එමෙන්ම නාස්තිකාර දිවියක් මෙම යුවළ එකතුවෙන් වසර තුනක් පුරා ගෙවා දැමුහ. නමුත් මේ අනියම් සහවාසය තුළ සිදුවූ ධනාත්මක දෙය නම් ඇය නැවත වරක් ගෙත්තම් හා ඇඳුම් නිර්මාණය සඳහාද උනන්දු වීමයි. ඇය වඩාත් විධිමත් ලෙසින් ඉඳිකටු තුඩු හා හරඹ කිරීම කරනු ලැබුවාය. විසි හය වියැති හැඩකාර කොකෝගේ දිවියේ ඉරණම්කාර සහකරුවා මුණ ගැසෙන්නේ මේ කාලය තුළදීය. ඒ බල්සාන්ගේම මිතුරකු වන Arthur Boy Capel නම් ඉංග්‍රීසි ජාතික වංශවත් Polo ක්‍රීඩකයාය. Balsanගේ නිවසෙහි පැවැති පෞද්ගලික සාදයකදී ඔවුන් දෙදෙනාගේ පළමු හමුව සිදු විය. එදින ආගන්තුක Boy Capel සමඟ ඇය, ‘Reeda Jonson’ ගයන සුපතල "My sweet mystery of love" ගීතයට ආලිංගන නැටුමක යෙදුණාය.

Boy Capel පොලෝ ක්‍රීඩාවට පමණක් නොව, කාන්තාවන් අතර මනා ලෙස හැසිරීමේ දක්ෂතාවයෙන් යුතුවූ තරුණයෙකි.

"Coco ඔයාගේ පෙනුම වගේම ඔයත් අනර්ඝයි "

අවට සැමටම හොරෙන් Capel ඇයගේ කන්පෙති මත රස වදන් කිහිපයක් ඇතුරුවේය. Coco කිසිත් මුවින් නොකියූ නමුත් දෙනෙත්වලින් ඔහුගේ හදවත සමඟ කතා කළාය. ඉතාමත් කෙටි කලක් තුළ ඇය මෙම ප්‍රේමණීය පෝලෝ අසරුවාගේ දඟකාර වෙළඹ බවට පත්වන්නේ කාලය කා දැමූ Balsanගේ සම්බන්ධයට සමුදෙමිනි.

ඉංග්‍රීසි ජාතික පොලෝ අසරුවාගෙන් ලැබුණු මූල්‍යය අනුග්‍රහය හා උපකාරයෙන් ඇය විසින් තම පළමු ඇඳුම් සාප්පුව, පැරිස් නුවරදී ආරම්භ කරන ලදි. කොකෝ විසින්ම නිර්මාණය කරන ලද ඉතාමත් අලංකාර කාන්තා හිස්වැසුම්, පැරිස් වැසි ජේත්තුකාර කාන්තාවන් අතර වේගයෙන් ප්‍රචලිත වන්නට විය. ඇය තම සියලු වෑයම යොදා මෙම ඇඳුම් සාප්පුවේ දියුණුවට කාලය ගත කළාය. කාලයත් සමඟම ඇයගේ නිමි ඇඳුම් සඳහා හැදෙමින් පවතින වෙළෙඳපොළ ඉවෙන් මෙන් වටහා ගත් කොකෝ තම දෙවැනි හා තුන්වැනි චැනල් සාප්පුද පැරිසියෙන් පිටත නිතරම සංචාරකයන් ගැවසුණු Deauville හා Biarritz නගරවලදී අරඹන ලදි. එහි ව්‍යාපාර කටයුතු හොඳින් සිදුවන කාලයේම ඊට සමගාමීව Coco, Capel සමඟ පෞද්ගලික දිවිය තුළ ගැටුම් ඇතිකර ගත්තීය. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ තම සහකරු Boy Capel, කොකෝගේ ඇසුර පවත්වාගෙන යන අතරම බ්‍රිතාන්‍ය ආර්යාවක් තම නිත්‍යනුකූල භාර්යාව කර ගැනීමයි. තමා වඩාත්ම ආදරය කළ මිනිසාද තමාව අනියම් බිරියක් බවට පත් කිරීමත් සමඟම ඇය මහත් සන්තාපයට පත් වූවාය.

