Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
රන්ජන් සමඟ දුරකථන සංවාදයක නිරත වූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි - ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ - පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග - Video

- රන්ජන් සමඟ දුරකථන සංවාදයක නිරත වූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි - ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ - පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,241 Views
රන්ජන් රාමනායක මේ වනවිට මැගසින් බන්ධනාගාරයේ සී - වාට්ටුවේ...
හඬ පට විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක්..
සුවදුක් බැලීම සඳහා පැමිණි UNP මන්ත්‍රීවරුන් මාධ්‍යයට කියපු දේ..

ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

එම වගන්ති අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමේදී මෙන්ම ඉවත් කිරීමේදී ද, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.

මේ අතර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.

අද දිනයේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, විනිසුරුවරුන් කිහිපදෙනෙකු හා පැවැත්වූ හඬ පට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමෙන් අනතුරුව ජනමාධ්‍ය නාලිකා ඔස්සේ ද එය විකාශය කරනු ලැබුවා.

ඒ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා පැවැත්වූ හඬ පට කිහිපයක් ඇතුළත්. ඊට අමතරව, හිටපු කඩුවෙල මහේස්ත්‍රාත් මෙන්ම, වත්මන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අතර පැවැත්වූ වීඩියෝ පටයක් ද ඇතුළත් වනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරුන් හා පැවැත්වූ මෙම සංවාද සම්බන්ධයෙන් අදාළ විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අද දැනුම්දී ඇත්තේ.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත් කර ඇති අතර, මේ වනවිටත් ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇති.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ වනවිට මැගසින් බන්ධනාගාරයේ සී - වාට්ටුවේ රඳවා සිටිනවා.

බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගත කරන සැකකරුවන් රඳවා තබන සාමාන්‍ය වාට්ටුවක මන්ත්‍රීවරයා රඳවා තබා ඇති බවයි.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අද බන්ධනාගාරයට පැමිණියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  209 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,038 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,031 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top