මේ සමඟින් ආරම්භ වෙන්නේ දිවි මඟෙහි තුන්වන දශකයට ගමන් කරමින් සිටි කොකෝගේ රත්තරන් යුගයයි. ඇය තම ව්‍යාපාරයේ නව අත්හදාබැලීම් කිහිපයක් සාර්ථකව සිදු කළාය. එමෙන්ම කොකෝ ලබා දුන් උත්තේජනය මතින් සියලු දෙනාම තමන්ගේ ගත සරසන ඇඳුම් පැළදුම් සඳහා වැඩිපුර මුදලක් වැය කිරීමට ඇබ්බැහි වූහ. ප්‍රංශ, බ්‍රිතාන්‍ය හා යුරෝපීය කාන්තාවෝ එතෙක් පැවැති පහසු නොවූ බරැති ඇඟලුම් වෙනුවට කොකෝගේ එම නව සරල, සැහැල්ලු විලාසිතා මහත්සේ ප්‍රිය කළහ. සරල ගෙතුමින් යුතු වූ ඇඟලුම් [Simple Kints], පොලෝ කොලරය සහිත කමිස, කෘත්‍රිම කොරල් හා මුතු ආභරණ විලාසිතා [faux Coral & Pearls] මෙන්ම කළු පැහැ ගවුම්ද [Little Black dresses] ලොවට හඳුන්වා දුන්නේ ඇයයි. එමෙන්ම ගොතන ලද රෙදි යොදා ගනිමින් කාන්තා යට ඇඳුම් හා ක්‍රීඩා ඇඟලුම් [women Under Garment & Sport wear] මෙන්ම සම්මත වර්ණ වෙනුවට එතෙක් භාවිතයට නොගත් වර්ණ හා අමුද්‍රව්‍යය යොදා ගනිමින් නව හැඩතල මැවීමට කොකෝට හැකි විය. මේ නිසා ඇයට පුළුල්, බරැති පාරිභෝගික ගොනුවක හිමිකාරිය වීමට හැකිවිය.

"සුඛෝපභෝගී යනු සුව පහසුවයි. නැතිනම් එය සුඛෝපභෝගී නොවේ." ["Luxury must be comfortable, otherwise it is not luxury.] යනුවෙන් කොකෝ වරක් පැවසුවාය. එකල යුරෝපීය කුමාරිකාවන් හා ආදිපාදවරියන් පවා අතිශය සරල පහසු ඇඳුම් හා පළඳනා පරිභෝජනයට යොමු කිරීමට ඇයට හැකි වන්නේ මේ තත්ත්‍වය තුළය.

එක්දහස් නවසිය විසි දෙක වර්ෂය කොකෝ චැනල් මෝස්‌තර නිර්මාණකරණයෙන් ඔබ්බට පියවර තැබූ වසරයි. ඇය ස්වාභාවික සුවඳ සාරයන් හා අනෙකුත් රසායනයන් සංයෝගයෙන් පළමුවරට සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දුන්නාය. ඒ එදා සිට අද දක්වාම ලොවම සුවඳ කරනා අතිශය සුඛෝපභෝගී විලවුන් වර්ගයක් වන චැනල් 5ය. [Chanel 05]. එය විලවුන් උල්පත් ඇති පැරිසියේ කොකෝ චැනල් නාමය මුද්‍රා තැබූ අවස්ථාවකි. ඒ සමඟින්ම ඇය කාන්තාවන්ගේ දිවිය සුවඳ විලවුන්වලින් මිදී යා නොහැකි ලෙසට බද්ධ කළාය.
තම නිර්මාණශීලී බව, ව්‍යාපාරික ඉව හා කළමනාකරණය මෙන්ම ඇය විසින් මැනවින් පවත්වාගෙන යන ලද පෞරුෂය ආදී කරුණු කාරණා හේතුවෙන් විස්සේ දශකයේ අග වන විටදී යුරෝපයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන්ගේ යම් ඉඩක් නිරන්තරයෙන්ම කොකෝ චැනල් වෙත වෙන්වී තිබුණි. එම ඉඩ ප්‍රමාණය තව දුරටත් නිරයාසයෙන්ම පුළුල් වූයේ ඇයට රහස් වූ නමුත් ලොවට එසේ නොවූ කොකොගේ ආදර සම්බන්ධතා හා මිත්‍ර සමාගම් නිසාවෙනි.

Gabrielle Coco Chanel පෙම්වතියක බවට වාර දුසිම් ගණනකදී පත් වුවද ඇයට කෙදිනකවත් මනාලියක් හෝ මවක් වීමට නොහැකි විය. කාන්තාවක් ලැබිය යුතුම උසස්ම තනතුරු ද්වය වන මෙම පදවි ඇය වෙත නොදීමට දෙවියන් තීරණය කළේ මන්ද යන්න කිසිවකුට සිතාගත නොහැක. මේ අතර බියකරු හඬ නංවමින් ගගන යාත්‍රා අහස අරක් ගත්තේ වේගයෙන් ගෙවී යන කාලය නැවතත් ලෝක සංග්‍රාමයකට මුලපුරන බව ඉඟි කරමිනි. යුද්ධයේ අඳුරු සෙවනැලි ප්‍රංශය මතටද වැටුණු අතර සියල්ලෝම තම ව්‍යාපාර හා කටයුතු නවතා භීතියට පත්ව සිටියහ. නොබෝ දිනකින් ඇවිලී ගිය යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස නාසි ජර්මනියේ බාරයට පත් වීමට පැරිසියට සිදු විය. Chanel ව්‍යාපාරයද වසා දමන්නට සිදුවූ අතරම ගණනින් තුන්දහසකට අධික වූ සේවක සේවිකාවන්ට රැකියා අහිමි වී යද්දී Coco Chanel පැරිස්හි Ritz හෝටලයට වී පුරුදු ලෙසම අධි සුඛෝපභෝගී ලෙස කාලය ගත කළාය. නාසි හා අක්ෂ බලවතුන්ගේ පිලට පරාජය ගෙනදෙමින් නිවී ගිය යුද දුම පහවූ වහාම පැරිසිය හැරදා ඇය ස්විට්සර්ලන්තය වෙත ගියාය. මේ වන විට විලාසිතා නිර්මාණයේ කොකොගේ තැන ‘Christian dior’ විසින් හිමිකරගෙන තිබුණි. පසු කලෙක Chanel විලාසිතා ආයතනය සමඟ ඇය නැවත කරළියට පැමිණියත් පෙර පැවැති සාර්ථකත්වයට ළඟා වීමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. නමුත් කොකෝ ඒ වන විටත් ලොව සියලුම මෝස්‌තර නිරූපිකාවන්, ප්‍රධානතම නිළියන් ආදී සියලු දෙනාට මෝස්තර නිර්මාණය කර තිබිණි.

ප්‍රංශයේ Saumur හිදී ජන්මය ලද දින සිට මිය යන තෙක් ඇය වසර අසූ හතක් දිවි ගෙවූ අතර ඉන් වසර හැටකට අධික කාලයක් පැරිසියේ සිට ලොවම විශ්මයට පත් කළාය. නමුත් 1971 වසරේදී Coco Chanel ලොවෙන් සමුගෙන ගියේ තම දිවියෙහි අතිශය හුදෙකලා අවසන් වසර කිහිපයක් ගෙවා දැමීමෙන් අනතුරුවයි.

ඒ කෙසේ වුවත් නිසැකවම ඇය සියවසේ විලාසිතා රැජින මෙන්ම යුරෝපීය කාන්තාවන්ගේ ප්‍රතිරූපය හා පෞරුෂයයි.

රැස




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top